සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ චන්ද්‍රයා, ගැනිමීඩ් ගේ තොරතුරු සොයන ජූනෝ

මීට වසර දහයකට පෙර ඇමරිකාවේ NASA අායතනය මගින් අභ්‍යවකාශ ගත කල ජූනෝ යානය මේ වන විට බ්‍රහස්පති වටා කක්ෂ ගතවී බ්‍රහස්පති සහ එහි උපග්‍රහයන් පිළිබඳව වැදගත් තොරතුරු පෘථිවිය වෙත ලබාදෙමින් සිටිනවා. ඒ අනුව මෑතකදී එම යානය මඟින් බ්‍රහස්පති ග්‍රහලෝකයේ විශාලතම උප ග්‍රහයා වන ගැනිමීඩ් ගේ අධොර්ක්ත ඡායාරූප ලබාගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වන ගැනිමීඩ් වඩාත් හොඳින් ගවේෂණය කිරීම සඳහා විද්‍යාඥයන් මෙම අධෝරක්ත කිරණ නිරීක්ෂණයන් භාවිතා කිරීමට බලාපොරොත්තු වනවා.

නාසා ආයතනයේ ජූනෝ මෙහෙයුම පෘථිවියේ සිට දියත් වී වසර 10 ක් සපිරෙන විට, ජූලි 20 වන දින සිදුකල ගැනිමීඩ් චන්ද්‍රයාගේ නවතම ආසන්න පියාසැරියකදී ලබාගත් මෙම අධොරක්ත ඡායාරූපද ඇතුලත්ව  කරන ගමනේදී අල්ලා ගත් ගැන්මීඩයේ නව අධෝරක්ත දර්‍ශන ද ඇතුළත්ව මෙම යාත්‍රාව මේ දක්වා බහස්පති කක්ෂයේදී ලබා ගත් ඉතා වටිනා ඡායාරූප විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මිනිස් ඇසට නොපෙනෙන අධෝරක්ත කිරණ නිරීක්ෂණයන් සඳහා යොදාගන්නා වන ජූනෝගේ Jovian Infrared Auroral Mapper (JIRAM) උපකරණය උපයෝගී කරගනිමින් ජූනෝ විද්‍යා කණ්ඩායම විසින් ගැන්මීඩ් හි නව අධෝරක්ත සිතියමක් නිර්මාණය කර ඇති අතර එමඟින් බ්‍රහස්පති චන්ද්‍රයා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ. නාසා ආයතනයට මෙම අධ්‍යනයන් මගින් ඔවුන්ට ලැනිමීඩ් ගේ ඝණ අයිස් කබොලත් ඊට යටින් පිහිටි සහ සාගරයත් වඩා හොඳින් විද්‍යාත්මකව නිරීක්ෂණය සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දේවි.

ජූනෝගේ Jovian Infrared Auroral Mapper (JIRAM) පද්ධතිය මඟින් ලබාගත් ගැනිමීඩ් ගේ අධොරක්ත ඡායාරූපය (Credits: NASA/JPL-Caltech/SwRI/ASI/INAF/JIRAM)

සැන් ඇන්ටෝනියෝ හි නිරිතදිග පර්යේෂණ ආයතනයේ පර්යේෂකයෙකු වන ජූනෝ හි ප්‍රධාන පර්යේෂක ස්කොට් බෝල්ටන් විසින් පසුගියදා ප්‍රකාශයක් ලබා දෙමින්, “බුධ ග්‍රහයාට වඩා ගැන්මීඩ් විශාල ය, නමුත් බ්‍රහස්පති වෙත යන ගමනේදී අපි කරන ගවේෂණයන් සියල්ල ඉතා තීරණාත්මක සහ වැදගත් ඒවා වනවා. මේ දක්වා ජූනෝ යානය විසින් එකතු කරන ලද අධෝරක්ත කිරණ ඡායාරූප සහ අනෙකුත් දත්ත ඔස්සේ බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් 79 බිහි වූ දා සිට අද දක්වා සිදුවූ පරිණාමික ක්‍රියාවලිය ගැන ඉතා වටිනා අදහසක් ලබාගැනීමට හැකි වෙතැයි අප විශ්වාස කරනවා. “

