ඉල්මනයිට් ඇසුරින් අඩු වියදම් බැටරියක් ජපුරෙන්!

ඉල්මනයිට් ඇසුරින් අඩු වියදම් බැටරියක් ජපුරෙන්!

ලොව පුරා විද්‍යුතය හා සම්බන්ධ යෙදවුම් දවසෙන් දවස වැඩිවීමත් සමඟ විදුලිය ගබඩා කර තබා ගත හැකි බැටරි කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙමින් පවතියි. මේ නිසාම ලෙව පුරා පර්යේෂණ කණ්ඩායම් බැටරි වල ගුණාංග විවිධ ආකාරයෙන් වැඩි දියුණු කිරීම සඳහා නොයෙකුත් පර්යේෂණ වල නිරතව සිටිති. මෙම ගුණාංග අතර බැටරියක ගබඩා කළ හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය, නැවත නැවත ආරෝපනය කල හැකි වාර ගණන, විදුලිය රඳවා තබා ගත හැකි කාලය, බැටරියේ ප්‍රමාණය, බැටරිය නිපදවීමට ගතවන සම්පූර්ණ වියදම, ව්ව්ධ නව මාදිලියන්ගේ අමුද්‍රව්‍ය භාවිතා කිරීම ආදිය සැලකිය හැකියි.



ශ්‍රී ලංකාවේ ජයවර්ධනපුර සරසවියේ පර්යේෂණ කණ්ඩායමක්ද පර්යේෂණයක නිරතව සිටියේ ලිතියම් අයන බැටරි වඩාත් අඩු වියදම් ක්‍රමයක් සොයාගැනීම සඳහායි. පසුගියදා සරසවිය නිකුත් කරන ලද විශේෂ පුවත්පත් නිවේදනයක් ඔස්සේ මෙම පර්යේෂණයේ ප්‍රථිපල එළිදක්වා තිබුණා.

Pradeep Jayaeera
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය ප්‍රදීප් ජයවීර

නැවත ආරෝපණය කල හැකි බැටරි තාක්ෂණයේ වඩාත් කතා බහට ලක්වුන තාක්ෂණයන් දෙකක් ලෙස ලිතියම් අයන බැටරි තාක්ෂණය සහ මෑතකදී භාවිතයට ආ ලිතියම් සල්ෆර් බැටරි තාක්ෂණය සැලකිය හැකියි. ජපුර සරසවි කණ්ඩායම සිය පර්යේෂණයේදී මෙම තාක්ෂනයන් දෙකම එකට සම්බන්ධ කරමින් නව බැටරියක් නිපදවීමට සමත්ව තිබෙනවා. මෙම නව සොයාගැනීමේ තවත් විශේෂත්වයක් වනුයේ බැටරියේ ඇනෝඩය ලෙසට ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පතක් ලෙස හමුවන ඉල්මනයිට් භාවිතා කිරීමයි. කැතෝඩය සඳහාද ලංකාවේ තවත් ඛණිජ සම්පතක් වන මිනිරන් භාවිතා කර තිබෙනවා. විද්‍යුත් විඡ්ඡේද්‍යය ලෙසට යොදාගෙන තිබෙන්නේ සල්ෆර් සහ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසුරෙන් නිපදවන ලිතියම් පොලිසල්ෆයිඩ් ද්‍රාවණයකුයි. මෙහිදී භාවිතා කරන අමුද්‍රව්‍ය බොහොමයක් ලංකාවේ ඉතා පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍යයන් නිසා මේ බැටරිය ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය කල හැකි බවයි මෙම පුවත් නිවේදනයෙන් පැවසුනේ.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය ප්‍රදීප් ජයවීරට අනුව මෙම බැටරිය දැනට තවදුරටත් පර්යේෂණ වලට ලක්කරමින් එහි ආයුකාලය හා ආරෝපණය කල හැකි වාරගනන වැනි කරුණු පිළිබඳව අධ්‍යනය කෙරෙමින් පවතිනවා. මහාචාර්ය ජයවීරට අමතරව ජයවර්ධනපුර සරසවියේ රසායන විද්‍යා අංශයේ ගෙත්මිනී ජයසේකර, නුවන් ආරච්චි සහ ආචාර්ය විරාජ් ජයවීර මෙම පර්යේෂණය කණ්ඩායමට ඇතුලත් වනවා.

ඡායාරූප – ජයවර්ධනපුර සරසවි වෙබ් අඩවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *