Event Horizon

කළු කුහරයක ප්‍රථම ඡායාරූපය අද?

යුරෝපීය ඉවෙන්ට් හොරයිසන් අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මීට දින කිහිපයකට පෙර නිවේදනය කළ පරිදි කළු කුහරයක ප්‍රථම සැබෑ ඡායාරූපය අප්‍රේල් 10 වන අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා එළි දැක්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද හවස 6.30 ට මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

තාරකා විද්‍යාවට ඇළුම් කරන සෑම දෙනෙක්ම වඩාත් උනන්දුවන මාතෘකාවක් තමයි කළු කුහර කියල කියන්නේ, කළු කුහර පිළිබඳ අධ්‍යනය එතරම් සරල හෝ පහසු නැති නිසා මේවා තවමත් අද්භූත ගණයේ ලා සැලකෙන අභ්‍යවකාශ නිර්මාණයන් ලෙස සලකන්න පුළුවන්. ස්කන්ධයෙන් වැඩි තාරකාවන් සිය ජීවිත කාලය අවසන් කරන්නේ සුපර්නොවා වක් ලෙස පුපුරා යාමෙන්, මෙවන් සුපර්නෝවාවක අඩංගු පදාර්ථයන් සියල්ල අවසානයේදී ඉතා කුඩා ස්කන්ධයක් ලෙස ගොනුවන්නේ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන අධික ගුරුත්වාකර්ශණ බලය නිසයි. මෙම ගුරුතුවාකර්ශනය කෙතරම් ප්‍රබලද යත්, අවට ඇති ආලෝක තරංග පවා මේ තුලට ඇදගනු ලබනවා. මේ නිසා මෙම කළු කුහර නිරීක්ෂණය එතරම් පහසු නැහැ.

ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂ පද්ධතිය

ඉවෙන්ට් හොරයිසන් ලෙස හැඳින්වෙන්නේ ලොව පුරා පිහිටුවා ඇති ප්‍රබල දුරේක්ෂ රැසක එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති සහයෝගීතා එකමුතුවක්. මෙම එකමුතුවට අයත් දුරේක්ෂ 11 න් 8ක් මෙම කළු කුහර නිරීක්ෂණ කර්තව්‍ය සඳහා දායකවී තිබෙනවා. එ අනුව චිලී, ස්පාඤ්ඤය, මෙක්සිකෝව, ඇමරිකාව, දක්ෂිණ ද්‍රැවය ආශ්‍රිතව පිහිටුවා ඇති අති ප්‍රබල දුරේක්ෂ 8ක් මේ සඳහා දායක වී ඇති බව සඳහන්.

ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂ පද්ධතිය (ඡායාරූපය-
Event Horizon ‘Scope ට්විටර් පිටුව)

මෙම සහයෝගීතාවයේ ප්‍රධාන කළු කුහර ඉලක්කයන් දෙකක් ලෙස ධනු රාශිය ආශ්‍රිතව පිහිටන ” Sagittarius A ” සහ අපගේ මන්දාකිනියේ මැද ඇති M87 කළු කුහර දෙක හඳුන්වා දී තිබෙනවා. CNN පවෘත්ති සේවය හා අදහස් දක්වා ඇති ලායි නම් පර්යේෂකයා පවසන්නේ අද දින මාධ්‍ය සාකච්ඡාවේදී බොහෝ විට අපගේ මන්දාකිණියේ මැද පිහිටා ඇති M87 කළු කුහරයේ ඡායාරූපයක් එළිදක්වනු ඇති බවට අපේක්ෂා කල හැකි බවයි.

අද හවස 6.30 ට සජීවීව මෙම මාධ්‍ය සාකච්ඡාව ඔබටත් පහත සබැඳිය හරහා එක්විය හැකියි.

ප්‍රධාන ඡායාරූපය – ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂ පද්ධතියට අයත් දක්ෂිණ ද්‍රැවය ආසන්නයේ පිහිටා ඇති දුරේක්ෂය. ( https://eventhorizontelescope.org )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.