Greta

ලෝක නායකයින්ට එරෙහිව හඬ අවධිකල පුංචි යකඩ කෙල්ල ග්‍රේටා

පසුගිය 21 වන දා සිට 23 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන පරිශ්‍රෙය්දී විශේෂ සමුළුවක් පැවැත්වුනා. ඒ ලෝක දේශගුණික ක්‍රියාකාරීත්ව සමුළුව. මේ සමුළුවේදී ලෝක නායකයින් සහ නියෝජිතයින් සිය රටවල් ගෝලීය උෂ්ණත්ව ඉහල යාම වලක්වා ගැනීම සඳහා සිය රටවල් වලින් ඉදිරිපත් කරන යෝජනාවලීන් සාකච්ඡාවට ලක්කරනු ලැබූවා.‍‍‍‍

ලෝකයේ රටවල් 60 ක් නියෝජනය කරමින් එම රටවල නායකයින් සහ තවත් ඉහලපෙලේ නියෝජිතයන් සිය රටවල් මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යාමනය කිරීම සඳහා සිය රටවල් වලින් සැපයීමට බලාපොරොත්තු වන දායකත්වයන් සමුළුවට ඉදිරිපත් කරනු ලැබූවා. ‍මෙම සමුළුව අතරතුර මුළු ලෝකයේම අවධානය එක් කතාවක් වෙත යොමුවුනා. ඒ ලෝක නායකයෙකුගේ කතාවක් නම් නෙමෙයි. අවුරුදු දහසයක පුංචි ස්විස් ජාතික දේශගුණික ක්‍රියාකාරිණියක තමයි මේ කතාව පැවැත්වූවේ.

නමින් ග්‍රේටා තන්බර්ග් කියල කියන්නේ ලෝක පාරිසරික ක්‍රියාකාරීන් අතර හුරු පුරුදු නමක්. සාමාන්‍යෙයන් ඕනෑම තැනක ලෝක පාරිසරික විනාශයන් පිළිබඳව කතා කරමින් සැමදෙනාගේම අවධානය ඒ වෙත යොමු කල හැකි ක්‍රියාකාරිණියක් ලෙස ඇය ප්‍රසිද්ධව සිටියා. නමුත් පසුගිය 23 වන දා ඇය ලෝක නායකයින් අභිමුවෙහි සිය කතාව සිදුකලේ සිත තුල ගැඹුරින්ම කැකෑරෙන වෛරයක් සහ දුකක්ද සමඟින්. මේ නිසාම මේ කතාව ලොව පුරා මාධ්‍ය ඔස්සේ විකාශණය වූ අතර ඊට ලොව පුරා ලොකු කුඩා සැමගේ අවධානයද යොමු වුනා.

පහතින් දැක්වෙන්නේ ග්‍රේටා සිදුකල කතාවේ සංහල පරිවර්ථනයයි. නමුත් මෙම කතාවේ අඩංගුවී තිබූ හැඟීම් මෙම පරිවර්ථනය ඔස්සේ නියේජනය වේ යැයි සිතිය නොහැකියි. එම නිසාම එම කතාවද පහත දැක්වෙන වීඩියෝවේ අඩංගු වනවා.



