මුව වැස්ම නිවැරදිව භාවිතා කරමු, කොවිඩ් අවධානම අවම කරගනිමු

Face Mask
මහාචාර්ය වසන්ති තෙවනේසම්, ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවී විද්‍යා සංගමයේ වත්මන සභාපතිනිය ලෙස ක්‍රියා කරයි.

COVID-19 අවදානමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවී විද්‍යා සංගමයේ වත්මන් සභාපති මහාචාර්ය වසන්ති තෙවනේසම් මහත්මිය විසින් සම්පාදනය කරනු ලබන මෙම ලිපිය මඟින් මෙම මුහුණු ආවරණ ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වැදගත් වන කරුණු කිහිපයක් සාකච්ඡා කෙරේ.


මුහුණු ආවරණ වර්ග සහ ඒවායේ ප්‍රතිලාභ

සායනික මුහුණු ආවරණ. මේවා වඩාත් ආරක්ෂාදායී මුහුණු ආවරණ වේ. කෙසේ වෙතත්, මේ වන විට ඒවා හිඟ බැවින්, සෞඛ්‍ය සේවකයින් සහ COVID-19 වසංගතයට එරෙහිව රෝගීන්ට සෘජුව ප්‍රතිකාර කරන සෞඛ්‍ය ලේවකයින් සඳහා වෙන් කළ යුතුය.
රෙදි මුහුණු ආවරණ. මේවා නිවසේදී සාදා ගැනීමට හෝ මිලදී ගත හැකි අතර සායනික මුහුණු ආවරණවල ඇති පෙරීමේ ගුණ නොමැත. පොදු ස්ථානවල මුහුණු ආවරණ භාවිතය සඳහා ඇති වර්තමාන අවශ්‍යතාව සපුරාලීම පිණිස ඒවා භාවිතා කළ හැකිය.

පොදු උපදෙස්

අත්‍යවශය නම් පමණක් නිවසින් පිටතට යෑමට වග බලා ගන්න. එමගින් ඔබට COVID-19 ආසාදනය වීමේ අවදානම අඩු අඩු කර ගත්‍ හැකි අතර එය අන් අයට පැතිරීමේ අවස්ථාවන් ද අඩු කරයි. යම් හෙයකින් ඔබ නොදැනුවත්ව ඔබ සිරුර තුල COVID 19 වෛරසය ඇත්නම් එය වෙනත් පුද්ගලයින්ට ආසාදනය විය හැකි බැවින්, ඔබට යම් ශ්වසන රෝග ලක්ෂණයක් (උණ, උගුරේ වේදනාව, කැස්ස) ඇත් නම් නිවසේ සිටීම විශේෂයෙන් වැදගත් වේ.
මුහුණ ආවරණයහෝ ඔබේ මුහුණ ස්පර්ශ නොකරන්න (වෛරසයට ඔබේ දෑතින් ඔබේ මුහුණට සහ ඔබේ දෑතින් වෙනත් මතුපිටවලට මාරු විය හැකිය).
සබන් හා වතුරෙන් හැකි සෑම විටම ඔබේ අත් සෝදන්න. (අත් සේදීමට නොහැකි අවස්ථාවල, විෂබීජ නාශක දියරයක් තිබේ නම් භාවිතා කරන්න).

මුව ආවරණ භාවිතයේදී සැලකිය යුතු කරුණු

ඔබ කුමන වර්ගයේ මුහුණු ආවරණයක් භාවිතා කළත්, ඔබ පහත සඳහන් සියලු උපදෙස් පිළිපැදිය යුතුය.

• මුහුණු ආවරණය ඇල්ලීමට පෙර සහ මුහුණු ආවරණය ඉවත් කිරීමෙන් පසු අත් සෝදන්න.
• මුහුණු ආවරණය ඔබේ නාසය ඉහල කොටසේ සිට නිකටේ පහළ කොටස දක්වා ආවරණය වන බවට වග බලා ගන්න.
• මුහුණු ආවරණය පැළඳගත් පසු, එය ස්පර්ශ නොකරන්න.
• එකම මුහුණු ආවරණය පැය 8 කට වඩා වැඩි කාලයක් භාවිතා නොකරන්න.
• පාවිච්චි කළ පසු මුහුණු ආවරණය දැමීම සඳහා මුද්‍රා තැබිය හැකි ජල-ප්‍රතිලරෝධී බෑගයක් ඔබ සමඟ රැගෙන යන්න.
• මුහුණු ආවරණය දහඩිය, ජලය හෝ වෙනත් දෙයකින් පෙඟවී ඇත් නම්, වහාම එය ඉවත් කර බෑගයකට දමන්න. එයට කිසිදු මතුපිටක ස්පර්ශ වීමට ඉඩ නොදෙන්න.
• මුහුණු ආවරණය ඉවත් කිරීමට‍ පෙර සහ එය ඉවත් කළ පසු වහාම අත් ලසෝදන්න.
• මුහුණු ආවරණය පැළඳිය යුතු ආකාරය නිරූපණය කරන වීඩිලයෝ දෙකක් පහත දැක්වේ:

සායනික මුහුණු ආවරණ භාවිතයේදී සැලකිය යුතු කරුණු

• මෙම මුහුණු ආවරණ විෂබීජහරණය කළ නොහැකි බැවින් සෑම දිනකම නව මුහුණු ආවරණයක් භාවිතා කරන්න.
පාවිච්චි කරන ලද සායනික මුහුණු ආවරණ බැහැර කිරීම සඳහා පොලිතින් බෑගයක ඔතා දිරා නොයන කසල සමඟ බැහැර කරන්න.

රෙදි මුහුණු ආවරණ පැළඳීමේදී සැලකිය යුතු කරුණු

• මුහුණු ආවරණ භාවිතය දැන් අනිවාර්ය බැවින් සායනික මුහුණු ආවරණ නොමැති නම් හෝ ඒවා මිල අධික නම්, රෙදි මුහුණු ආවරණ පැළඳිය හැකිය. සායනික මුහුණු ආවරණයට සමාන ආකාරයකින් රෙදි මුහුණු ආවරණ පළඳින්න. රෙදි මුහුණු ආවරණයක් නැවත භාවිතා කළ හැකි නමුත් සෑම දිනකම මිනිත්තු 10 ක් තෙමා විෂබීජහරණය කළ යුතුය.
• මුහුණු ආවරණය තෙත් වුවහොත් එය ඉවත් කර වෙනත් එකක් පළඳින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.