ශ‍්‍රී ලංකාවේ මුලික කොවිඩ් එන්නත් කිරීමේ ඉලක්ක ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින හෙයින්, එහි ඊළඟ පියවර ලෙස පාසල් දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීම කෙරෙහි අවධානය මේ වන විට යොමු වී තිබේ. බොහෝවිට ඉදිරි මාසය තුල පාසැල් ලමුන එන්නත්කරණය ආරම්භකිරීමේ හැකියාවක් පවතින බව පසුගියදා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව දැනට දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා ඇති රජයේ සහ පුද්ගලික පාසැල් නැවත ආරම්භ කල හැකි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පල කරනවා. මෙම ලිපියෙන් අපි උත්සාහ කරන්නේ පාසල් යන වයසේ දරුවන්ට කොවිඩ් -19 එන්නත ලබා දීම ආරම්භ කර ඇති වෙනත් රටවල් කිහිපයක් ගැන සොයා බැලීමටයි.