විද්‍යාවේ අන්‍යෝන්‍ය උපකාරය

විද්‍යාවේ එක ක්ෂේත්‍රයකින් තවත් එකක ගැටළුවක් විසදීමට අපුරු දායකත්වයක් දුන් තැනක් අහම්බෙන් හමු උනා පොතක් කියවද්දී. පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය මෑත කාලයේ කාර්මික විප්ලවයත් එක්කම ඉහල යන්න පටන්ගත්ත බවත්, ඒක ගෝලීය උණුසුම වැඩි වීමට බලපාල තියන බවත් අපි දන්න දේවල්නෙ. එතකොට මේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයේ වැඩි වීම මැන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්න හිතෙන්නෙ නැත්තෙ මෑත කාලේදී නම් වාතයේ සාම්පල් අරන් වාර්ෂිකව පරික්ෂා කරන්නැති කියල හිතාගන්න පුළුවන් නිසානෙ.

ඒත් පසුගිය අවුරුදු දහස් ගානක් හෝ මිලියන ගානක් තිස්සෙ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය කොහොම වෙනස් වෙන්න ඇද්ද? ටිකින් ටික ඉහල ගියාද නැත්තන් කාලෙන් කාලෙට ඉහල පහල යමින් තියෙන්නැද්ද? මේ ප්‍රශ්නෙට උත්තරේ ජීව විද්‍යාඥයන්ගෙන් ලැබුණු විදිය මා කියවූ පොතක විස්තර වෙන්නේ මෙහෙමයි.

Ginkgo නමැති ගස.

ශාක පත්‍ර වල ප්‍රභාසංස්ලේෂණය කරන්න පුටිකා විවර තියනව. කාබන්ඩයොක්සයිඩ් උරාගන්න මේවා සකස්වෙලා තියෙන්නෙ. වායුගෝලයෙ කාබන්ඩයොක්සයිඩ් යන්තමට නම් තියෙන්නෙ, මේ වගේ පුටිකා විවර පත්‍රවලගොඩක් තියෙන්න ඕනෙ අවශ්‍ය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ලබාගන්න. එත් කාබන්ඩයොක්සයිඩ් ඇති තරම් වායුගෝලයෙ තියනව නම්, පුටිකා විවර එච්චර අවශ්‍ය වෙන්නෙ නැ. ඒ කියන්නේ, පත්‍රයක පුටිකා විවර ඝනත්වය වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය එක්ක ප්‍රතිලෝමව සමානුපාතිකයි.

දැන් කොහොමද මේ සම්බන්ධය වසර මිලියන ගානක් තිස්සෙ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයේ වෙනස් වීම දැනගන්න පාවිච්චි කරන්නෙ? ඒකට පාවිච්චි කරලා තියෙන්නේ Ginkgo නමැති ගස. මේ ගහේ මුතුන්මිත්තෝ වසර මිලියන 300 ක් විතර තිස්සේ ඉඳල තියනවා. වටිනාම දේ තමයි මේ ගසේ මුතුන් මිත්තන්ගේ ෆොසිල ඕනෑ තරම් Natural History Museum වල තියනව. ඉතින් කරල තියෙන්නෙ එකේක කාල වකවානු වලට අයත් මේ ගසේ ෆොසිල වල පුටිකා ඝනත්වය ගණන් කරලා තියනව. එහෙම කරල ඒ ඒ යුග වල වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය සෑහෙන දුරට නිවැරදිව නිර්ණය කරල තියනව. මේ ගණනය කිරීම් ඉතාම නිවැරදියි කියල පසුකාලීනව හමුවුනු වෙනත් සාක්ෂි වලින් තහවුරු වෙලා තියනව.
එක විද්‍යා ක්ෂේත්‍රයක දැණුම තව එකක දැවෙන ප්‍රශ්නයක් විසදන්න යෙදවුණු හැටි දැක්කම පරිගණක විද්‍යාව කරන ගමන් ජීව විද්‍යා පොත් කියවන එක පාඩු ණෑ කියල මට තහවුරු වුනා.
මුලාශ්‍ර:
  1. මේ කරුණ හමුවුනු පොත: “In the blink of an eye: How vision kick-started the big bang of evolution” By Andrew Parker. https://www.goodreads.com/book/show/444272.In_The_Blink_Of_An_Eye
  2. Ginkgo නමැති ගස: https://en.wikipedia.org/wiki/Ginkgo_biloba

 

~ Written by Asanka Sayakkara (https://www.facebook.com/asanka.code)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.