2020 ජුනි මස 21 වන ඉරු දින සිදුවන වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රදේශ වල සිටින ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.

මෙම අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්රිත ප්‍රදේශයට දිස්වන අතර එය 21 වන දින උදෑසන 10:23ට පමණ සිදුවීමට නියමිතව ඇත. එදින චන්ද්‍රයා මගින් සූර්යයාගේ මුහුණත ආවරණය වීමී උපරිමය ප්‍රමාණය 24% වන අතර එය කයිට්ස්, කන්කසන්තුරෙයි, වැල්වැටිතුරෙයි, පේදුරුතුඩුව ආදී ප්‍රදේශ වලදී සිදුවීමට නියමිතය.

කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය උදෑසන 10:29 ට පමණ ආරම්භ වී උදෑසන 11:51 වන විට එහි උපරිමයට ළඟා වී දහවල් 1:19ට පමණ අවසන් වන අතර කොළඹ සිට නිරීක්ෂණය කරනවිට උපරිම වශයෙන් සුර්යයාගේ මුහුණතෙහි 16.5% ක ප්‍රමාණයක් චන්ද්‍රයා මගින් ආවරණය කිරීමට නියමිතය.
මෙම අර්ධ සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විශේෂිත කණ්ණාඩියකින් හෝ නොම්මර 14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරක්ෂා සහිත වේ. කිසිසේත්ම දුරදක්නයකින් හෝ ප්රිස්මදෙනේතියකින් (Binocular ) අරක්ෂිත සුර්ය ආවරණයන් නොමැතිව සුර්යයා නිරීක්ෂණය නොකරන ලෙස තරයේ අවවාද කරනු ලබේ.
මෙම සූර්යග්‍රහණය අර්ධ සුර්යග්රහන්යක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වු වුවත් මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්ද්වීපයෙන් ආරම්භ වන අතර එහි වලයාකාර තත්වය මෙන්ම අර්ධ සූර්යග්‍රහණ තත්වය කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකානු රටවල් කිපයකටත්, මැදපෙරදිග රටවල් වන සෞදිආරබිය, යේමනය, ඕමානය ආදී රටවල් වලටත්, පකිස්ථානය, ඉන්දියාව , චීනය සහ තායිවානය ආදී රටවල් වලටත් දැකබලාගැනීමට හැකියාව ඇත. ශ්‍රීලංකාව ඇතුළු ඉතාලිය, තුර්කිය, ජපානය, කොරියාව සිංගපූරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව අදී රටවලට මෙහි අර්ධ සූර්යග්‍රහණ තත්වය පමණක් බලාගැනීමට හැකියාව ලැබීතිබේ
මෙම සුර්යග්‍රහණය ආතර් සී ක්ලාක් ආයතනයේ නවීන දුරේක්ෂ ආධාරයෙන් පරීක්ෂණ මට්ටමින් නිරීක්ෂණය කරන අතර එය ආතර් සී ක්ලාක් ආයතනයේ www.accimt.ac.lk වෙබ් අඩවිය වන මඟින් ජනතාවට නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රදේශ කීපයක මෙම සුර්යග්‍රහණය ආරම්භවන සහ අවසන් වන වේලාවන් සහ ඒ ඒ ප්‍රදේශ වලදී සුර්යයා චන්ද්‍රයා මගින් ආවරණය වන ප්‍රතිශතයන් මෙහි දැක්වේ.
ප්‍රධාන |
අර්ධ |
සුර්යය |
ග්‍රහණ |
|
යාපනය |
ආරම්භය |
10:24:53 |
24.1% |
3hrs 6min |
උපරිම |
11.54:50 |
|||
අවසානය |
13.30.50 |
|||
|
|
|
|
|
වව්නියාව |
ආරම්භය |
10.28.18 |
21. 2% |
3hrs 1min |
උපරිම |
11.55.59 |
|||
අවසානය |
13.29.13 |
|||
|
|
|
|
|
ත්‍රිකුණාමලය |
ආරම්භය |
10:31:14 |
20.04% |
3hrs |
උපරිම |
11:59:15 |
|||
අවසානය |
13:31:14 |
|||
|
|
|
|
|
කොළබ |
ආරම්භය |
10:29:14 |
16.5% |
2hrs 50min |
උපරිම |
11:51:13 |
|||
අවසානය |
13:19:22 |
|||
|
|
|
|
|
ගාල්ල |
ආරම්භය |
10:32:55 |
14.08% |
2hrs 44min |
උපරිම |
11:52:02 |
|||
අවසානය |
13:16:42 |
|||
|
|
|
|
|
අනුරාධපුර |
ආරම්භය |
10:28:47 |
19.80% |
2hrs 59min |
උපරිම |
11:55:11 |
|||
අවසානය |
13:27:41 |
|||
|
|
|
|
|
මහනුවර |
ආරම්භය |
10:31:41 |
16.92% |
2hrs 52min |
|
උපරිම |
11:55:14 |
||
|
අවසානය |
13:23:45 |
||
|
|
|
|
|
මඩකලපුව |
ආරම්භය |
10:35:27 |
16.98% |
2hrs 55min |
|
උපරිම |
12:03:03 |
||
|
අවසානය |
13:30:15 |
||
|
|
|
|
|
බදුල්ල |
ආරම්භය |
10:34:27 |
15.90% |
2hrs 50min |
|
උපරිම |
11:57:04 |
||
|
අවසානය |
13:24:15 |
||
|
|
|
|
|
රත්නපුර |
ආරම්භය |
10:32:12 |
15.4% |
2hrs 48hrs |
|
උපරිම |
11:53:34 |
||
|
අවසානය |
13:20:21 |
මේ වසරේ මීළඟ සූර්යග්‍රහණය දෙසැම්බර් මස 14 වන දා සිදුවීමට නියමිත අතර, මෙම සූර්යග්‍රහණය ලංකාවට දර්ශණය නොවේ.