පාසැල් දරුවන් එන්නත්කරණය: ලොව අනිත් රටවලින් උදාහරණ

ශ‍්‍රී ලංකාවේ මුලික කොවිඩ් එන්නත් කිරීමේ ඉලක්ක ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින හෙයින්, එහි ඊළඟ පියවර ලෙස පාසල් දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීම කෙරෙහි අවධානය මේ වන විට යොමු වී තිබේ. බොහෝවිට ඉදිරි මාසය තුල පාසැල් ලමුන එන්නත්කරණය ආරම්භකිරීමේ හැකියාවක් පවතින බව පසුගියදා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව දැනට දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා ඇති රජයේ සහ පුද්ගලික පාසැල් නැවත ආරම්භ කල හැකි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පල කරනවා.  මෙම ලිපියෙන් අපි උත්සාහ කරන්නේ පාසල් යන වයසේ දරුවන්ට කොවිඩ් -19 එන්නත ලබා දීම ආරම්භ කර ඇති වෙනත් රටවල් කිහිපයක් ගැන සොයා බැලීමටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් -19 එන්නත තවමත් සම්පූර්ණයෙන් නිර්දේශ කර නැතත්, අවශ්‍යතා ඇති දරුවන්ට එන්නත ලබා දෙන ලෙස උපදෙස් දී ඇත.

“වැඩිහිටියන් හා සසඳන විට ළමයින්ට සහ නව යොවුන් දරුවන්ට කොවිඩ් වැළඳීමේ සම්භාවිතාව අඩුය, එබැවින් COVID-19 අවදානම වැඩි කණ්ඩායමක කොටසක් නොවන්නේ නම්, දරුවන් හට වැඩිහිටියන්ට හෝ නිධන්ගත රෝගවලින් පෙලෙන්නනට හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින්ට තරම් ප්‍රමුඛතාව ලබාදීම අත්‍යාවශ්‍ය නොවේ “

“COVID-19 ට එරෙහිව දරුවන්ට එන්නත පිළිබඳ නිර්දේශයන් ලබා දීම සඳහා ළමුන් සඳහා එම විවිධ COVID-19 එන්නත් භාවිතය පිළිබඳ වැඩිදුර සාක්ෂි අවශ්‍ය වේ.”

“දැනට ඇති තොරතුරු අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික උපදේශක විශේෂඥ කණ්ඩායම (SAGE) නිගමනය කර ඇත්තේ ෆයිසර්/බයෝන්ටෙක් එන්නත වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා භාවිතා කිරීමට සුදුසු බවයි. මෙහිදී ආරම්භයක් ලෙස අවදානම් සහිත අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින්ට එන්නත ලබා දීම අනෙකුත් ප්‍රමුඛ කණ්ඩායම් සමඟ ආරම්භ කල හැකිය. ළමුන් සඳහා එන්නත් අත්හදා බැලීම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින අතර එම අත්හදා බැලීම් වල ප්‍රතිඵල අනුව එන්නත්කරණ ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍ය වූ විට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අදාල නිර්දේශ යාවත්කාලීන කරනු ඇත.“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය 2021 ජූලි 14 දින යාවත්කාලීන කරන ලද නිවේදනයක මේ ගැන සඳහන් වූයේ ඒ අයුරිනි.

කෙසේ වෙතත්, බොහෝ රටවල් මේ වන විටත් වයස අවුරුදු 12 ට වැඩි සියලුම දරුවන් ඉලක්ක කර ගනිමින් කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරති.

චීනය

ජුනි මාසයේදී චීනය අවුරුදු 3 සිට 18 දක්වා වයස් කාණ්ඩ වලදී සිනොෆාම් සහ සිනෝවාක් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කළේය. ඔවුන් විසින් සිදු කරන ලද සායනික අත්හදා බැලීම් වලින් පසුව නිෂ්පාදකයින් දෙදෙනාම තම එන්නත් වල ඵලදායීතාවය සහ ළමුන් සඳහා ආරක්ෂාව තහවුරු කර ඇත. නමුත් ඔවුන්ගේ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගැනීම අපහසුය.