මෙය සහමුලින්ම වැරදියි. මා අද මෙතැන සිටිය යුතු නෑ. මා මහ සයුරෙන් එහා මගේ රටේ පාසැලක අකුරු කරමින් සිටිය යුතුයි. එහෙත් නුඹ සියළුදෙනා පුංචි අපෙන් තමයි හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නෙ, කොහොමද නුඹලා එහෙම කරන්නෙ?
පසුගිය වසර 30 කටත් වැඩි කාලයක් තිස්සේ විද්‍යාව හැම දෙයක්ම පැහැදිලිවම පෙන්වා දී තිබියදීත්, නුඹලා කොහොමද අහක බලාගෙන ඉන්නෙ මේ මහා විනාශය වලක්වන්න කිසිම දේශපාලනික හෝ උපායමාර්ගික ක්‍රියාමාර්ග කිසිවක් පෙනෙන තෙක් මානයක නැතිව?
නුඹලා හැමදාමත් කියනවා නුඹල අපිට ඇහුම්කම් දෙනව කියල, නුඹලට මේ අවශ්‍යතාව තේරෙනව කියල. නමුත් මම කොච්චර කේන්තියෙන් හිටියත්, කොච්චර දුකෙන් හිටියත් නුඹලගේ ඒ බොරුව මම පිළිගන්නෙ නෑ, මොකද නුඹලා මේ විනාශය තේරුම් අරගෙන ඒකට කිසිත් නොකර හිටිය කියන්නේ නුඹලා තනිකරම හිත් පිත් නැති නරුමයෝ ටිකක් විය යුතුයි, මම ඒක පිළිගන්නේ නෑ.
දැනට නුඹලා ගොඩාක් ප්‍රසිද්ධ කරගෙන යන මතය තමයි අවුරුදු 10 කින් නුඹලාගේ කාබන් විමෝචන භාගයකින් අඩු කරනව කියල. එහෙම කරත් අපිට 50% ක අවස්ථාවක් විතරයි හම්බවෙන්නේ උෂ්ණත්ව ඉහල යාම අංශක 1.5 කට අඩුවෙන් තියාගන්නග ඒ කියන්නෙ අපිට 50% ක අවස්ථාවක් විතරයි නුඹල දෙන්න සූදානම් මේ ලෝකය නැවත අපසු හරවන්න බැරි විනාශකාරී දාම ප්‍රතික්‍රියාවන් රැසක බලපෑමෙන් මේ ලෝකය ගලවගන්න.
නුඹලා මේ 50% න් සෑහීමකට පත්වනවා ඇති. නමුත් නුඹලාගේ නිර්වචනයන්වලට ඇතුල වෙන්නෙ නැහැ වෙනත් සීමාකාරී ලක්ෂ්‍යයන්, ඊට ඇතුල් වෙන්නේ නැහැ වෙනත් වෙනත් විශ සහිත වායු දූශණයන් නිසා ඇතිවන උෂ්ණත්ව ඉහල යාම්, ඊට ඇතුල් වෙන්නේ නෑ වෙනත් ප්‍රතිපෝෂණ චක්‍රයන් හෝ සමානාත්මතාව හෝ දේශගුණික සාධාරණත්වය. ඒ එක්කම නුඹලා ගේ නිර්වචන බලාපොරොත්තු වෙනවා නුඹලාගේ කාබන් ඩයෝක්සයිඩ් විමෝචනයන්ගෙන් ටොන් බිලියන සිය ගණනක් වායුගෝලයෙන් ඉවත් කරන්න මගේ පරම්පරාවට බාරදෙන්න, නමුත් එය සුදු කිරීමට අවශ්‍ය තාක්ෂණයන් මේ වනතුරුත් ස්ථාපිත වෙලා නැහැ.
මේ නිසා 50% ක අවස්ථාවක් කියන එක අපි පිලිගැනීමට කිසිසේත් සූදානම් නැහැ. මොකද අපියි මේ විනාශකාරී ක්‍රියාදාමයන්ගේ ප්‍රථිපල වලට මුහුණ දිය යුත්තේ.
නුඹලා කොහොමද මේ මහා විනාශය සාමාන්‍ය සහ තාක්ෂණික යෙදවුම් කිහිපයකින් විසඳිය හැකි එකක් බවට අඟවමින් බලාගෙන ඉන්නෙ තවදුරටත්? මේ යන වෙගය අනුව ගියොත් තවත් අවුරුදු අට හමාරකින් මේ ලොකයට දරන්න පුළුවන් උපරිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට ළඟා වෙනවා. අද අපි මේ දකින ඉලක්කම් බොහොමයක් භයානක ඒව, නමුත් නුඹලා අසමත් වෙලා තියෙනවා මේවට නිසි විසඳුමක් ඉදිරිපත් කරන්න. නුඹලා තවමත් මේ සත්‍යය සත්‍ය විදිහට පිළිගන්නවත්, ඒ සත්‍යය සත්‍යය විදිහට එළියට පවසන්න තරමිවත් මුහුකුරා ගිහින් නෑ, නුඹලා වැඩ කරන්නේ ඉතාම පහත් විදිහට.
නුඹල අපේ පරම්පරාව අනතුරේ දාලා ඉවරයි. නමුත් දැන් ඉන්න දරු දැරි සහ තරුණ පරම්පරාව නුඹලාගේ මේ පාවා දීම තේරුම් ගන්න පටන් අරන්. අපේ ඉදිරි පරම්පරාවන්ගේ දෑස් නුඹලා වෙතට යොමුවෙලයි තියෙන්නෙ. නුඹලා තවදුරටත් අපේ අනාගතය අනතුරේ හෙලමින් කටයුත් කලොත් අපි නුඹලාට කිසි දිනෙකත් සමාවක් නොදෙන්නෙමු.
අප නුඹලාට මේ මහා පාවාදීමෙන් ගැලවී යන්නට ඉඩ දෙන්නේ නැහැ. අපි මේ මොහොතේ මෙතැන් සිට මේ දේ නැවැත්විය යුතුයි කියල නුඹලා බල කර කියා සිටිනවා. ලොකය මේ විනාශයන් තවදුරටත් ඉවසන්නේ නැහැ. නුඹලා කැමත් වුනති අකමැති වුනත්   වෙනස වැඩි ඈතක නෙමෙයි.
ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.