අප හට වැළඳෙන රෝගාබාධ අතුරින් බොහොමයක් බෝ වන රෝගයන්ය. එනම් මෙම රෝග කිසියම් රෝග කාරකයෙක් නිසා හටගන්නා ඒවා වේ. මෙම රෝග කාරකයන් වෛරස, බැක්ටීරියා, දිලීර හෝ ඒකසෛලික කාදී නොයෙකුත් ජීවී ඛාණ්ඩයන්ට අයත් විය හැක. වර්ථමානයේ මුළු ලොවම මුහුණ දී ඇති කොවිඩ් 19 වසංගතයද කොරෝනා වෛරස ඛාණ්ඩයට අයත් රෝග කාරක වෛරසයක්Continue Reading

Face Mask

COVID-19 අවදානමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවී විද්‍යා සංගමයේ වත්මන් සභාපති මහාචාර්ය වසන්ති තෙවනේසම් මහත්මිය විසින් සම්පාදනය කරනු ලබන මෙම ලිපිය මඟින් මෙම මුහුණු ආවරණ ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වැදගත් වන කරුණු කිහිපයක් සාකච්ඡා කෙරේ.

කොවිඩ් 19

මේ වන විට කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් වැඩියෙන්ම බැට කරන රාජ්‍යය බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව තුල මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ 9 කට ආසන්න ප්‍රමාණයක් වාර්ථාවී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව පනස්දහසකට වැඩියි. මේ හේතුව නිසාම ඇමරිකාව තුල දැඩි අර්බුධ රැසක් පැණ නැඟී ඇති අතර, ඇමරිකානු ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බව වාර්ථා වනවා.

කොවිඩ් 19 යනු වෛරසයක් නිසා හට ගන්නා රෝග තත්ත්වයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය SARS-CoV-2 ලෙස නම් කරනු ලබනවා. මෙම වෛරසය සිය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස තනි දාම RNA අණුවක් දරණ අතර මේ නිසා මෙය RNA වෛරස ඛාණ්ඩයට අයත් වනවා. ‍වෛරසයක් යනු ඉතාම කුඩා අංශුවක් වන අතර මෙය නිරීක්ෂණය කළ හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයකින්ම පමණි. මේ හේතුව නිසාම වෛරස රෝගී තත්ත්වයන් නිෂ්චය කිරීම තරමක් භාරදූර කාර්යයක් වන අතර බොහෝවිට ඒ සඳහා වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය අණුක ජීව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනු ලබනවා. මෙම ලිපිය මඟින් දැනට මෙම කොවිඩ් 19 ආසාදිතයෙක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමක් සිදු කිරීමට කරනු ලබනවා.

Novel Corona Virus

මේ දිනවල ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විද්‍යා ක්ෂේත්‍රයේත් ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර බහුලව කතා වන මාතෘකාවක් තමයි නව කොරෝනා වෛරසය කියලා කියන්නේ. චීනයේ වුහාන් නගරයේ එක් සත්ත්ව වෙළඳසලක් ආශ්‍රිතව හට ගත්තා යැයි කියන මෙම වෛරසය මේ වනකොටත් මුළු ලෝකය පුරා පැතිරීමේ අවදානමකට ලක්වී තිබෙනවා.