පසුගිය ජූනි 7 වන දින සිදුකල සමීප පියාසැරියේදී ජූනෝ ගැන්මීඩ් මතුපිට සිට සැතපුම් 31,136 ක් (කි.මී. 50,109) ක් ආසන්නයෙන් ගමන් කළේය. මෙම සමීප පියාසැරිය සමඟ ජුනෝගේ JIRAM උපකරණයට ගැන්මිඩ්ගේ උතුරු ධ්‍රැව ප්‍රදේශය ප්‍රථම වරට නිරීක්ෂණය කිරීමට හැකි විය. එම උපකරණය මඟින් මෙම විශ්මය ජනක සඳ අධ්‍යනයට ලක් කරමින් ඒ මත පහළ හා ඉහළ උන්නතාංශ වල විවිධ ද්‍රව්‍ය සංයුතීන් පිළිබඳ දත්ත එකතු කළ බව එම ප්‍රකාශය පවසයි.

NASA ආයතනයෙන් විකාශය කල ජූනෝ පිළිබඳ හඳුන්වාදීමේ වීඩියෝව (Credits: NASA/JPL-Caltech/SwRI/ASI/INAF/JIRAM)

ජූනෝ විසින් මෙම සමීප පියාසැරියේදී ලබා ගත් දත්ත, එහි මීට පෙර සමීප පියාසැරි වලදී එකතු කරගත් දත්ත මෙන්ම මීට අමතරව මීට පෙර බ්‍රහස්පති ගවේශණයේ යෙදුන නාසා ආයතනයේ වොයේජර් මෙහෙයුම, ගැලීලියෝ, නිව් හොරයිසන්ස් සහ කැසිනි වැනි යානා මගින් ලබා ගත්ත දත්ත හා එකතු වන අතර. අධෝරක්ත කිරණ වල චන්ද්‍රයා නිරීක්ෂණය කිරීමෙන් කණ්ඩායමට මෙම චනද්‍රයා පමණක් නොව ඒ හා සමාන වෙනත් ග්‍රහවස්තු වලත් සැකැස්ම පිළිබඳ කොරතුරු රැසක් එකතු කිරීමටත් ඒවා පිළිබඳ මනා අධ්‍යනයන් සිදු කිරීමටත් අවස්ථාව සැලසී තිබේ.

රෝමයේ ජාතික තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේ ජූනෝ ව්‍යාපෘතියේ සහ-පරීක්‍ෂක ඇලෙසැන්ඩ්‍රෝ මුරා පැවසුවේ ගැනිමීඩ්ගේ ඉහල වායුගෝලය සිහින් අයිස් බිඳිති වලින් බහුල බව ඔවුන්ට සොයා ගත හැකි වූ බවයි. මෙය ආරෝපිත අංශු වලින් සිදුවන දැඩි බලපෑම හමුවේ මෙය සිදුවිය හැකි බව මූරාගේ අදහසයි.

“අනෙක් අතට, වායුගෝලයේ පහල කලාපයන් ගැනිමීඩ් ගේ චුම්භක ක්ෂේත්රය මඟින් ආරක්‍ෂා කර ඇති නිසා එහි මුල් රසායනික සංයුතියේ වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර විශේෂයෙන් ලවණ සහ කාබනික ද්‍රව්‍ය වැනි ජලය අඩංගු නොවන සංඝටක වලින් සමන්විත වේ” යනුවෙන් මුරා පැවසීය. “ගුනිමීඩ් පෘෂ්ඨය මුහුණ දෙන ආන්තික අභ්‍යවකාශ කාලගුණික ක්‍රියාවලීන් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මෙම අධික ශීතල කලාපයන්ගේ ගුණාංග අධ්‍යනය කිරීම අතිශයින් වැදගත් ය.”

ජූනෝ මෙලෙස බ්‍රහස්පති හා උප ගහය පද්ධතිය ගවේශණය කරමින් සිටයදී NASA ආයතනය ජූනෝ ව්‍යාපෘතිය 2025 සැප්තැම්බර් දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනය කර සිටියා. එමඟින් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් සහ වළලු පිළිබඳව තවදුරටත් දීර්ඝ ගවේෂණයන් හී නිරත වීමට ජූනෝ යානයට හැකි වනු ඇති. මීට අමතරව  යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) Jupiter Icy Moons Explorer (JUICE) මෙහෙයුම ලබන වසරේ දියත් කිරීමට නියමිත අතර ගැලීලියන් චන්ද්‍රයන් ලෙස හැඳින්වෙන බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් හතර ගැන අධ්‍යයනය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.