ලෝකයම කළඹන නව කොරෝනා වෛරසය!

Novel Corona Virus

මේ දිනවල ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විද්‍යා ක්ෂේත්‍රයේත් ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර බහුලව කතා වන මාතෘකාවක් තමයි නව කොරෝනා වෛරසය කියලා කියන්නේ. චීනයේ වුහාන් නගරයේ එක් සත්ත්ව වෙළඳසලක් ආශ්‍රිතව හට ගත්තා යැයි කියන මෙම වෛරසය මේ වනකොටත් මුළු ලෝකය පුරා පැතිරීමේ අවදානමකට ලක්වී තිබෙනවා.
කොරෝනා වෛරස කියල කියන්නේ සාමාන්‍යයෙන් සතුන් අතරත් මිනිසාගේත් ස්වසන පද්ධතිය ආශ්‍රිතව යම් යම් ආසාදන තත්ත්වයන් ඇති කරන්න සමත් වෛරස විෂයක්. මීට පෙරත් SARS සහ MERS ලෙස කොරෝනා වයිරස ආකාර කිහිපයක් ලොවපුරා පැතුරුණු අවස්ථා අපිට දැකගන්න හමුවුණා.

කොරෝනා වෙවරසයක අභ්‍යන්තර සැකැස්ම පෙන්වන රූප සටහනක්. මෙහිදී වෛරසය මැද ඇති RNA අණුව අඩංගු Neucleocapsid ව්‍යුහයත්, ඒ වටා ඇති ප්‍රෝටීනමය කොපුව සහ පටලයත්, පිටතට ඇති නෙරැම් වැනි ව්‍යුහයනුත් පැහැදිලිව දැක ගන්න පුළුවන්.

කොරෝනා වයිරසයක් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රෝටීනමය කොපුවකින් සහ තනි දාම RNA අනුව කින් සමන්විත වෛරසයක් මේ මගේ මේ වෛරසයේ මතුපිට ඇතිි ශේෂිත නෙරුම් ආකාර ව්‍යුහ රැසක් නිසා තමයි මෙම වෛරසය වර්ගය corona වෛරස ලෙස හඳුන්වා දී ඇත්තේ. මෙතැනදී corona කියන වචනය එන්නේ ඔටුන්න කියන අර්ථය ඇතුවයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී මෙම වෛරසය ඔටුන්නක ස්වරූපයෙන් දක්නට ලැබීම තමයි මෙම නම එයට ලැබීමට හේතු වී ඇත්තේ. ඒ අනුව ඔටුන්නක වගේ පිටතට නෙරුම් සහිතව දක්නට ඇති ගෝලාකාර වෛරසයක් ලෙස තමයි මේ corona වෛරස විද්‍යාඥයින් හඳුනාගෙන තියෙන්නේ
පසුගිය වසර අවසාන කාලයේ චීනයේ හුනාන් ප්‍රාන්තයේ ආශ්‍රිතව අලුත් කොරෝනා වෛරස වර්ගයක් හඳුනා ගනු ලැබුවා. මේ වෛරසය novel coronavirus ලෙස තමයි විද්‍යාඥ්ඥයන් නම් කරනු ලැබුවේ. ඒ අනුව මෙයට විද්‍යාත්මකව 2019 n CoV යන සංකේත නාමය ලබාදී තිබෙනවා. සිංහල භාෂාවෙන් මෙය හැඳින්වීම සඳහා වඩාත්ම උචිත යෙදුම වන්නේ නව කොරෝනා වෛරසය යන්නයි.
සාමාන්‍යයෙන් අපට සෑදෙන සෙම්ප්‍රතිශ්‍යා සහ කැස්ස වර්ග බොහොමයකට මේ corona වෛරස හේතු වන බව විද්‍යාඥයින් පවසනවා. නමුත් මෙවන් වෛරසයක් මාරාන්තික ආසාදන තත්ත්වයට පත් වන්නේ ඉතාම කලාතුරකින්. උදාහරණයක් ලෙස 2003 වසරේදී සාර්ස් වෛරසය විශේෂයෙන්ම නිව්මෝනියා තත්ත්වයක් දක්වා මෙම ආසාදන තත්වයන් වර්ධනය කරන්නට සමත්වුණා මේ නිසාම ඒවා මාරාන්තික වෛරස ලෙස ලොව පුරා පැතිර යාමද දක්නට ලැබුණා
දැනට කොරොනා වෛරස වර්ග හතක් හඳුනාගෙන තිබෙනවා.මේ හතෙන් මාරාන්තික තත්ත්වයට පත්වන බවට විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙන්නේ SARS සහ MERS coronavirus යුගල පමණයි. ඒ 2019දී මේ නව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට පෙරයි. ඒ අනුව මේ වන විට corona virus පවුලේ මාරාන්තික රෝගී තත්වයන් ඇති කිරීමට සමත් තුන්වන සාමාජිකයා මෙම නව කොරෝනා වෛරසය ලෙස විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා.
මෙම නව කොරෝනා වෛරසය විශේෂත්වය වන්නේ මෙම වෛරසය විශේෂයෙන්ම අපගේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටසට පමණක් ආසාදනය නොවී අපගේ පෙනහලු දක්වාම ගණන් ගමන්කොට පෙනහළු වල ඇති ගර්ත තුළ නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියාව තිබීමයි.
මෙම වෛරසය මුලින්ම හමු වුණු චීනයේ අද වන විට රෝගීන් 2744 දෙනෙක් මෙම වෛරස් ඒ නිසා රෝගී තත්ත්වයට පත්ව ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම රෝගීන් අතරින් අසූවකට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා දවසින් දවස මෙම සංඛ්‍යාවන් ඉතාම සීග්‍රයෙන් ඉහල යන ආකාරයක් නිරීක්ෂණය කරන්නට පුළුවන්. චීනෙට අමතරව ජපානය, දකුණු කොරියාව, වියට්නාමය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, ඇමරිකාව, ප්‍රංශය සහ නේපාලය ඇතුළු තවත් රටවල් ගණනාවකින් මෙම නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හඳුනාගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් මේ වන විට හමුවී ඇති රටවල්


