Tiongong II

පොලොවට කඩා වැටෙන තවත් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්?

Tiongong II
තියෝන්ගොන් 2 අභ්‍යවකාශ මධ්‍යස්ථානය ( Picture China Manned Space Engineering Office)

මේ වසර මුලදී ලෙව පුරා තාරකා විද්‍යාඥයින් කැළඹුනේ චීනයෙන් අභ්‍යවකාශ ගත කොය තිබූ තියොන්ගොන්-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කඩාවැටෙන පුවතත් සමඟයි. නමුත් එය කිසිදු දේපල හා ජීවිත හානියකින් තොරව දකුණු පැසිෆික් සාගරයට ඉහලින් අහසේදී වායුගොලයට ඇතුළුවී විනාශ වූ බව සඳහන් වුනා.
චීනයෙන් ලැබෙන වාර්ථා වලට අනුව ඔවුනගේ දෙවන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන තියොන්ගොන්-2 අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් ලබන වසරේදී එනම් වර්ශ 2019 දී පොළොවට කඩා වැටීමට නියමිතයි. පළමු වතාවේ මෙන් නොව මෙය වඩාත් ආරක්ෂිතව පෘථිවියේ පාලනය මත පොලොවට කඩාවැටීමට සලස්වන බවයි චීන වාර්ථා පවසන්නේ.
2016 සැප්තැම්බර් මස අභ්‍යවකාශ ගත කරන ලද මෙම යානය සාමාන්‍ය බස් රථයක විශාලත්වයට සමාන විශාලත්වයකින් යුතු වනවා. එමෙන්ම මෙය අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු ගගනගාමීන් ඒ වෙත ළඟාවී ඇත්තේ එක වරක් පමණයි. ඒ 2016 ඔක්තොබර් සහ නොවැම්බර් මාස වලදීයි. එතැන් සිට මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට කිලෝ මීටර 400 ක් ඉහලින් කක්ෂගතව පැවතුනා.
චීනයේ අභ්‍යවකාශ බලාපොරොත්තු
ලොව අංක එකේ ආර්ථික බලවතා ලෙස චීනය සිය අභ්‍යවකාශ ගවේශණ පර්යේශණ සඳහාද ඉහල ප්‍රමුඛත්වයක් පෙන්වනවා. ඒ අනුව ඔවුන් ඉදිරි වසර කිහිපය තුල වඩාත් වැදගත් ගවේශණ ව්‍යාපෘති රැසක් සැලසුම් කරගෙන සිටිනවා. ඒ අතර වර්ශ 2022 දී අභ්‍යවකාශයට යැවීමට නියමිත වඩාත් විශාල ප්‍රමාණයේ ස්ථීර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙන්ම සඳෙහි අඳුරු පැත්ත ආශ්‍රිත ගවේශණයන් වඩාත වැදගත් තැනක ලා සැලකිය හැකියි. එමෙන්ම වර්ශ 2020 දී චීනය අඟහරු ග්‍රහයා වෙතට විශේෂ යානාවක් යැවීමටත් සැලසුම් කරගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.