Greta

ලෝකයේ රටවල් 60 ක් නියෝජනය කරමින් එම රටවල නායකයින් සහ තවත් ඉහලපෙලේ නියෝජිතයන් සිය රටවල් මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යාමනය කිරීම සඳහා සිය රටවල් වලින් සැපයීමට බලාපොරොත්තු වන දායකත්වයන් සමුළුවට ඉදිරිපත් කරනු ලැබූවා. ‍මෙම සමුළුව අතරතුර මුළු ලෝකයේම අවධානය එක් කතාවක් වෙත යොමුවුනා. ඒ ලෝක නායකයෙකුගේ කතාවක් නම් නෙමෙයි. අවුරුදු දහසයක පුංචි ස්විස් ජාතික දේශගුණික ක්‍රියාකාරිණියක තමයි මේ කතාව පැවැත්වූවේ.

BT Corn

ජාන විකරණය කළ බෝග කෙරෙහි ලොව පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතරත් ඇත්තේ යම් සැක බිය මුසු හැඟීමක්. නමුත් මෑතකදී එළිදැක්වුනු පර්යේෂණ පත්‍රිකාවකින් කියවුනේ ජාන විකරණය කල බෝග පාරිසරික වශයෙනුත් ආර්ථික වශයෙනුත් හිතකර බවයි. වසර 21 ක් පුරා ස්පාඥ්ඥයේ සහ පෘතුගාලයේ සිදුකල බඩ ඉරිඟු වගාවන් ආශ්‍රිත දත්ත විශ්ලේෂණයන් ඇසුරිනුයි මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබුනේ.

Air Pollution

සෑම වසරකම ජූනි මාසය පරිසර හිතකාමී ලෝවැසියන්ට ඉතා වැදගත් මාසයක් වන්නේ පරිසරය වෙනුවෙන් වෙන් වූ විෂේශිත අන්තරජාතික දින දෙකක්ම මේ මාසයේ මුල් සතියේම යෙදී තිබීමයි. ඒ ලෝක පරිසර දිනය (ජූනි 4 වනදා) සහ ලෝක සමුදුරු දිනය ( ජූනි 8 වනදා) යන අන්තර්ජාතික දිනයන් දෙකයි.

Cube Sat LAunch

මීට දින කිහිපයකට ඉහත ශ්‍රි ලංකාවේ මාධ්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකාවේ නාමය යටතේ අභ්‍යවකාශ ගතකිරීමට නියමිත චන්ද්‍රිකාවක් ගැන වාර්ථා කලා. දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන ශ්‍රී ලාංකික පර්යේෂකයින් දෙදෙනා මේ චන්ද්‍රිකාව ආශ්‍රිත වැඩකටයුුතු වල යෙදී සිටින්නේ ජපානයේ ක්‍යුෂු සරසවියේ සිටයි. මොවුන් නිපදවන මෙම චන්ද්‍රිකාව වර්ෂ 2020 දී අන්තර්ජාතිකContinue Reading

රෑ අහස

මේ දවස්වල උදෑසන අවදිවන ඔබට නැගෙනහිර අහසේ දක්නට ලැබෙන දීප්තිමත් තාරුකාවන් මඟහැරෙන්නට විදිහක් නැහැ. ඇත්තටම මේ නැගෙනහිර අහසේ මේදිනවල වඩාත් දීප්තිමත්ව දකින්නට ලැබෙන්නේ තාරුකාවන් නොව බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහලෝක දෙකයි. උදෑසන 5 පමණ වනවිට මේ ග්‍රහලෝක දෙක ඉතා දීප්තිමත්ව නැගෙනහිර අහසේ මඳක් ඉහලට වෙන්නට පිහිටා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙමContinue Reading

Earth Star

පහතින් දැක්වෙන්නේ එක්තරා මාධ්‍යනාළිකාවක් විසින් පසුගියදා විකාශණය කරන ලද ප්‍රවෘතියක්. මෙයින් කියවුනේ වැල්ලවාය ප්‍රදේශයේ එක්තරා බෝධියක් ආශ්‍රිතව නෙළුම් මල් හැඩැති මල් විශේෂයක් හටගෙන ඇති ආකාරයයි.  ප්‍රදේශයේ මෙම සිද්ධිය සැලවීමත් සමඟම විශාල පිරිසක් මෙය දැක බලාගැනීමට පැමිණෙන බවත් එම ප්‍රවෘතියේ දක්නට ලැබුනා. අදාල වීඩියෝවට අනුව මෙම “මල්“ විශේෂය අන් කිසිවක් නොවContinue Reading

Dr. Asha

BBC ආයතනය මගින් සෑම වසරකදීම අවසානයේ එම වසර තුලදී ලොව පුරා නොයෙකුත් ආකාරයෙන් ජනතාව අතරට සමීප වූ සහ ලෝකයට ආදර්ශයන් සැපයූ කාන්තාවන් සියයක් නම් කරනු ලබනවා. මීට පැය කිහිපයකට පෙර එම ආයතනය මගින් 2018 වසර සඳහා ඔවුන් තෝරා ගත් කාන්තාවන් සියය එළි දැක්වූවා. එම නම් අතර පිට පිට දෙවන වසරටත්Continue Reading

Colombo Air Pollution

ඉහත සිතියමෙන් දැක්වෙන්නේ අද උදෑසන (2018 නොවැම්බර් 15 දින) කොළඹ නගරයත් කලාපයේ අනෙකුත් නගර වලත් වායු තත්ත්ව දර්ශක අගයයන් http://aqicn.org වෙබ් අඩවිය මගින් දක්වා තිබූ ආකාරයයි. මෙම අගයයන් ඒ ඒ නගර වල පිහිටුවා ඇති වායු තත්ත්ව ගනනය කරන මධ්‍යස්ථාන වලින් එවේලේම ලබා ගන්නා දත්ත ඇසුරින් ගනනය කරනු ලබනවා. ශ්‍රී ලංකාවේContinue Reading

ලෝක විද්‍යා දිනය

වර්ෂ 2001 දී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කල පරිදි සෑම වසරකම නොවැම්බර් 10 වන දා සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ලොව පුරා සැමරෙනවා. මෙම ලෝක විද්‍යා දිනය හරහා ලෝකයේ වැදගත් විද්‍යාත්මක කරුණු කාරණා පිළිබඳ ලෝ වැසියන්ගේ අවධානය යොමුකිරීමත් මෙම විවිධ අංශ පිළිබඳව ජනතාව තුල සංවාදයක් ඇතිකිරීමටත් යුනෙස්කෝContinue Reading