Dr. Asha

BBC වසරේ කාන්තාවන් 100 දෙනා අතරට අපේ රටෙන් ආචාර්ය ආශා!

BBC ආයතනය මගින් සෑම වසරකදීම අවසානයේ එම වසර තුලදී ලොව පුරා නොයෙකුත් ආකාරයෙන් ජනතාව අතරට සමීප වූ සහ ලෝකයට ආදර්ශයන් සැපයූ කාන්තාවන් සියයක් නම් කරනු ලබනවා. මීට පැය කිහිපයකට පෙර එම ආයතනය මගින් 2018 වසර සඳහා ඔවුන් තෝරා ගත් කාන්තාවන් සියය එළි දැක්වූවා. එම නම් අතර පිට පිට දෙවන වසරටත් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලත්ව තිබීම ශ්‍රී ලාංකික අප සැමට සතුට සහ ආඩම්බරයක් ගෙන එන කාරනයක් වනවා නිසැකයි. ඒ අනුව මේ වසරේදී BBC වසරේ කාන්තාවන් සිය දෙනා අතරට අතුළුවන ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ සමුද්‍රීය ජීව විද්‍යාඥවරියක් ලෙස ලංකාව අවට තල්මසුන් පිළිබඳ පර්යේෂණ වල නිරතවෙමින් හා තල්මසුන් හා සමුද්‍රීය සංරක්ෂණය පිළිබදව ලොව පුරා හඬක් නංවමින් ලංකාවට අතිමහත් කීර්තියක් අත්කරදුන් ආචාර්ය ආශා ඩි වොස් අපේ දමුදුරු දියණියයි. පසුගිය වසරේ මෙම කණ්ඩායම අතරට එවරස්ට් තරණය කළ මුල්ම ශ්‍රී ලාංකික කාන්තාව වන ජයනි කුරුඋතුම්පල ඇතුළු වුනා.

ආචාර්ය ආශා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ලංකාව අවට නිල් තල්මසුන් පිළීබඳ පර්යේෂණ වල නියත සමුද්‍රීය ජීව විද්‍යාඥවරියක් ලෙසයි. මීට අමතරව ඇය ලොව පුරා සමුද්‍රීය පරිසර සංරක්ෂණය පිළිබඳ විශාල හඬක් නංවන පරිසර ක්‍රියාකාරිණියක් ලෙසත් ලෝක ප්‍රකට වී තිබෙනවා. පසුගිය වසර කිහිපය පුරාම ඇය සමුද්‍රීය පරිසර සංරක්ෂණය පිළිබඳ ඇගේ මෙහෙය ලංකාව තුලත් අන්තර්ජාතිකවත් සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා බබලවන ආචාර්ය ආශා හට ශ්‍රී ලංකන් සයන්ටිස්ට් කණ්ඩායමේ සුබ පැතුම්.

Featured image background – BBC website

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.