මේ වන විට කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් වැඩියෙන්ම බැට කරන රාජ්‍යය බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව තුල මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ 9 කට ආසන්න ප්‍රමාණයක් වාර්ථාවී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව පනස්දහසකට වැඩියි. මේ හේතුව නිසාම ඇමරිකාව තුල දැඩි අර්බුධ රැසක් පැණ නැඟී ඇති අතර, ඇමරිකානු ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බව වාර්ථා වනවා.
මෙම අපහසුතාවන් නිසාම රට තුල දැනට ක්‍රියාත්මක වන සමාජයීය දුරස්ථකරණ ක්‍රියාදාමයන් ලිහිල් කරන ලෙස සමාජය තුල දැඩි ඉල්ලීමක් මතුව තිබුනත් ප්‍රාන්ත මට්ටමේ පාලකයින් ඊට තවමත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇමරිකාව තුල මෙම වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑමකට ලක්වුන ප්‍රාන්තය වන්නේ නිව්යෝක් ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයේ පමණක් මේ වනවිට වාර්ථාවී ඇති මරණ සංඛ්‍යාව විසිදහසකට වඩා වැඩියි. නමුත් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෘ කුවෝමෝ ප්‍රධාන පාලකයින් නිව්යෝක් ප්‍රාන්තය තුල ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ කුවොමෝ මහතා
පසුගිය 19 වනදා විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ නිව්යෝක් ප්‍රාන්තය තුල ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුවත් එය සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය විද්‍යාත්මක දත්ත සහ පරීක්ෂණ ප්‍රතිඵල මත පමණක් බවයි. මේ අනුව ප්‍රාන්තය තුල ජනතාවගේ මෙම වෛරසය කෙරෙහි ඇති ප්‍රතිශක්තිය ගැන අදහසක් ලබාගැනීමට මුළු ප්රාන්තයම ආවරණය වන පරිදි SARS-COV-2 වෛරසය සඳහාවන ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බව මෙම මාධ්‍ය ප්‍රකාශයේ දක්වා තිබෙනවා. ඒ අනුව මිලියන 19.3 ක් වන මුළු ප්‍රාන්ත ජනතාව නියෝජනය කරමින් අහඹු ලෙස තෝරා ගන්නා 3000 ක ප්‍රාන්ත වාසී නියැදියක් ආශ්‍රිතව මෙම පතිදේහ පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි.
අප්‍රේල් 19 ඇරඹි මෙම ප්‍රතිදේහ පරීක්ෂාව මඟින් නිව්යෝක් ප්‍රාන්තය තුල මෙම වෛරසය කෙරෙහි ඇති ප්‍රතිශක්තිය ගැන අදහසක් ලබාගත හැකි වනු ඇති අතර එය ප්‍රාන්තය නැවතත් ආර්ථිකමය සහ සමාජයීය වශයෙන් විවෘත කිරීම සඳහා ගන්නා තීරණ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
මෙම පරීක්ෂාවේ මූලික ප්‍රතිඵල මේ වනවිට නිකුත්වී ඇති අතර, එම ප්‍රතිඵල වලට අනුව පරීක්ෂාවට ලක්කල 3000 ක නියැදියක කොවිඩ් 19 ප්‍රතිදේහ දරන ප්‍රතිශතය 13.9 ක් වන බව ආණ්ඩුකාරවරයා ඊයේ (අප්‍රේල් 23) ප්‍රකාශ කරසිටියා. මේ නිසා ප්‍රාන්තයේ මුළු ජනගහනය සැලකූ විට මිලියන 2.7 ක පමණ නිව්යෝක් වාසී ජනතාවකට මෙම වෛරසය ශරීර ගතව ඇති බව ගනනය කල හැකි බව පැවසෙනවා. ඒ අනුව කොවිඩ් 19 නිසා ඇතිවන මරණ අනුපාතය දැනට වාර්ථාවන ප්‍රමාණයට වඩා ඉතා පහල අගයක් ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
මීට ඉහත සිදුකරන ලද සීමිත ප්‍රතිදේහ පරීක්ෂාවන්ගෙන්ද හෙලි වුනේ වාර්ථාවන කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවකට මෙම වෛරසය ශරීර ගතවන බවත්, ඒ ඇතමෙක් තුල රෝග ලක්ෂණ බාහිරව පෙන්නුම් නොකලද සිරුර තුල ඇතිවන ප්‍රතිශක්තිකරණ යාන්ග්රණය මඟින් එම වෛරසය සාර්ථකව යටපත් කරන බවයි.
මේ ආකාරයේම ප්‍රතිදේහ පරීක්ෂාවක් ජර්මනිය තුලද ක්‍රියාත්මක කරමින් සිටින බව මාධ්‍ය වාර්ථා පලවුනා. එහිදී මෙම පරීක්ෂාව මුළු ජර්මනියම ආවරණය වන පරිදි සිදුකරන බවයි පැවසෙන්නේ.