Neutron Star

අනන්තයෙන් ආ අබිරහස් ගුවන්විදුලි සංඥා!

2019 ජනවාරි 9 වනදා ලෝක ප්‍රකට නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව කැනඩාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් විශ්වයේ ඈත කොනකින් නිකුත් වූවායැයි සිතන ගුවන්විදුලි සංඥාවන් කිහිපයක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම නිරීක්ෂණය කිරීමට සමත්ව තිබෙන්නේ නැනඩාවේ ස්ථානගතකර ඇති CHIME ලෙස හැඳින්වෙන රේඩියෝ දුරේක්ෂය මගින්.

CHIME Radio telescope
කැනඩාවේ පිහිටුවා ඇති CHIME රේඩියෝ දුරේක්ෂ පද්ධතිය (ඡායාරූපය – CHIME වෙබ් අඩවිය)

පර්යේෂණ කණ්ඩාමට අනුව ඔවුන් අනුමාන කරන්නේ මෙම සංඥාවන් පෘථිවියේ සිට ආලෝක වර්ශ බ්ලියන 1.5 කට වඩා ඈතින් පිහිටි මන්දාකිනියක සිට බවයි. මෙම සංඥා නිරීක්ෂණයේදී රේඩියෝ සංඥා 13 ක් ග්‍රහණය කරගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත්ව ඇති අතර, ඒවායින් 6ක් එක සමාන ආවර්ථික සංඥාවන් බවට හඳුනාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. මේ එක් සංඥාවක් අපගේ සූර්යයා මෙන් ම්ල්යන 25 ගුණයක ශක්තියක් දරණ බව විද්‍යාඥයින් පවසනවා.

පර්යේෂණ පත්‍රිකාවට අනුව මෙම රේඩියෝ සංඥාවන් නිරීක්ෂණය කරතිබෙන්නේ පසුගිය 2018 වසරේ ජූලි සහ අගෝස්තු මාස අතරයි. ඒ මෙම රේඩියෝ දුරේක්ෂය ස්ථාපනය කර පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කර ඇති විටදියි. පර්යේෂණය සිදුකල පර්යේෂණ කණ්ඩායමට අනුව මෙම රේඩියෝ සංඥාවන් අදාල මන්දාකිනියේ ඇති අධිවේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තාරකාවක් හෙවත් මැග්නටාර් වර්ගයේ තාරකාවකින් මෙම අධිබලැති රේඩියෝ සංඥා උපදින බව අනුමාන කරන බවයි පැවසෙන්නේ.

නේචර් වෙබ් අඩවියේ පළවූ අදාල පර්යේෂණ වාර්ථාව – මෙතනින්

CHIME දුරේක්ෂ පද්ධතිය පිළිබඳ වැඩිදුර තොරතුරු – මෙතනින්

Featured Image – Flickr|Neutron Star | by Kevin M. Gill

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.