අප්‍රේල් මස 11 වන දා නිකුත් වූ Journal of Forensic and Legal Medicine නැමති විද්‍යාත්මක ප්‍රකාශණයේ නවතම සංස්කරණයෙහි පලවූ විශේෂිත ලිපියක් මඟින් මල සිරුරක් ඔස්සේ කොවිඩ් 19 සම්ප්‍රේශණය වීමක් ගැන සැක පල කර තිබෙනවා.
වොන් ශ්රීවිජිතලයි සහ විරෝජ් විවානිට්කිට් විසින් ඉදිරිපත් කරන ලද මෙම ලිපිය මඟින් තායිලන්තයෙහි අධිකරණ වෛද්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයෙකු හට කොවිඩ් 19 වැළඳුනු අවස්ථාවක් අවධානයට යොමු කරනු ලබනවා. තායිලන්තය තුල තවමත් කෙතාවිඩ් 19 රෝගය සමාජයීය නිදහස් බෝවීමේ අවධියට පත්ව නැති නිසා මෙම අධිකරණ වෛද්‍ය අංශයේ සේවකයාට රෝගය බෝවීමට ඇති එකම අවස්ථාව ජෛව සාම්පල ඔස්සේ හෝ කෝවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඔස්සේ පමණක් බවයි මෙම ලිපියේ කතුවරුන් පවසන්නේ. ඒ අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කරන්නන් කොවිඩ් 19 රෝගය වැළඳුනු රෝගීන් හා ගැටීමේ අවස්ථා නොමැති නිසායි, නමුත් ඔවුන් නිරතුරුවම කොවිඩ් 19 නිසා මියගිය පුද්ගල මළ සිරුරු හා නිතරම ගැටෙන්නේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහායි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වැළඳුන රෝගීන් මිය ලිය පසු එම මළ සිරුර භූමිදානය කරනවාද අදාහනය කරනවාද යන්න පිළිබඳ පුලුල් සංවාදයක් ඇතිව තිබුනා. එහිදී වෛද්‍ය විශේෂඥයින් සහ විද්‍යාඥයින් බොහෝ දෙනෙක් පවසා සිටියේ මෙම වෛරසයේ හැසිරීම පිළිබඳව තවමත් අවශ්‍ය තරම් දත්ත හෝ නිරීක්ෂනයන් නොමැති නිසා මෙම මළ සිරුරු ආදාහනය කිරීම වඩාත් සුදුසු බවයි. එහිදී යම් ආකාරයකින් මළ සිරුරු වල අඩංගු වන වෛරසය භූගත ජල තලයට මුසුවීමේ යම් හෝ අවස්ථාවක් ඇත්නම් එය වලක්වා ගත හැකි බව ඔවුන්ගේ අදහස වුනා.