ඉන්දියාව

ඉන්දීය රජය කොවිඩ් -19 ට එරෙහිව ළමුන් සහ නවයෞවනයන්ට එන්නත් ලබා දීම ආරම්භ කර නැතත්, ස්ථුලතාවය, හෘද ආබාධ හෝ ප්‍රතිශක්ති ඌනතාවය වැනි රෝගාබාධ සහිත අවුරුදු 12-17 වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඔක්තෝම්බර් මාසය වන විට ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබුනා. මෙම මූලික එන්නත්කරන ක්‍රියාවලියේදී දී අලුතින් නිපදවන ලද ලද ඩීඑන්ඒ එන්නත් විශේෂයක් වන සයිකොව්-ඩී එන්නත භාවිතා නිර්දේශ කර තිබෙනවා, එය ඉන්දියාවේ සංවර්ධනය කර නිෂ්පාදනය කරන ලද ළමුන් සඳහා භාවිතා කිරීමට අනුමැතිය ලබා දී ඇති එකම එන්නත් වර්ගය වනවා. ලබන වසරේ මුල් කාර්තුව තුළ ප්‍රමාණවත් තරම් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ වයස අවුරුදු 12-17 අතර වයස් කාණ්ඩයේ සෙසු ළමුන්ටත් එන්නත් ලබා දීමට හැකිවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර තිබුනා.

යුරෝපීය රටවල්

සායනික අත්හදා බැලීම් වලින් පසුව යුරෝපීය ඖෂධ නියෝජිතායතනය (EMA) වයස අවුරුදු 12-17 වයස් කාණ්ඩය සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් දෙකම අනුමත කර ඇති අතර බොහෝ රටවල් ඒ වයස් කාණ්ඩයේ දරුවන්ට විවිධ ප්‍රවේශයන් ඔස්සේ එන්නත් ලබා දීම ආරම්භ කර ඇත. යුරෝපීය රටවල් කිහිපයක අවම වශයෙන් COVID 19 එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ඇති වයස අවුරුදු 12-18 අතර වයසේ පසුවන සමස්ථ ජනගහනයේ ප්‍රතිශතයන් පහත දැක්වේ (මූලාශ්‍රය-යුරෝ නිව්ස්).

ඩෙන්මාර්කය – 58.2 %

ඉතාලිය – 49.86%

ප්රංශය – 56%

ස්පා Spain් –ය – 55.4%

පෝලන්තය – 29.89%

ස්විට්සර්ලන්තය – 32%

අමරිකා එක්සත් ජනපදය

මේ වසරේ මැයි මාසයේදී වයස් කාණ්ඩ 12-15 අතර පිරිසකට ෆයිසර් එන්නත ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ නිලධාරීහු අනුමැතිය දුන්හ. මේ දක්වා, අවුරුදු 12-15 වයස් කාණ්ඩයෙන් 44.63% ක් සහ 16-17 වයස් කාණ්ඩයෙන් 52.21% ක් වශයෙන් අවම වශයෙන් COVID 19 එන්නත ලබා දී ඇත. එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් 12-18 වයස් කාණ්ඩ සඳහා ෆයිසර් එන්නත අනුමත කර තිබූ අතර එම එන්නත භාවිතා කර අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඇරිකානු සෞඛ්‍ය බලධාරින් බලාපොරොත්තුවෙන් පසුවන බව පසුගියදා මාධ්‍ය වාර්ථා කර තිබුණා.

ශ්‍රී ලංකාව – එන්නත සකස් කිරීමේදී අපට විධිමත් සැලැස්මක් තිබේද?

මෑතකදී මතු වූ බොහෝ සාකච්ඡා වලදී අවධාරණය කෙරුණේ ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය තුළ නිසි විද්‍යාත්මක සැලැස්මක් නොමැතිකමයි. දැනට ලංකාවේ එන්නත් කිරීමේ වැඩසටහන තුළ විවිධ වර්ගයේ කොවිඩ් එන්නත් වර්ග පහක් භාවිතා කරන අතර මෙම එන්නත් රටේ විවිධ ප්‍රෙද්ශ වල කලාපීය වශයෙන් ජනතාව වෙත ලබාදෙන ආකාරය දක්නට ලැබුණා. උදාහරණයක් ලෙස මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ෆයිසර් එන්නත ලබා දී ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇත. මේ ආකාරයට මහනුවර ප්‍රෙද්ශයේදී ලබා දුන්නේ ස්පුට්නික් සහ මොඩර්නා එන්නත් දෙවර්ගයයි. නමුත් බොහෝ අය පවසන්නේ ඉතාමත් ඵලදායී යැයි සැලකෙන සහ වෙනත් රටවල සාර්‍ථකව භාවිතා කෙරෙන ෆයිසර් සහ මොඩර්නා වැනි එන්නත් වැඩි අවදානමක් ඇති වයස් කාණ්ඩ (වැඩිහිටියන් හා ළමුන්) සහ නිදන්ගත රෝගාබාධ සහිත රෝගීන් සඳහා නිකුත් කළ යුතු බවයි. නමුත් තවමත් එවැනි විද්‍යාත්මක වැඩපිලිවෙලක් ලංකාවේ කොවිඩ් එන්නත්කරන ක්‍රියාවලිය තුල දක්නට ඇති බවක් පෙනෙන්නට නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.