Nasa emergency landing

අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ඇරඹූ ගගනගාමීන් රැගත් යානාවක් අනතුරක

අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ඇරඹූ ගගනගාමීන් රැගත් යානාවක් අනතුරක

මීට පැයකට පමණ පෙර රුසියානු සෝයුස් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ඇරඹූ ගගන ගාමීන් රැගත් යානයක් අනතුරකට පත්ව ඇති බවක් අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කළා. රොකට්ටුවේ බූස්ටරයක් නිසි පරිදි ක්‍රීයා නොකිරීම හේතුවෙන් ගගනගාමීන් හට හදිසි ගොඩබැසීමක් සිදු කිරීමට සිදුව ඇති බවයි වාර්ථා වන්නේ. මේ වනවිටත් ගගනගාමීන් රැගත යානාව කසකස්ථානය ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබස්වා ඇති බව නාසා ආයතනය මීට සුළුමොහොතකට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව මේ වනවිටත් විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායම් අදාළ ප්‍රදේශය වෙත ළඟාවෙමින් සිටින බවයි පැවසෙන්නේ. මේ වනවිටත් ගගනගාමීන් ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙමින් ඇති බවත් ඒ අනුව ඔවුන් නිරුපද්‍රිතව සිටින බවත් නාසා ආයතනය පවසනවා.

NASA Emergency LAnding
රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී ඇලෙක්සි ඔවිචිනින් සහ නාසා ගගනගාමී නික් හෝග් මීට පැය කිහිපයකට පෙර සිය අභ්‍යවකාශ ගමන ආරම්භ කිරීමට පෙර ඡායාරූපයකට පෙනීසිටිමින්. මොවුන් පැය 6 ක ගමනකින් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ළඟාවීමටයි නියමිතව තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *