මහාචාර්ය මලික් පීරීස්ගේ සේවය අගයා විශේෂ සම්මානයක් චීනයෙන්

චීනය කේන්ද්‍ර කරගත් සංවිධානයක් වන futureprice.org සංවිධානය මගින් 2021 වර්ෂය සඳහා වූ ජෛව විද්‍යා අංශයේ ත්‍යාගලාභියා ලෙස ලෝක ප්‍රකට වයිරස විද්‍යා විශේෂඥ මහාචාර්ය මලික් පීරිස්ගේ නම නිවෙදනය කර තිබෙනවා.
Future Science Prize යනු 2016 දී චීනය ආශ්‍රිත කලාපයේ (මේන්ලන්ඩ් චීනය, තායිවානය, හොංකොං සහ මැකාවු) විද්‍යාත්මක ජයග්‍රහණ සහ නවෝත්පාදනයන් හඳුනා ගැනීම අරමුණු කරගත් කීර්තිමත් විද්‍යාඥයින් සහ ව්‍යවසායකයින් කණ්ඩායමක් විසින් පිහිටුවන ලද පුද්ගලික අරමුදලක් මගින් වාර්ශිකව පිරිනමනු ලබන විශේෂ ත්‍යාගයකි. ඒ අනුව ජෛව විද්‍යා, භෞතික විද්‍යා, ගණිත සහ පරිගණක විද්‍යා යන අංශ හතර සඳහා ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් වන ත්‍යාග වාර්ශිකව පිරිණමනු ලබන්නේ විශේෂ විද්වත් මඩුල්ලක් මඟින් තෝරාගන්නා ඒ ඒ අංශයන් ගේ විශිෂ්ඨයන් වෙතයි.

මහාචාර්ය මලික් පීරීස් මහතා කොවිඩ් වසංගතයට පෙර ලොව හඳුනාගත් සාස්(SARS) සම්බන්ධව වැදගත් පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර එම පර්යේෂණ වල ප්‍රතිඵල සහ ඒ ආශ්‍රිත අත්දැකීම් කොවිඩ් වසංගතය මර්ධනය සඳහා ඉතාමත් වැදගත් වුනා. මේ නිසාම ලොව පුරාම අත්මහත් කීරතියක් ලඟාකරගත් වෛරසවෙදය පිළබඳව විශ්ෂඨ පර්යේෂකයෙකු ලෙස මහාචාර්ය මලික් පීරිස් හැඳින්විය හැකියි. (Image – http://www.futureprize.org/ )


ඒ අනුව ඔවුන්ගේ වැදගත් පර්යේෂණාත්මක ජයග්‍රහණ, නව නිශිපාදන හා නවෝත්පාදන, සහ දිගු කාලීන වැදගත් කමක් ඇති සොයාගැනීම් සලකා බලා, ඔවුන්ගේ ජාතිකත්වය නොසලකා, තෝරා ගන්නා සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයින් සඳහා ඇ.ඩො. මිලියනයක් වටිනා මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
මේ වසරේදී ජෛව විද්‍යා අංශය සඳහා මහාචාර්ය පීරිස් සමඟ මහාචාර්ය යූන් ක්වොක් යුංට ද මෙම ත්‍යාගය හවුලේ බෙදී යන පරිදි පිරිනමා ඇත. ඒ සාර්ස් සහ කොවිඩ් -19 වැනි නැගී එන රෝග පිළිබඳ අවබෝධය සඳහා ඔවුන් කළ මෙහෙවර ඇගයීමෙනි. විශේෂ ප්‍රකාශයක් එක් කරමින් futuresprize.org වෙබ් අඩවිය සඳහන් කළේ, “2003 දී සාර්ස් රෝගයේ සිට කෝවිඩ් -19 දක්වා නැගී එන බෝවෙන රෝග පිළිබඳ අපගේ අවබෝධය ඉහල නැංවීම සඳහා සඳහා ක්වොක්-යුං යුවාන් සහ ජෝශප් ශ්‍රියාල් මලික් පීරිස් මූලික දායකත්වයක් ලබා දී ඇති අතර එමඟින් ඒවා පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායි ප්‍රතිචාර දැක්වීමටත් උපාය මාර්ග සකස් කිරීමට අපිට හැකිවී තිබේ.”

ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ශ්‍රියාල් මලික් පීරිස් මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ 1981 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙනි. ඔහු දැනට හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර, COVID 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අරගලය තුළදී එතුමන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ වෙත සිය දැනුම නොඅඩුව ලබා දෙමින් මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා අතිමහත් සහයෝගයක් ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.