කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා මුහුණුවර

මුළු ලොවම කොවිඩ් 19 රෝගයෙන් ගැලවීමට මං සොයද්දී එම ක්‍රියාවලිය තවත් අපහසුතාවට පත් කරමින් කොවිඩ් වෛරසයේ විවිධ නව ප්‍රභේද ලොව පුරා විවිධ තැන් වලින් වාර්ථා වනවා. මේ නව ප්‍රභේද නොයෙක් ආකාරයන්ගෙන් එකිනෙකට වෙනස් ලක්ෂණ දරණ අතර ඇතැම් ඒවා වඩාත් භයානක ඒවා ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද හැදෙන්නෙ කොහොමද?

ඕනෑම වෛරසයක ස්වරූපය තීරණය කරන්නෙ එතුල අඩංගු වෙලා තියෙන ප්‍රෙව්ණික ද්‍රව්‍ය වලින්. මේ ප්‍රෙව්ණික ද්‍රව්‍ය වෛරස ගුණනය වීමේදී ගුණනය වීමකට ලක්වෙනවා. මෙම ගුණන ක්‍රියාවලියේදී ඇතැම් අවස්ථාවලදී ප්‍රෙව්ණික ද්‍රව්‍යයන් තුල ඉතා සුළු වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්. මේ වෙනස්වීම් සහිතව නිපදවෙන නව වෛරස වල ස්වරූපයද මේ නිසා ඉතා සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. වෛරසයක් මේ විදිහට දිගටම පොඩි පොඩි වෙනස්වීම් වලට භාජනය වෙනකොට කාලයකදී මුල් වෛරසයට සෑහෙන දුරට වෙනස් නව වෛරස වර්ග හටගන්නවා. මෙන්න මේ වෙනස් ලක්ෂණ සහිත නව වෛරස වලට තමයි නව වෛරස ප්‍රභේද කියලා කියන්නෙ.

චීනයෙන් ආරම්භ වෙලා පසුව මුළු ලෝකය පුරාම පැතිරුන කොවිඩ් රෝගකාරක වෛරසයත් පසුගිය වසර එක හමාරක කාලය ඇතුලත විවිධ අළුත් ප්‍රභේද රැසක් බිහිකරන්නට සමත් වෙලා. මේ අළුත් ප්‍රභේද නොයෙක් අවස්ථාවලදී නොයෙක් රටවල් වලින් හමුවෙලා තියෙනවා.

අළුත් ප්‍රභේද නම් කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ජීවීන්ගේ ප්‍රෙව්ණික ද්‍රව්‍ය ඉතා සියුම් විශ්ලේෂණයකට ලක්කිරීමේන් පමණයි වෛරසයක ප්‍රෙව්ණික ද්‍රව්‍ය වල ඇතිවෙන වෙනස්කම් හඳුනාගත හැක්කේ. මෙහිදී මෙම ප්‍රෙව්ණික ද්‍රව්‍යයන් විශ්ලේෂනයට ලක්කිරීමෙන් අනතුරුව ඒවායේ පරිණාමික බන්ධුතාවන් හඳුනාගැනීම සඳහා ලොව පිළිගත් තොරතුරු තාක්ෂණය මූලික ක්‍රමවේදයන් කිහිපයක් භාවිතා වනවා. ඒවායින් බහුලවම භාවිතාවන ක්‍රමවේදයන් ලෙස, Pango Lineage method, GISAID Lineage method, Nextstrain Clade method හඳුන්වා දිය හැකියි. ඒ අනුව කිසියම් වෛරසයකට අදාල ජාන විශ්ලේෂනය කිරීමෙන් අනතුරුව එම විශ්ලේෂණයන් ගෝලීය මට්ටමේ සංසංධනයක් සඳහා මෙම ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කල හැකියි.

