චීනය කේන්ද්‍ර කරගත් සංවිධානයක් වන futurescienceprice.org සංවිධානය මගින් 2021 වර්ෂය සඳහා වූ ජෛව විද්‍යා අංශයේ ත්‍යාගලාභියා ලෙස ලෝක ප්‍රකට වයිරස විද්‍යා විශේෂඥ මහාචාර්ය මලික් පීරිස්ගේ නම නිවෙදනය කර තිබෙනවා.

sn2020

පාසැල් සිසුවාගේ සිට විශ්ව විද්‍යාල ආචාර්ය වරයා දක්වාත්, ජල නල කාරමිකයාගේ සිට වෛද්‍යවරයා දක්වාත් ආදී සමාජයේ නොයෙකුත් ක්ෂේත්‍රයන් නොයෙකුත් සමාජයීය ස්ථරයන් නියෝජනය කරමින් එළි දැක්වුනු නව නිර්මාණ බොහොමයක් මේ දිනවල මුලු රටේම අවධානයට පාත්‍ර වූ අවස්ථා බහුලව දැකිය හැකි විය.

Face Mask

COVID-19 අවදානමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවී විද්‍යා සංගමයේ වත්මන් සභාපති මහාචාර්ය වසන්ති තෙවනේසම් මහත්මිය විසින් සම්පාදනය කරනු ලබන මෙම ලිපිය මඟින් මෙම මුහුණු ආවරණ ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වැදගත් වන කරුණු කිහිපයක් සාකච්ඡා කෙරේ.

vaccine

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් නිපදවන ලද කොවිඩ් 19 රෝග කාරක වෛරසයට එරෙහි ප්‍රත්ශක්තිකරණ එන්නතක් සායනික පරීක්ෂාව සඳහා යොමු කරන ලද බව එම සරසවියේ වෙබ් අඩවිය අද වාර්තා කරනු ලැබුවා.

කොවිඩ් 19

මේ වන විට කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් වැඩියෙන්ම බැට කරන රාජ්‍යය බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව තුල මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ 9 කට ආසන්න ප්‍රමාණයක් වාර්ථාවී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව පනස්දහසකට වැඩියි. මේ හේතුව නිසාම ඇමරිකාව තුල දැඩි අර්බුධ රැසක් පැණ නැඟී ඇති අතර, ඇමරිකානු ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බව වාර්ථා වනවා.

Covid 19 and Inventions

වසර මිලියන ගනනක මානව වර්ගයාගේ පැවැත්ම සලකා බැලූ විට ඔවුන් අද ළඟ කරගෙන ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව ඔවුන් තමන් මුහුණ දෙන දුශ්කරතාවන්ට සාර්ථකව මුහුණ දීම සඳහා උපයෝගී කරගන්නා ක්‍රමවේදයන්ය. මෙම ක්‍රමවේදයන් විවිධ උපක්‍රම, කාර්යයන් පහසු කරගන්නා උපකරණ, රෝග සඳහා ඖෂධ ආදී නොයෙක් ආකාර වලින් හමු විය හැක. සෑම විටම මෙවන් ක්‍රමවේදයක් බිහිවන්නේ මිනිසා යම් දුශ්කරතාවයකට මුහුණ දෙන අවස්ථාවන් වලදීය. ඊට හේතුව ඒ සෑම අවස්ථාවකදීම සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කිරීමට සිදු වීමයි. ‍‍

කොවිඩ් 19 යනු වෛරසයක් නිසා හට ගන්නා රෝග තත්ත්වයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය SARS-CoV-2 ලෙස නම් කරනු ලබනවා. මෙම වෛරසය සිය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස තනි දාම RNA අණුවක් දරණ අතර මේ නිසා මෙය RNA වෛරස ඛාණ්ඩයට අයත් වනවා. ‍වෛරසයක් යනු ඉතාම කුඩා අංශුවක් වන අතර මෙය නිරීක්ෂණය කළ හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයකින්ම පමණි. මේ හේතුව නිසාම වෛරස රෝගී තත්ත්වයන් නිෂ්චය කිරීම තරමක් භාරදූර කාර්යයක් වන අතර බොහෝවිට ඒ සඳහා වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය අණුක ජීව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනු ලබනවා. මෙම ලිපිය මඟින් දැනට මෙම කොවිඩ් 19 ආසාදිතයෙක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමක් සිදු කිරීමට කරනු ලබනවා.

Lunar Eclipse 2020

පසුගිය දෙසැම්බර් 26 වනදා ලංකාවේ සියළු දෙනාම පාහේ අහස දෙස සිය ඇස් යොමු කලේ වසරේ අවසාන සූර්යගහණය නිරීක්ෂණය කිරීමේ අරමුණින්. ලංකාව පුරා සෑම ප්‍රෙද්ශයකටම පාහේ මෙම දුර්ලභ සංසිද්ධිය හොඳින් නිරීක්ෂනය කිරීමේ අවස්ථාව හිමිව තිබුණා. මෙම සූර්යග්‍රහණයත් සමගින් අවසන් වූ 2019 වසරෙන පසුව උදාවු 2020 වසරේ මුල් මාසයේදීම තවත් දුර්ලභ සංසිද්ධීයක්Continue Reading

වලයාකාර සූර්යග්‍රහණය

මේ වසරේ යෙදෙන අවසාන සූර්යග්‍රහණය මේ දෙසැම්බර් මස 26 වනදාට සිදුවීමට නියමිතයි. සවුදි අරාබියේ සිට දකුණු ඉන්දියාව හරහා ඉන්දුනීසියාව දක්වා ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් කිහිපයකට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දැකගැනීමේ වාසනාව හිමිවෙනවා. නමුත් ලංකාවේ ත්‍රිකුණාමලය හා ඊට උතුරින් ඇති ප්‍රදේශ වලට පමණයි මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ. ලංකාවේ දකුණු දිග ප්‍රදේශ වලට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වනු ඇති.

15 වන ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟය 23,24 යන දිනයන්හිදී ජපානයේ සගමිහාරා නුවර, කනගාවා හිදී පැවැත්වූ අතර එහිදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා සමත් වී ඇත.