accmit

තාරකා විද්‍යා වැඩමුළුව – 2018 සඳහා අයදුම්පත් කැඳවයි

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සංවිධානය කරනු ලබන තාරකා විද්‍යා වැඩමුළුව මෙවර 2018 දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

පාසල් සිසුන් අතර තාරකා විද්‍යා දැනුම ප්‍රචලිත කිරීම සඳහා, තාරකා විද්‍යාවේ මුලික සිද්ධාන්ත හා නිරීක්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළත් ය.

වයස අවුරුදු 14-21 අතර සිසු සිසුවියන්ට පමණක් මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි විය හැකිය. වැඩමුළුව සඳහා තෝරා ගන්නා  අයදුම්කරුවන් සඳහා අවශ්‍ය කරන සියලු ලිපි ද්‍රව්‍ය, දිවා රාත්‍රී ආහාරය සපයනු  ලැබේ. මෙම වැඩමුළුව සාර්ථකව නිම කරන අය සඳහා ආතර් සී ක්ලාක් ආයතනය මගින් සහතික පතක්ද නිකුත් කරනු ලැබේ.

ඉඩකඩ සීමිත හෙයින් අයදුම් පත් යොමු කිරීමේ  පිළිවෙල අනුව, තෝරා ගැනීමේ  ප්‍රමුඛතාවය දෙනු ලබන අතර, 2018 නොවෙම්බර් 30 වන දිනට පෙර පහත ලිපිනය වෙත පැමිණ ඔබගේ අයදුම්පත්‍රය භාර දිය යුතුය.

 

 

වැඩි විස්තර සඳහා අමතන්න-011-2651566 / 011-2650462

ඊමේල්:info@accmt.ac.lk

වෙබ් අඩවිය:www.accmt.ac.lk

 

අයදුම්පත් භාර දිය  යුතු ලිපිනය :

තාරකා විද්‍යා අංශය,

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය,

කටුබැද්ද,

මොරටුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.