මේ එක් එක් ක්‍රමවේදයන්ට අනුව අළුතෙන් සොයා ගන්නා වෛරස ප්‍රභේදයන් නම් කරන ආකාරය එකිනෙකට වෙනස්. උදාහරණයක් ලෙස මෑතකදී ලංකාවෙන් වාර්තා වුන, එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තය ආශ්‍රිතව මුලින්ම හඳුනාගත් කොවිඩ් වෛරස ප්‍රභේදය ඉහත එක් එක් ක්‍රමවේදයන්ට අනුව නම් වෙන්නේ පහත ආකාරයට,

Pango Lineage method – B.1.1.7

GISAID Lineage method – GRY

Nextstrain Clade method – 20I (V1)

මෙම නාමකරනයන්ගේ සංකීර්ණ භාවය නිසාම එම නාමකරනයන් භාවිතා කිරීමේදී නොයෙකුත් අපහසුතාවන් මතුවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය වඩාත් පහසු වෙනත් නාමකරණයක් වෙත යොමු වුනා.  ඒ අනුව කොවිඩ් රෝග කාරක වෛරසයේ වඩාත් වැදගත් නව ප්‍රභේද ග්‍රීක හෝඩියේ අකුරු අනුපිළිවෙල අනුව නම් කිරීමට යෝජනා උනා.  ඒ අනුව ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා සහ ලැම්ඩා ලෙස නව ප්‍රෙභ්ද 4ක් සෞඛ්‍යමය වැගත්කමකින් යුතු ප්‍රභේද ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ තිබෙනවා. මෙහිදී මෙම නව ප්‍රභේද ඉන්දියානු, බ්‍රිතාන්‍ය ආදී ලෙස එම ප්‍රභේද මුලින්ම වාර්ථා වූ රටවල් වල නමින් ඒවා හැඳින්වීමද මේ අනුව නතර වනවා.

පහතින් දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මේ තාක් හඳුනාගෙන ඇති ඉහල සෞඛ්‍යමය වැදගත්කමකින් යුතු කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයන්ය.

WHO label Pango  
lineage 
GISAID clade/lineageNextstrain  
clade 
Additional amino acid changes monitored*Earliest documented  
samples 
Date of designation 
Alpha B.1.1.7 GRY (formerly GR/501Y.V1) 20I (V1) +S:484K
+S:452R
United Kingdom,  
Sep-2020 
18-Dec-2020
Beta B.1.351 
B.1.351.2
B.1.351.3
GH/501Y.V2 20H (V2)South Africa,  
May-2020 
18-Dec-2020
Gamma P.1 
P.1.1
P.1.2
GR/501Y.V3 20J (V3)+S:681HBrazil,  
Nov-2020 
11-Jan-2021
Delta B.1.617.2
AY.1
AY.2
G/478K.V1 21AIndia,  
Oct-2020 
VOI: 4-Apr-2021 
VOC: 11-May-2021 

ඉහත ප්‍රභේදයන් සෞඛ්‍යමය වැදගත්කමක් සහිත ප්‍රෙභ්ද ලෙස විශේෂයෙන් නම් කිරීමට ප්‍රධාන ලක්ෂණ කිහිපයක් සැලකිල්ලට ගෙන තිබෙනවා. ඒවා නම්,

  1. ඉහල පැතිරීයාමේ හැකියාව
  2. කොවිඩ් වසංගත තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් සිදුකල හැකි වීම
  3. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රැගෙන ඇති ක්‍රියාමාර්ග වල කාර්යක්ෂමතාව කෙරෙහි බලපෑම් ඇති කල හැකි වීම

මේ ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට අපි මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ඩෙල්ටා ප්‍රභේදය ගැන වැඩි දුර සොයා බලමු. ඩෙල්ටා ප්‍රෙභ්දය හෙවත් Pango Lineage  නාමකරණයට අනුව B.1.617.2 ලෙස නම් වන මෙම ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබූවේ 2020 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදීයි.

