අප අහසේ සිදුවෙන නොයෙකුත් මනස්කාන්ත සංසිද්ධීන් අතරින් සූර්යග්‍රහණ සඳහා හිමිවන්නේ විශේෂ තැනක්. ඊට හේතුව සූර්යග්‍රහණයක ඇති දුර්ලභ බවත් එම සංසිද්ධියේ ඇති සුවිශේෂී බවත් නිසාමයි. මේ වසරේ යෙදෙන අවසාන සූර්යග්‍රහණය මේ දෙසැම්බර් මස 26 වනදාට සිදුවීමට නියමිතයි. සවුදි අරාබියේ සිට දකුණු ඉන්දියාව හරහා ඉන්දුනීසියාව දක්වා ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් කිහිපයකට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දැකගැනීමේ වාසනාව හිමිවෙනවා. නමුත් ලංකාවේ ත්‍රිකුණාමලය හා ඊට උතුරින් ඇති ප්‍රදේශ වලට පමණයි මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ. ලංකාවේ දකුණු දිග ප්‍රදේශ වලට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වනු ඇති.
සූර්යග්‍රහණයකදී සිදුවන්නේ සූරයයා හා පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණෙන දිනකදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මත පතිත වීමයි. මෙම සෙවනැල්ල තුල සිට බලන්නෙකුට සූර්යයා චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන්ම වැසීයනු නිරීක්ෂණය කළ හැකි වනවා.

වලයාකාර හා පූර්ණ සූරයග්‍රහණ වල වෙනස
චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයකයි. මේ නිසා චන්ද්‍රයා සහ පෘථීවිය අතර දුර වසරේ එක් එක් කාල වලදී වෙනස් අගයයන් ගන්නවා. මේ හේතුව නිසා සූර්යයාට සාපේක්ෂව චන්ද්‍රයාගේ දෘශ්‍ය විශාලත්වයද වසර පුරා වෙනස් වනවා. ඇතැම් අවස්ථා වලදී සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ දෘශ්‍ය විශාලත්වයන් සමාන වන අතර, ඇතැම් දිනවලදී සූරයයාට වඩා චන්ද්‍රයා මඳක් කුඩාවට දිස්වනවා. ඒ චන්ද්‍රයා පෘථිවියේ සිට මඳක් ඈතින් ඇති අවස්ථා වලදී. සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවකදී චන්ද්‍රයා පෘථිවියේ සිට පිහිටන දුර අනුව එම සූර්යග්‍රහණය දිස්වන ආකාරය වෙනස් වනවා. චන්ද්‍රයා පෘථිවියට මඳක් ආසන්නව ඇති විටදී සිදුවන සූර්යග්‍රහණයකදී සූර්යයා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැසීයන අතර එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා. නමුත් චන්ද්‍රයා පෘථිවියේ සිට දුරින් පිහිටන අවස්ථාවකදී සූරයයාට වඩා චන්ද්‍රයාගේ දෘශ්‍ය විශාලත්වය මඳක් අඩු වන නිසා සූරයග්රහණයේදී චන්ද්‍රයා හා සූරයයා සමපාත වූ විට සූර්යයාගේ පිටත කලාපය කුඩා වලල්ලක් ලෙස චන්ද්‍රයා වටා දිලිසෙන්න ගන්නවා. මෙවන් සූර්යග්‍රහණයක් හඳුන්වන්නේ වලයාකාර සූරයග්‍රහණයක් ලෙසයි. මෙම දෙසැම්බර් 26 වන දා අපට දකින්නට ලැබෙන්නේද මෙවන් වලයාකාර සූරයග්‍රහණ අවස්ථාවකුයි. නමුත් මෙය මේ ආකාරයේ වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමේ වාසනාව හිමිවන්නේ ලංකාවේ උතුරුදිග ප්‍රෙද්ශවල ජනතාවට පමණි.



මෙම සූර්යග්‍රහණයට අදාළ විශේෂ අවස්ථාවන් දැක්වෙන කාල සටහන පහත දැක්වේ (මෙම වේලාවන් කොළඹ නගරය ආශ්රිත ප්‍රදේශ සඳහා වන අතර වෙනත් ප්‍රෙද්ශ සඳහා මෙම වේලාවන් සුළු වශයෙන් වෙනස් විය හැක)
අර්ධ සූර්යග්‍රහණය ආරම්භය – උදෑසන 08.10.04
සූර්යග්‍රහණයේ උපරිම අවස්ථාව – උදෑසන 09.36.34
අර්ධ සූර්යග්‍රහණයේ අවසානය – උදෑසන 11.22
Images- Wikipedia