EU Parliement

යුරෝපීය පාර්ලිමේන්තුවෙන් එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් සඳහා තහනමක්!

වර්ථමාන ලෝකයේ ඉතාම ප්‍රභල පාරිසරික ප්‍රශ්ණයක් බවට ප්ලාස්ටික් පත්ව තිබේ. සාගර ජලයේ සිට ධ්‍රැවාසන්න අයිස් තට්ටු දක්වා සෑම පරිසරයක්ම පාහේ ප්ලාස්ටික් මඟින් දූෂණය වී තිබේ. මෙම පාරිසරික ගැටළුවට බොහෝ සෙයින් දායක වන්නේ එක් වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ප්ලාස්ටික් වේ. මේ නිසාම ලොව පුරා පාරිසරික සංවිධාන මෙම එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වලට එරෙහිව දිගු කාලයක් තිස්සසේ හඬ නඟමින් මෙම භාවිතයන් තහනම් කිරීම පිණිස රාජ්‍ය පාලකයින්ට ඉල්ලීම් ඉදිරිපත් කොට ඇත.

Plastic Straws
නව නීතියට අනුව 2021 සිට යුරෝපය තුල ප්ලාස්ටික් බීම බට භාවිතය තහනම් වනු ඇති.

මේ අනුව යමින් යුරෝපීය පාර්ලිමේන්තුව ඊයේ එනම් ඔක්තෝබර් 24 වන දින ඓතිහාසික පනතක් සහම්මත කරගනිමින් එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට පියවර ගත්තා. ඒ අනුව ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරනු ලබන පිඟන් හා පීරිසි, ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු යනාදිය සහ කණ් පිරිසිදු කිරීමට යොදා ගන්නා කොට්න් බඩ්ස් 2021 වන විට යුරෝපය තුල නිෂ්පාදනය, ගෙන්වීම හා අලෙවිය තහනම් වනු ඇති.  මෙම භාණ්ඩ සියල්ලම පැහැදිලි ආදේශක භාණ්ඩ දැනටමත් වෙළඳ පොලෙහි ඇති භාණ්ඩයන් වේ. මීට අමතරව පැහැදිලි ආදේශක භාණ්ඩ නොමැති භාණ්ඩ බොහොමයක භාවිතය සීමා කිරීම සඳහාද මෙම පනත හරහා නීති පැනවේ. මේ අනුව අහාර ද්‍රව්‍ය අසුරනයන්, සැහැල්ලු පොලිතීන් මළු, ප්ලාස්ටික් බෝතල් ආදී නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරනය ඉහල නැංවීමටත් නිපදවීම සීමා කිරීමටත් ආයතන හා සමාගම් වලට සිදු වනු ඇති. උදාහරණයක් ලෙස 2025 වන විට ප්ලාස්ටික් බෝතල් භාවිතා කරන සමාගම් වලට සිය බෝතල් භාවිතයෙන් 90% ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට සිදුවනු ඇති.

යුරෝපා පාර්ලිමේන්තුව මෙම පනත ඡන්ද 573-53 ක් ලෙස ඉතා ඉහල වැඩි චන්ද ප්‍රතිශතයකින් සම්මත කරගනු ලැබුවා. මේ අනුව මෙම පනත යුරෝපා පාර්ලිමේන්තුවේ එක් එක් සාමාජික රටවල මගින් සම්මත කර ගත යුතු වනවා.

යුරොපා පාර්ලිමේන්තුවට මෙම පනත ඉදිරිපත් කළ බෙල්ජියානු ජාතික සාමාජික ෆ්‍රෙඩ්‍රික් රයිස් මහතා පැවසුවේ, මෙම පනත 2030 වන විට යුරෝ බිලියන 22 ක පමණ පාරිසරික හානියක් සිදුවෙතැයි අනුමාන කරන ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූශණය යම් පමණකට මැඩපවත්වා ගැනීමට හේතු වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.