Nano Satellite model

රටක අභිමානයත් සමඟින් රාවනා 1 පෘථීවිය වටා කක්ෂ ගතවේ!

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා මූල්‍යමය දායකත්වය මත නිර්මාණය වූ ප්‍රථම චන්ද්‍රිකාව වන රාවනා 1 චන්ද්‍රිකාව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඊයේ (ජූනි 17 වන දා) පෘථිවියේ සිට ක්ලෝමීටර් 400 ක් ඉහලින් පිහිටි කක්ෂයකට සාර්ථකව මුදා හැරිනි.

ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ BIRDS 3 ව්‍යාපෘථීය යටතේ නැනෝ පරිමාණයේ චන්ද්‍රිකා 3 ක් නිර්මාණය වූ අතර ඒවා අතරින් එකක් වූයේ ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂනය හා පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරු දෙපලක් වන තරිඳු දයාරත්න හා දුලානි චාමිකා දෙපල විසින් නිර්මාණය කළ රාවනා 1 නැනෝ චන්ද්‍රිකාවයි. සෙන්ටි මීටර් 10 x 10 x 10 ප්‍රමාණයේ කුඩා චන්ද්‍රිකාවක් වන මෙය කිලෝ ග්‍රෑම් 1 ක පමණ ස්කන්ධයකින් යුක්තයි.

පසුගිය අප්‍රේල් 18 වන දා උැමරිකා එක්සත් ජනපදයෙන් ඇන්ටාරෙස් රොකට්ටුවක අභ්‍යවකාශගතකළ සිග්නස් II නම් අභ්‍යවකාශ ප්‍රවාහන යානය මඟින් රාවනා 1 චන්ද්‍රිකාව සහ අනෙක් චන්ද්‍රිකා දෙක අන්තර්ජාගික අභ්‍යවකාශ මධයස්ථානය වෙත යැවුනු අතර, ඊයේ එනම ජූනි 17 වන දා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ KIBO නම් ජපාන පර්යේෂණ මොඩියුලය ආධාරයෙන් අභ්‍යවකාශයේ පෘථිවිය වටා වන කක්ෂය වෙත මුදා හරිනු ලැබුවා.

මෙම ‍සුවිශේෂි අවස්ථාව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව ලොව පුරා විකාශය කෙරුණු අතර මෙහි සමගාමී විකාශණයක් නවීන තාක්ෂණයන් පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ අමාත්‍ය සුජීව සේනසිංහ සහ නවීන තාක්ෂණය පිළිබඳ අාතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂකයාන් සහ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විශාල ජනතා සහභාගීත්වයක්ද දක්නට ලැබින. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45 ට BRDS 3 ව්‍යාපෘතියට අදාළ චන්ද්‍රිකා ත්‍රිත්වය අභ්‍යවකාශ මධ්‍යස්තානයෙන් පිටතට මුදා හරිද්දී මුළු ශ්‍රවණාගාරයම ප්‍රීතිඝෝෂා හා අත්පොලසන් නාදයෙන් පිරී යනු දක්නට ලැබින.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී පැමිණි සිටි ජනතාව චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සිය සතුට පල කල අයුරු

අභ්‍යවකාශයට මුදා හැරීමෙන් පසුව පෘථිවිය වටා කක්ෂ ගතව පවතින රාවනා 1 චන්ද්‍රිකාව සාර්ථකව පෘථිවියේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන හා සම්බන්ධ වූ බව තරිඳු දයාරත්න සිය මුහුණු පොතෙහි සනිටුහන් කර තිබුනා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණයෙහි ආරම්භය වෙනුවෙන් තැබූ සාර්ථක යෝධ පිම්මක් වනවා නොඅනුමානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.