Water Rocket Team Sri Lanka

14 වන ජල රොකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකා කණ්ඩායම සිංගප්පුරුව බලා පිටත්ව යයි.

2018 වර්ෂයේ නොවැම්බර් 02 සහ 03 දින සිගප්පුරුවේ පැවැත්වෙන 14 වන ආසියා  ශාන්තිකර කලාපිය( APRSAF) ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තේරී පත්ව ඇති ශ්‍රී ලාංකික තරඟකරුවන්  හය දෙනා සහ පාසල් ගුරුතුමා ඇතුළු කණ්ඩායම සිංගප්පුරුව බලා පිටත් ව යති.

ජල රොකට් සැදීම, නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම ආදිය  පිලිබඳ පුර්ණ දැනුමක් ලබා දීමේ සිට  ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තරඟකරුවන් ඉදිරිපත් කිරීම දක්වා වන සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ආසියා ශාන්තිකර කලාපිය අභ්‍යවකාශ සංසදයේ   සාමාජික (APRSAF) ශ්‍රී ලංකව තුළ නවින තාක්ෂණය ප්‍රචලිත කිරීමේ පුරෝගාමී ආයතනය  වන  නවින තාක්ෂණ පිලිබඳ ආතර් සි ක්ලාක් ආයතනය යි.

ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සි ක්ලාක් ආයතය මිට අවුරුදු  14  කට පෙර ජල රොකට්  හා  ඒ හා  සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මේ දක්වා ආතර් සි ක්ලාක් ආයතනය   මගින් ජපානය(2005), ඉන්දුනීසියාව(2006), ඉන්දියාව(2007),වියට්නාමය(2008),තායිලන්තය(2009)ඔස්ට්‍රේලියාව (2010),සිගප්පුරුව(2011), මැලේසියාව(2012), වියට්නාමය(2013), ජපානය(2014), ඉන්දුනීසියාව(2015), පිලිපීනය(2016), ඉන්දියාව(2017) යන රටවල් වල පැවති තරඟ සඳහා අප රටේ තරඟකරුවන් විශාල  පිරිසක් සහභාගී කරවා  ඇත.

පසුගිය වසර වල පැවති ජාත්‍යාන්තර ජල රොකට් තරඟ  සැලකීමේදී 2005 වසරේ ජපානයේ පැවති තරඟයෙන් 3 වන ස්ථානයත්, 2009 වසරේ තායිලන්තයේ පැවති තරඟයෙන් 4 සහ 5 වන ස්ථානත්, 2015 වසරේ ඉන්දුනීසියාවේ පැවති තරඟයෙන් 2 ස්ථානයත් දිනා ගැනීම සහ  2017 වසරේ ඉන්දියාවේ පැවති තරඟයේදී ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය  දිනා  ගැනිමට හැකි වීම  අප ලද සුවිශේෂී ජයග්‍රහණයන් ය.

 

ආතර් සී ක්ලාක් ආයතනයේ  පසු ගිය දා පැවැත් වූ ජාතික ජාතික ජල රොකට් තරඟයෙන් ලියාපදිංචි පාසල්, තාරකා  විද්‍යා සංගම්  නියෝජනය කරමින් පාසල් මට්ටමින් ඉදිරිපත් වූ  තරඟකරුවන් අතරින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන් හය දෙනා සහ ඔවුන් සමඟ සහභාගී වන ගුරුතුමා සඳහා සිංගප්පුරුව බලා පිටත් විමට පෙර  විශේෂ හමුවක් ආතර් සී. ක්ලාක් ආයතනයේදී පැවතී අතර ඉන් අනතුරුව ආයතනයේ නිලධාරින් සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව මෙහි දැක්වේ.

Water Rocket Team Sri Lanka

මෙම තරඟ කණ්ඩායම පසු පෙළ වමේ සිට පිළිවෙලින් සෙවනගල සෝමාදේවී මහා විද්‍යාලයේ  චතුර නිර්මාල් රණසිංහ, කැකිරාව මහා විද්‍යාලයේ සි.එම්.ඒ.කේ.චන්ද්‍රසේකර, ඇහැලියගොඩ.මාධ්‍ය මහාවිද්‍යාලයේ එස්.එම්.ටි.එස්.බි.සමරකෝන්, සෙවනගල සෝමාදේවී මහා විද්‍යාලයේ විද්‍යා ආචාර්ය නුවන් ශ්‍රීලාල් මහතා, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ  කේ.වී.සචින්ත සුසදී ජයකොඩි, ගින්තොට විද්‍යාලයේ  ඩබ්ලිව්.තරුෂ දීල්හාර ද සිල්වා, ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ එම්.ඩබ්ලිව්.තරිංසා තියමිනි දැක්වේ. පළමු පෙළ වමේ සිට ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ චන්දන පිරිස්, පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් හිමාලි අතාවුද, ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මෙහි  දැක්වේ.

 

තාරකා විද්‍යා අංශය

ආතර් සි ක්ලාක් ආයතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.