Nobel Prize in Physics

2018 වසර සඳහා භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කෙරේ

2018 වසර සඳහා භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කෙරේ

ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය මගින් මීට සුළු මොහොතකට පෙර 2018 වසර සඳහා භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන් ප්‍රකාශයට පත්කරා. ඒ අනුව මේ වසරේදී මෙම ත්‍යාගය සඳහා විද්‍යාඥයින් තුන් දෙනෙක් සුදුස්කම් ලබනවා. ඒ අතර වසර 55 කට පසු භෞතික විද්‍යාවට අදාල නෙබෙල් ත්‍යාගයට හිමිකම් කියන ප්‍රථම කාන්තාව සහ ඉතිහාසයේ මේ ත්‍යාගයෙන් පිදුම් ලැබූ තුන්වන කාන්තාවද දක්නට ලැබීම විශේෂත්වයක්.

Nobel Prize
නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන වයස්ගතම විද්‍යාඥයා – ආතර් ඇශ්කින් ( Image – www.nobelprize.org)
Nobel Prize
ප්‍රංශ ජාතික විද්‍යාඥ ජෙරාඩ් මෝරෝ (Image – www.nobelprize.org)
Nobel Prize
වසර 55 කට පසුව භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන එකම කාන්තාව, ඩොනා ස්ට්‍රික්ලන්ඩ් ( Image – www.nobelprize.org)

 

 

 

 

 

 

 

 

 

 

 

අද ප්‍රකාශයට පත්කළ පරිදි භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගයට හිමිකම් ලබන්නේ ඇමරිකාවේ  හෝම්ඩෙල් හි බෙල් විද්‍යාගාරයට අනුබද්ධව පර්යේෂණ වල නියුතුව සිටි ආතර් ඇශ්කින්, ඇමරිකාවේ මිචිගන් සරසවියට අනුබද්ධව පර්යේෂණ වල නියැලුන ප්‍රංශ ජාතික ජෙරාඩ් මොරෝ සහ කැනඩාවේ වෝටලූ සරසවියේ ඩොනා ස්ට්‍රික්ලන්ඩ් යන විද්‍යාඥයින් තිදෙනා වේ.

ක්ෂුද්‍ර අංශු හසුරවන ආලොක කිරණ උපාංග

1987 ආතර් ඇශ්කින් විද්‍යාඥයා විසින් භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ පෙරලියක් ඇතිකරමින් ලේසර් කිරණ භාවිතා කොට ක්ෂුද්‍ර භෞතික අංශු හැසිරවීමට හැකි තාක්ෂණයක් සොයාගන්නා ලදී. ඒ අනුව මෙම විද්‍යාඥයා ලේසර් කිරණ දැහි අඬුවක් ලෙස භාවිතා කරමින් බැක්ටීරියා හැසිරවිය හැකි ආකාරය ආදර්ශණය කොට පෙන්වන ලදී. ඒ අනුව මෙම තාක්ෂණය මේ වනවිට ජෛව යාන්ත්‍රණයන් පිළිබඳ අධ්‍යනයන් හීදී බහුලව භාවිතා වන්නක් බවට පත්ව තිබේ. ඒ අනුව 2018 වසර සඳහා භෞතික විදාවට අදාල නොබෙල් තණාගයෙන් හරි අඩක් මෙම විද්‍යාඥයාට උරුමකර දීමට මෙම සොයාගැනීම ඉවහල් වනවා. මීට අමතරව ආතර් ඇශ්කින් නොබෙල් ත්‍යාග ඉතිහාසයේ මෙම ත්‍යාගයට හිමිකම් කියන වයස්ගතම පුද්ගලයා වනවා. මෙම විද්‍යාඥගේ මේ වන විට වයස වසර 96 ක් වනවා.

 

කෙටි අධි තීව්‍ර ලේසර් කිරණ-අධි සූක්ෂම තියුණු ලේසර් උපාංගයන්ගේ උපත

ජෙරාඩ් මෝරෝ සහ ඩොනා ස්ට්‍රික්ලන්ඩ් විද්‍යාඥ දෙපල 1987 දී ප්‍රකාශයට පත්කල විශේෂ පර්යේෂණ වාර්ථාවකින් ලොව මේ වනවිට නිපදවීමට සමත්ව ඇති කෙටීම සහ ප්‍රභලතම ලේසර් කිරණ නිපදවීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දෙනු ලබනවා. මෙහිදී ඔවුන් ලේසර් කිරන වල ශක්තිය වරධනය කරමින් ඒවායේ ස්පන්ධනයන් වඩාත් කෙටි කරමින් එම ලේසර් කිරණ වඩාත් තියුණු සහ ප්‍රභල තත්ත්වයට පත්කීරීමට විශේෂ උපක්‍රමයන් භාවිතා කරනවා. මෙම තාක්ෂණය මේවනවිටත් අධි සූක්ෂම අක්ෂි සැත්කම් ඇතුළු අංශ ගනනාවකදී භාවිතා වනවා. මෙම සුවිශේෂී සොයාගැනීම මෙම විද්‍යාඥ දෙපල 2018 වසර සඳහා භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගයේ හරි අඩක් දිනා දීමට සමත්වන නව සොයා ගැනීමක් බවට පත්වන්නේ වසර 55 කට පසු මෙම ත්‍යාගයට හිමිකම් කියන එකම විද්‍යාඥවරිය ඩොනා ස්ට්‍රික්ලන්ඩ් පත් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *