2021 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කෙරේ

මෙම සතියේ, නෝර්වේ සහ ස්වීඩනය පදනම් කරගත් විශේෂ කමිටු මඟින් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය සහ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි 2021 වසර සඳහා වූ නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. ඒ අනුව මෙම ලිපිය මගින් මේ වසරේ විද්‍යාව ආශ්‍රිත අංශයන් හී නොබෙල් ත්‍යාග ලාභීන් හා ඔවුන්ගේ ජයග්‍රාහී පර්යේෂණ පිළිබඳව සාකච්ඡා කෙරේ.

2021 රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය

රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි, 2021 රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජර්මනියේ බෙන්ජමින් ලිස්ට් සහ ඩේවිඩ් මැක්මිලන් යන පර්යේෂකයින් හට පුද කර සිටියා. ඒ අණුක මට්ටමේ නිර්මාණයන් සඳහා භාවිතා කල හැකි නව මෙවලමක් වන අසමමිතික කාබනික උත්ප්‍රේරක සොයාගැනීම සඳහා වූ විශිෂ්ඨ දායකත්වය වෙනුවෙනුයි.

2021 රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනූ බෙන්ජමින් ලිස්ට් සහ ඩේවිඩ් මැක්මිලන් විද්‍යාඥ දෙපල  (Images from www.nobelprize.org/ )

2021 වර්ෂය සඳහා රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීමේදී රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය මෙම සොයා ගැනීමේ වැදගත්කම සිය මාධ්‍ය නිවේදනයේ විස්තර කර සිටියා.

“බොහෝ පර්යේෂණ අංශ සහ කර්මාන්ත රඳා පවතින්නේ ප්‍රත්‍යාස්ථ හා කල් පවත්නා ද්‍රව්‍ය, ශක්තිය ගබඩා කිරීමේ හෝ රෝග වල ප්‍රගතිය වලක්වන රසායනිකයන් තැනීම  වැනි නූතන තාක්ෂණයන්ගේ දියුණුව සහ රසායනඥයින්ගේ හැකියාවමතයි. මෙම ක්‍රියාවලීන් බොහොමයක් සඳහා අවසාන නිෂ්පාදනයේ කොටසක් බවට පත්නොවී රසායනික ප්‍රතික්‍රියා පාලනය කරන සහ වේගවත් කරන ද්‍රව්‍ය වන උත්ප්‍රේරක අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන්, කාර් වල උත්ප්‍රේරක, පිටවන දුමාරයේ ඇති විෂ ද්‍රව්‍ය හානිකර බව අඩු ද්‍රව්‍ය බවට පරිවර්තනය කරනවා. ඒ වගේම අපේ ශරීර වල එන්සයිම ස්වරූපයෙන් දකින්න ලැබෙන උත්ප්‍රේරක දහස් ගණනක් විවිධ වූ ජීව ක්‍රියා රාශියක් සඳහා දායක වෙනවා. “

සාම්ප්‍රදායික ලෝහමය උත්ප්‍රේරකයක් සහ නොබෙල් ත්‍යාග ලාභී ඩේවිඩ් මැක්මිලන් ඉදිරිපත් කල අසමමිතික කාබනික උත්ප්‍රේරකයක ආකෘතීන් දෙකක් (Images from www.nobelprize.org/ )

“උත්ප්‍රේරක රසායන විද්‍යාඥයින් විසින් මූලික මෙවලම් ලෙස භාවිතා කරන අතර මීට පෙර සෛද්ධානිත්ක වශයෙන් අප දැන සිටියේ උත්ප්‍රේරක වර්ග දෙකක් පමණක් ගැන පමණයි, ඒ ලෝහමය උත්ප්‍රේරක සහ ජීවී දෙහ වල හමුවන එන්සයිම යන උත්ප්‍රේරක දෙවර්ගයයි. නමුත් බෙන්ජමින් ලිස්ට් සහ ඩේවිඩ් මැක්මිලන් 2021 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ වර්ශ 2000 දී ඔවුන් දියුණු කළ එකිනෙකාගෙන් ස්වායත්ත නොවන තුන්වන ආකාරයේ උත්ප්‍රේරණයකි සදහායි.  එම උත්ප්‍රේරක වර්ගය අසමමිතික කාබනික උකත්ප්‍රේරක ලෙස හැඳින්වෙන අතර කුඩා කාබනික අණු විශේශයක් ලෙස ඒවා නිර්මාණය වී තිබෙනවා.” එම මාධ් ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් උනා.

2021 භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය

මේ වසරේදී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු අතර බෙදී ගියා. එහිදී ගෝලීය උණුසුම ගැන පුරෝකථනය කිරීම සඳහා වැදගත් වන පෘථිවියේ දේශගුණය ආශ්‍රිත භෞතික ආකෘතීන් නිර්මාණය කිරීම සඳහා වූ දායකත්වය අගයමින් 2021 භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයේ අර්ධයක් පිරිණැමුනේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සියුකුරෝ මනාබේ සහ ජර්මනියේ හැම්බර්ග්හි කාලගුණ විද්‍යා මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ක්ලවුස් හසල්මන් දෙදෙනාටයි. මීට අමතරව ඉතාලියේ රෝමයේ සැපියෙන්සා විශ්ව විද්‍යාලයේ ජෝර්ජියෝ පැරීසි හට ත්‍යාගයේ ඉතිරි අර්ධය හිමි වුනේ ඔහු විසින් පරමාණුක මට්ටමේ සිට ග්‍රහලෝක පරිමාණය දක්වා විවිධ භෞතික පද්ධති වල වෙනස්කම් සහ උච්චාවචනයන් අතර සහ සම්බන්ධතාවන් සොයා ගැනීම සඳහා සිදුකල පර්යේෂණයන් වෙනුවෙනුයි.

