Asteroid

සැතපුමක් පළල ද්විත්ව ග්‍රහකයක් මේ සති අන්තයේදී පෘථිවිය ආසන්නයට!

අපගේ සෟරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රහක හඳුනා ගැනීම සහ වැඩිදුර නිරීක්ෂනය සඳහා පිහිටුවා ඇති LINEAR ( Lincoln Near Earth Asteroid Research) ව්‍යාපෘථිය විසින් 1999 දී විශේෂ ග්‍රහකයක් නිරීක්ෂණය කරනු ලබනවා, 1999 KW4 ලෙස නම්කරන ලද මේ ග්‍රහකය සත්‍ය වශයෙන්ම ග්‍රහක දෙකකින් සමන්විත ද්විත්ව පද්ධතියක් බව විද්‍යාඥයින් හඳුනා ගනු ලබනවා. මෙම ග්‍රහක ද්විත්වයෙන් එකක් විශාලත්වයෙන් වැඩි ග්‍රහකයක් වන අතර අනෙක ඒ වටා ගමන් කරන කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් වන බව හඳුනා ගනු ලැබුවා. මෙම ග්‍රහකය සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීම සඳහා දින 188 ක කාලයක් ගතකරනවා. මෙම ගමනේදී මෙම ග්‍රහක පද්ධතිය ඇතැම් අවස්ථාවලදී පෘථිවිය හා ඉතා අසන්නයට පැමිණෙන අවස්ථා හමුවනවා. ඒ අනුව හෙට දින (2019/05/24) මෙම ග්‍රහක පද්ධතිය පෘථිවියට ඉතා ආසන්නයට පැමිණීමට නියමිතයි. ඒ අනුව මෙම ග්‍රහක පද්ධතිය පෘථීවියේ සිට සැතපුම් මිලියන 3 ක පමණ දුරකින් ගමන් කරනු ඇති.

මෙම ග්‍රහකය පෘථිවියට මෙතරම් ලං වුනත් එය පෘථිවය හා ගැටීමේ සම්භාවිතාවක් නොමැති බවයි විද්‍යාඥයින් පවසන්නේ. විද්‍යාඥයින් මෙම අවස්ථාව වෙනුවෙන් සැදී පැහැදී සිටින්නේ මෙය මෙවන් ග්‍රහකයක් ඉතා ආසන්නයේ සිට නිරීක්ෂණය සඳහා ලැබෙන මහඟු අවස්ථාවක් නිසයි. ඒ අනුව ලොව පුරා අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථාන සියල්ලම පාහේ මෙම ග්‍රහකය නිරීක්ෂණය සඳහා බලාපොරොත්තුවෙන් සිටින්නේ අනාගතයේදී මෙවන් ග්‍රහක නිසා පෘථිවියට එල්ලවිය හැකි බලපෑම් වලට මුහුන දීම සදහා මෙය ඉතා හොඳ අත්දැකීමක් වන නිසාවෙනි.

මෙම ග්‍රහක පද්ධතිය මෙතරම් ආසන්නයෙන් ගමන් කලත් එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට තරම් දීප්තියක් නොමැති වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.