ඉහල පැතිරීමේ හැකියාව

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඩෙල්ටා ප්‍රභේදය වඩාත් වේගවත්ව පැතිරෙන මෙන්ම වඩාත් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් (Fastest and Fittest) වෛරසයක් ලෙස හඳුන්වා දී තිබුනා. මේ තාක් මේ වෛරස ප්‍රෙභ්දය පිළිබඳව කර ඇති අධ්‍යනයන්ට අනුව මෙය කොවිඩ් 19 වෛරසයේ මුල් ප්‍රභේදයට සාපේක්ෂව 75% ක ඉහල පැතිරීයාමේ හැකියාවකින් යුක්ත වන බව සොයාගෙන තිබෙනවා.

මෙම ඉහල පැතිරීයාමේ ගුණය නිසාම මේ වන විට ඩෙල්ටා ප්‍රෙභ්දය ලොව රටවල් රැසකම පමුඛ කොවිඩ් 19 වෛරස ප්‍රභේදය බවට පත්ව තිබෙනවා.

ලොව දැනට කොඩිඩ් 19 ව්‍යාප්තව ඇති රටවල් සහ එම ව්‍යාප්තියේ ප්‍රබලත්වය ( මූලාශ්‍රය – dw.com )

ප්‍රතිශක්තීකරණ එන්නත් නොගත් අය වැඩි අවදානමක

කොවිඩ් 19 රෝගයට එරෙහිව ප්‍රතිශක්තීකරන එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක රටවල් රැසක අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. මේ හේතුව නිසාම ඩෙල්ටා ප්‍රභේදයේ වැඩි බලපෑම අවුරුදු 60 ට අඩු, ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් බහුතරයකට එල්ලවී තිබෙනවා. මීට අමතරව මෙම නව ප්‍රභේදය කුඩා දරුවන්ට සහ තරුණ තරුණියන්ට ආසාදනය වීමේ වැඩි අවස්ථාවක් ඇති බව එක්සත් රාජධානියේ මෑතකදී කල පර්යේශණයකදී සොයාගෙන තිබෙනවා. ඒ අනුව වසර 50 ට අඩු පුද්ගලයින් මෙම ඩෙල්ටා ප්‍රභේදය මගින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීමේ ඉහල හැකියාවක් ඇති බව පැවසෙනවා.

රෝග ලක්ෂණත් වෙනස්

කොවිඩ් රෝගය පැතිරුණ මුල් අවදියේදී ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස වාර්තා වුන ගඳ, සුවඳ සහ රස නොදැනීම, සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මෙම ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව හමු නොවන බවයි පර්යේෂකයින් පවසන්නේ. ඒ වෙනුවට උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ උණ ගතිය මෙම නව ප්‍රභේදය ආශ්‍රිත රෝග තත්ත්වයන් වලදී බහුලව වාරතා වන බව පැවසෙනවා.

එකම පිහිට ප්‍රතිශක්තීකරණය පමණක්මයි!!

දැනට ලැබී ඇති පර්යේෂණ වාර්තා වලට අනුව මෙම ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ඇති එකම මාර්ගයන් වන්නේ සෞඛ්‍යාරක්ෂිත වත් පිළිවෙත් සහ ප්‍රතිශක්තීකරණ එන්නත් පමණි. දැනට ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සිදුකර ඇති පර්යේෂණ ඉතා සීමිත වුවත්, එංගලන්තයේදී සිදුකල එක් පරීක්ෂණයකදී ෆයිසර් වැක්සීනය මඟින් රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදනයන් 88% කින් පාලනය කිරීමට සමත් වන බවත්, රෝහල් ගතවීම් 96% ක් දක්වා අඩු කිරීමට සමත් වන බවත් සොයාගෙන තිබෙනවා. මේ නිසා දැනට ඇති තත්ත්වයනට අනුව මෙම නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාවීමට ඇති එකම මාර්ගය වන්නේ ප්‍රතිශක්තීකරණ එන්නත් භාවිතය පමණි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.