සියුකුරෝ මනාබේ, ක්ලවුස් හසල්මන් සහ ජෝර්ජියෝ පැරීසි හට මේ වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි උනා (Images from www.nobelprize.org/ )

ජයග්‍රාහකයින් තිදෙනා නිවේදනය කරමින් රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය ඔවුන්ගේ දායකත්වයේ වැදගත්කම පහත පරිදි ඉස්මතු කර දැක්වීය.

“මානව වර්ගයාට ඉතා වැදගත් එක් සංකීර්ණ පද්ධතියක් ලෙස පෘථිවියේ දේශගුණය හඳුන්වන්න පුළුවන්. සිය දේශගුණික ආකෘතීන් හරහා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන ආකාරය සියුකුරෝ මනාබේ විදහා දැක්වීය. මීට අමතරව 1960 ගණන් වලදී ඔහු පෘථිවියේ දේශගුණය ආශ්‍රිත තවත් විවිධ සංසිද්ධීන් සදහා භෞතික ආකෘතීන් නිර්මාණය කිරීමට දායකත්වය දුන්නේය. දේශගුණය සහ විකිරණ සමතුලිතතාව සහ වාතයේ සිරස් ප්‍රවාහයන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය ගවේෂණය කළ ප්‍රථම පුද්ගලයාද ඔහු විය. වර්තමාන දේශගුණික ආකෘතීන් බොහොමයක් සඳහා ඔහුගේ සොයාගැනීම් පදනම් වී තිබේ.

මනාබේ විසින් ඉදිරිපත් කරන ලද පෘථීවි වායුගෝලයේ උෂ්ණත්ව සංකාමණය වන ආකාරය පිළිබඳව වූ ආතෘතියක්. (Image from www.nobelprize.org/ )

“වසර 10 කට පමණ පසු, ක්ලවුස් හසෙල්මන් කාලගුණය සහ දේශගුණය එකට සම්බන්ධ කරන ආකෘතියක් නිර්මාණය කළ අතර ඒ ඔස්සේ කාලගුණය කෙතරම් අවිනිශ්ච්ත හා ව්‍යාකූල වුවද දේශගුණික ආකෘතීන් වඩාත් විශ්වාසදායක විය හැක්කේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙනු ලැබූවා. මීට අමතරව ඔහු ස්වාභාවික සංසිද්ධි සහ මානව ක්‍රියාකාරකම්  නිසා දේශගුණයේ ඇතිවිය හැකි වෙනස්කම් හඳුනාගැනීම සඳහා ක්‍රමවේදයන්ද සකස් කළේය. වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වන්නේ මිනිසා විසින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීම නිසා බව ඔප්පු කිරීමට ඔහුගේ ක්‍රම උපයෝගී කර ගෙන ඇත. “

“1980 දී පමණ ජෝර්ජියෝ පැරීසි විසින් සංකීර්ණ ද්‍රව්‍ය වල සැඟවුනු රටාවන් සොයා ගන්නා ලදී. සංකීර්ණ පද්ධති න්‍යාය සඳහා ඔහුගේ සොයා ගැනීම් ඉතා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. ඒවායින් පමණක් නොව බොහෝ වෙනස් හා පැහැදිලිවම අහඹු ද්‍රව්‍ය හා ආශ්‍රිත  සංසිද්ධීන් තේරුම් ගැනීමට හා විස්තර කිරීමට හැකි වේ. මෙම සොයාගැනීම් භෞතික විද්‍යාව සදහා පමණක් නොව ගණිතය, ජීව විද්‍යාව, ස්නායු විද්‍යාව සහ machine learning වැනි වෙනත් බොහෝ වෙනස් අංශ වලදීද භාවිතයට ගැනීමට හැකිව තිබේ. “

2021 කායික විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිළිබඳ වගකීම දරන නෝර්වේහි කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් කමිටුව මඟින් පසුගියදා නිවේදනය කල පරිදි, 2021 සඳහා කායික හා වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් කීවේ ඩේවිඩ් ජුලියස් සහ ආර්ඩම් පටපූටියන්  යන විද්‍යාඥයින් දෙපලයි. ඒ ඔවුන් දෙදෙනා විසින් අප සිරුරේ උෂ්ණත්වය සහ ස්පර්ශය සඳහා වන ප්‍රතිග්‍රාහක ක්‍රියාත්මක වන ආකාරය සොයා ගැනීම වෙනුවෙන් සිදුකල පර්යේෂණ උදෙසායි.

ඩේවිඩ් ජුලියස් සහ ආර්ඩම් පටපූටියන් යන විද්‍යාඥයින් දෙපල 2021 වසර සඳහා වන කායික හා වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ගෙන් පිදුම් ලැබූවා. (Image from www.nobelprize.org/ )
උෂ්ණත්වය සහ ස්පර්ශ සංවේදනයන් ලබා ගැනීමේදී අපගේ ස්නායු සෛල සංවේදක වල අයන හුවමාරුව සිදුවන අයුරු ඩේවිඩ් ජුලියස් සහ ආර්ඩම් පටපූටියන් පැහැදිලි කර සිටියා. (Image from www.nobelprize.org/ )

මෙම සම්මානලාභීන් දෙදෙනා උෂ්ණත්වය සහ ස්පර්ශ සංවේදනයන් ලබා ගැනීමේදී අපගේ ස්නායු සෛල සංවේදක ක්‍රියා කරන ආකාරය ගැන පර්යේෂණයන් තුළින් විස්තර කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.