රාත්‍රී අහසේ අපට දිස්වන චමත්කාරජනක සංසිද්ධින් අතර චන්ද්‍රග්‍රහණ වලට හිමිවන්නේ ප්‍රධාන තැනක්. පෘථිවියේ සෙවනැල්ල තුලින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා හටගන්නා චන්ද්‍ර ග්‍රහණයකදී චන්ද්‍රයාගේ දීප්තිය සැලකිය යුතු මට්ටමකින් අඩුවන අතර, චන්ද්‍රයා සම්පූර්ණයෙන් වැසීයාමක් දක්නට ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණයක් ප්‍රධාන ආකාර දෙකක් යටතේ සිදුවන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්යයා නිසා පෘථීවියෙන් ඇතිවන සෙවනැල්ල ප්‍රධාන ඡායාව හා උප ඡායාව ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන ඡායාව අඳුරු බවෙන් වැඩි වන අතර, උප ඡායාව අඩු අඳුරු බවකින් යුක්ත වනවා.

මෙහිදී චන්ද්‍රයා පෘථීවි උප ඡායාව හරහා ගමන් කිරීමේදී හටගන්නා චන්ද්‍රගහණය උප චන්ද්‍රග්‍රහණයක් ලෙස නම් වන අතර, ප්‍රධාන ඡායාව තුලින් සම්පූර්ණයෙන්ම ගමන් කරද්දී ඇතිවන චන්ද්‍ර ග්‍රහණය පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස සැලකෙනවා. නමුත් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පූර්ණ ඡායාව තුලට නොපැමිණ අර්ධ වශයෙන් ඇතුල් වීම නිසා හටගන්නා ඡන්ද්රග්රහණ හඳුන්වන්නේ අර්ධ ඡන්ද්රග්රහණ ලෙසයි. ඒ අනුව හෙට එනම් ජූලි 17 වන දා හටගන්නා චන්ද්‍රග්‍රහණය අයත්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණ ගණයටයි. මෙම සංසිද්ධියේදී දිනයේදී චන්ද්‍රයාගේ අර්ධයකට මඳක් වැඩි ප්‍රමාණයක් පෘථිවියේ පූර්ණ ඡායාව හරහා ගමන් කරනු දැකිය හැකි වනු ඇති.

මෙම ඡන්ද්රග්රහණය ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකටත්, මුළු අප්‍රිකා මහද්වීපයටත්, දකුණු ඇමරිකා මහද්වීයටත් ඉතා හොඳින් දර්ශණය වනු ඇති. පහත දැක්වෙන්නේ හෙට අප හට නිරීක්ෂනය කළ හැකි චන්ද්‍ර ග්‍රහණයට අදාළ කාල සටහනයි. (ශ්‍රී ලංකා වේලාවෙනි)
උප චන්ද්‍රග්‍රහණයේ ආරම්භය – ජූලි 17 වන දා පාන්දර 12.13
අර්ධ චන්ද්‍රග්‍රහණයේ ආරම්භය – ජූලි 17 වන දා පාන්දර 01.31
චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව – ජූලි 17 වන දා පාන්දර 03.00
අර්ධ චන්ද්‍රග්‍රහණයේ අවසානය – ජූලි 17 වන දා පාන්දර 04.29
උප චන්ද්‍රග්‍රහණයේ අවසානය – ජූලි 17 වන දා පාන්දර 05.47
ඒ අනුව මුළු චන්ද්‍රග්‍රහණය පැය 5 කුත් විනාඩි 34 දිගු වන අතර අර්ධ චන්ද්‍ර ගහණය පැය 2 කුත් විනාඩි 58 ක කාලයක් දර්ශණය වනු ඇති.
This page is very helpful. I like it very much. In a word it’s AWESOME . When I see this, it makes me proud of srilanka.🇱🇰 best of luck . Aayuboowan !