Telescope

ආතර් සී. ක්ලාක් ආයතනයේ විවෘත දිනය – 2019

සන්නිවේදන හා ආශ්‍රිත විද්‍යා, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ තාක්ෂණ, රොබෝ විද්‍යාව, ෆොටොනික්ස් හා ශ්‍රී ලංකාවට වැදගත්කමක් ඇති නව ද්‍රව්‍ය ආදී නවීන තාක්ෂණයන් සම්බන්ධ පර්යේෂණ කටයුතු සහ නවම් හඳුන්වාදීම් සිදුකරන ආයතනයක් ලෙස නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යයස්ථානය (ACCMT)  හඳුන්වා දෙන්න පුළුවන්.

1984 දී සථාපිත කරනු ලැබූ මෙම ආයතනයේ මූලික යටිතල පහසුකම් 1986 දී පිහිටුවනු ලැබූ අතර 1987 දී තාක්ෂණික පර්යේෂණ කටයුතු ආරම්භ කරනු ලබනවා.

අද වන විට ඉංජිනේරුවන්, විද්‍යාඥයින් සහ වෙනත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ යෙදවුම් සහ තොරතුරු තාක්ෂණ යන නවීන තාක්ෂණ ක්ෂේත්‍රයන්හී ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.

පුළුල් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් වලට අමතරව, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) කටයුතු හා තරුණ පුහුණු වැඩසටහන් හිද මෙම ආයතනය බෙහෙවින් නිරතවෙමින් සිටී. කර්මාන්ත සඳහා උපදේශන සේවාවනට අමතරව, කාර්මික යෙදවුම් සඳහා ඉලෙක්ට්‍රොනික, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අංශයන්ගේ විශේෂඥතාවය ඇතිව නිෂ්පාදන, පද්ධතීන් හා තාක්ෂණයන් දියුණු කිරීමට හැකි යටිතල පහසුකම් හා මානව සම්පත් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යයස්ථානය සතුව ඇත.

මෙම මධ්‍යස්ථානය විසින් සිදුකරන සේවාවන්, පර්යේෂණ කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ දැනුම මහජනතාව වෙතට ගෙනයාමේ අරමුණින් විශේෂ මහජන විවෘත දිනයක්
2019.03.11 දින සංවිධානය කර ඇත. මෙදින ආතර් සී ක්ලාක් මධයස්ථානය මහජනතාව සඳහා විවෘත වන අතර ආයතනයේ සියලුම කරටයුතු පිළිබඳ හැදෑරීමටත්, දැන හඳුනාගැනීමටත්, ලංකාවේ දැනට භාවිතා වන නවීනතම දුරේක්ෂ ඇතුළු උපකරණ ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමටත් මෙම විවෘත දිනයේදී පාසැල්, සරසවි සිසුන් ඇතුළු මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

ACCIMT
පාසැල් දරු දැරියන් පිරිසක් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී දුරේක්ෂ පිළිබඳ දැනුම ලබා ගනිමින්. (ඡායාරූපය-http://www.accimt.ac.lk)

2019.03.11 දින පෙ.ව.9.00  සිට ප.ව.6.00 දක්වා ආතර් සී. කලාක් ආයතන පරිශ්‍රයේ දී  පැවැත්වෙන මෙම ආතර් සී. ක්ලාක් විවෘත දින වැඩසටහන සදහා උනන්දුවක් දක්වන සැමට සහභාගීවී දැනුම ලබාගන්නා ලෙසට නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යයස්ථානය ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.