අන්තර්ජාතික ජල රොකට් තරඟාවලියේ ජය කැකිරාවේ අයෝධ්‍යට!

මීට දින කිහිපයකට ඉහතදී අප පල කළ සිංගප්අපූරුවේ පැවති අන්තර්ජාතික ජල රොකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ලංකා පාසැල් දරු දැරියන්ගේ කණ්ඩායම පිළිබඳ ප්‍රවෘතිය ඔබට මතක ඇති. මේ ප්‍රවෘතිය ඒ තරඟාවලිය පිළිබඳ තවත් සතුටු දායක පුවතක් සම්බන්ධවයි. මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශය අද නිකුත් කල නිවේදනයකට අනුව මේ තරඟය සඳහා ලංකාවෙන් සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.

ජල රොකට් සැදීම, නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම ආදිය  පිලිබඳ පුර්ණ දැනුමක් ලබා දීමේ සිට  ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තරඟකරුවන් ඉදිරිපත් කිරීම දක්වා වන සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ආසියා ශාන්තිකර කලාපිය අභ්‍යවකාශ සංසදයේ   සාමාජික (APRSAF) ශ්‍රී ලංකව තුළ නවින තාක්ෂණය ප්‍රචලිත කිරීමේ පුරෝගාමී ආයතනය  වන  නවින තාක්ෂණ පිලිබඳ ආතර් සි ක්ලාක් ආයතනය වන අතර 2018 වසරේ පවත්වන ලද  ජාතික ජල රොකට් තරඟයෙන් ජයග්‍රාහකයින් හය දෙනකු සිංගප්පුරුවේ පැවති 14 වන අන්තර්ජාතික  ජල රොකට් තරඟය සඳහා  ඉදිරිපත් කරන ලදී. එම ශ්‍රී ලාංකික තරඟකරුවන් හය දෙනා  අතරින් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සි.එම්.අයෝධ්‍ය කරවිට චන්ද්‍රසේකර සිසුවා මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගෙන ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දී  තිබේ.

Water Rocket Team Sri Lanka
නොවැම්බර් 02 සහ 03 දිනවලදී සිගප්පුරුවේ පැවති 14 වන ආසියා ශාන්තිකර කලාපීය( APRSAF) ජාත්‍යන්තර ජල රොකට් තරඟාවලිය නියෝජනය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සි ක්ලාක් ආයතය මිට අවුරුදු  14  කට පෙර ජල රොකට්  හා  ඒ හා  සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මේ දක්වා ආතර් සි ක්ලාක් ආයතනය   මගින් ජපානය(2005), ඉන්දුනීසියාව(2006), ඉන්දියාව(2007),වියට්නාමය(2008),තායිලන්තය(2009)ඔස්ට්‍රේලියාව (2010),සිගප්පුරුව(2011), මැලේසියාව(2012), වියට්නාමය(2013), ජපානය(2014), ඉන්දුනීසියාව(2015), පිලිපීනය(2016), ඉන්දියාව(2017) යන රටවල් වල පැවති තරඟ සඳහා අප රටේ තරඟකරුවන් විශාල  පිරිසක් සහභාගී කරවා  ඇත.

Water Rocket
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝධ්‍ය තරඟාවලියේ සංවිධායකයින් සමඟ

මෙම වසරේ සිංගප්පුරුවේදී පැවති  14 වන ආසියා  ශාන්තිකර කලාපීය ජල රොකට් තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සි.එම්.අයෝධ්‍ය කරවිට චන්ද්‍රසේකර සිසුවා ඇතුළු කණ්ඩායමට  උපහාර පිදීමේ උත්සවයක් නොවැම්බර් 07 (බදාදා) වන දින පෙ.ව 10 ට ආතර් සී. ක්ලාක්  ආයතනයේදී පැවැත්වේ.

තරඟාවලිය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජයග්‍රහණය කල අයෝධ්‍ය සිසුවාටත් Sri Lankan Scientist සඟරාවේ උණුසුම් සුභ පැතුම්.

මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තන විජයවර්ධන ගේ වාර්ථාවක් ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.