මෙම රෝගී තත්ත්වයේ ඇති බැරෑරුම්කම නිසාම ලොව රටවල් බොහොමයක් මේ වන විටත් මෙම රෝගීන් ආරක්ෂා වීම සඳහා සහ මෙම රෝගය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම රට තුළට රෝගීන් පැමිණිය හැකි ගුවන් තොටුපලවල් වරායන් ආශ්‍රිතව විශේෂ උෂ්ණත්ව සංවේදන උපකරණ සවිකිරීම මගින් උණ රෝගීන් කල්තියා හඳුනා ගැනීම සිදු කරනු ලබනවා. කිසියම් උණ රෝගියකු නව corona වයිරසයෙන් ආසාදිත යැයි සැක සිතුණහොත් ඔවුන් වෙනම විශේෂිත ඒකකයක් වෙත යොමු කරනු ලබනවා. මෙම ඒකකය තුළ ඔවුන් දින කිහිපයක් ආරක්ෂිතව රඳවාගෙන තබාගන්නා අතර, අනතුරුව ඔවුන්ගේ ශ්ලේෂ්මල සාම්පලයන් වෛරසයෙන් තොර යැයි හඳුනා ගන්නා තෙක් ඔවුන් මෙම ආරක්ෂිත ඒකකයන් තුළ රඳවා තිබෙනවා.

ගුවන් තොටුපලක සංතාරකයින්ගේ උෂ්ණත්වය මැනීම සඳහා විශේෂ කණ්ඩායමක් කටයුතු කරන ආකාරය (Image – CNBC.com)


යම් හෙයකින් ඔවුන් corona වයිරසයෙන් ආසාදිත යැයි හඳුනා ගතහොත් ඔවුන් විශේෂිත ආරක්ෂිත ප්‍රතිකාර ඒකක වෙත යොමු කරනු ලබනවා. ශ්‍රීී ලංකාවේ ද ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා විශේෂිත කණ්ඩායමක් යොදවා ඇතැයි ඊයේ රජය විසින් නිකුත් කළ ිශේෂ ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වුණා එමෙන්ම කිසියම් රෝගී පුද්ගලයෙක් හෝ පුද්ගලයින් වාර්තා වුවහොත් ඔවුන් හට ප්‍රතිකාර කිරීම සඳහා කොලොන්නාවේ IDH රෝහල භාවිතා කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. මීට දින දෙකකට පෙර එවන් සැකකටයුතු රෝගීන් රිදෙන IDH රෝහල වෙත යොමු කෙරුණු අතර පසුව සිදුකළ පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා වෛරස් ආසාදිතයින් නොවන බව හඳුනා ගනු ලැබුවා. ඒ අනුව ශ්රී‍ ලංකාව තුළ තවමත් corona වෛරස ආසාදිතයින් වාර්තා වී නැහැ.


corona virus ආසාදනයන්ගෙන් වැළකීම සඳහා ආරක්ෂා වීම සඳහා අපට ගත හැකි ක්‍රියා මාර්ග බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම මෙය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පැතිරි යන රෝගී තත්ත්වයක් නිසා ස්වසන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් ආශ්‍රිතව පැවසීමේදී අප වඩාත් ප්‍රවේශම් විය යුතු වනවා. එහිදී මුව සහ නාසය හොඳින් ආවරණය වන පරිදි මුව වැස්මක් පැලඳීම ඩාත් ප්‍රයෝජනවත් වනු ඇති. එමෙන්ම පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන බාවිතයේදී නිතරම අපගේ දෑත් ඔස්සේ මෙම වෛරසය අපගේ ශ්වසන පද්ධතිය වෙතට ඇතුළු වීමේ අවදානමක් ඇති නිසා සෑම විටම අපගේ දෑත් හොඳින් පිරිසුදුව තබා ගැනීම වැදගත්. ඒ වගේම දෑත්වලින් මුඛය සහ නාසය ඇල්ලීමෙන් වැළකීමත් වැදගත්.
මීට අමතරව කිසියම් ස්වසන රෝගී තත්ත්වයක් ඇත්නම් එම රෝගී තත්ත්වය තවදුරටත් පැතිරයාම වැළැක්වීම සඳහා අප කිවිසුම් යැවීමේදී මෙන්ම කහින විටත් ලේන්සුවක් භාවිතා කරනවානම් එය මෙම රෝගී තත්ත්වය පැතිරී යාම වළක්වා ගැනීමට හේතුවනවා ඇති.
එමෙන්ම මෙම රෝගී තත්ත්වයන් සතුන්ගෙන් හටගන්නා බවට සැක පහල කරන නිසා සතුන් ආශ්‍රිත කටයුතු වල යෙදීමේදී ඩාත් ප්‍රවේශම් සහගත වීම වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.