මීට වසර දහයකට පෙර ඇමරිකාවේ NASA අායතනය මගින් අභ්‍යවකාශ ගත කල ජූනෝ යානය මේ වන විට බ්‍රහස්පති වටා කක්ෂ ගතවී බ්‍රහස්පති සහ එහි උපග්‍රහයන් පිළිබඳව වැදගත් තොරතුරු පෘථිවිය වෙත ලබාදෙමින් සිටිනවා. ඒ අනුව මෑතකදී එම යානය මඟින් බ්‍රහස්පති ග්‍රහලෝකයේ විශාලතම උප ග්‍රහයා වන ගැනිමීඩ් ගේ අධොර්ක්ත ඡායාරූප ලබාගැනීමට සමත්ව තිබෙනවා.