ගිනි ගෙන දැවුනු ඉතිහාසය

පුරා විද්‍යාවට සහ ස්වභාවික ඉතිහාසයට ඇළුම් කරන බොහෝ දෙනෙක් ගේ හදවත් සසල කරන සිදුවීමක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්ථා වුනා. ඒ බ්‍රසීල අගනුවර රියෝ දි ජනිරෝ නගරයේ පිහිටා තිබුන විශාලතම හා ප්‍රධානතම කෞතුකාගාරයක් වන බ්‍රසීල ජාතික කෞතුකාගාරය හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වීමයි. බ්‍රසීල ජාතික කෞතුකාගාරය මුලින්ම රාජකීය කෞතුකාගාරය ලෙස 1818 දී ආරම්භ වුවත් පැරණි පෘතුගීසි රජ පවුලක මාළිගාවක්ව පැවති ගොඩනැගිල්ල තුල මෙම කෞතුකාගාරය ආරම්භ වන්නේ වර්ශ 1892 වසරේදියි. ඒ අනුව මෙය ඇමරිකානු මහද්වීපය තුල ස්ථිපිතව පැවති පැරණිතම විද්‍යාත්මක ආයතනයක් වනවා. 1946 වසරේ සිට මෙය රියෝ ද ජනිරෝ ෆෙඩරල් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් බවට පත් කෙරෙන අතර එතැන් සිට මෙය පාලනය වූයේ මෙම විශ්ව විද්‍යාලය යටතේයි.

Brazil National Musium
ගින්නෙන් විනාශවීමට පෙර බුසීල ජාතික කෞතුකාගාරය(ඡායාරූපය – බ්‍රසීල ජාතික කෞතුකාගාර වෙබ් අඩවිය – http://www.museunacional.ufrj.br)

 

HUMAN SKULL OF FEMALE INDIVIDUAL Luzia
වසර 12000 ක් පමණ පැරණි යයි සැලකෙන ලුසීයා ලෙස නම්කර ඇති හිස් කබල, මෙය ඇමරිකානු මහද්වීපයෙන් සොයාගත් පැරණිතම මානව අස්ථි නිදර්ශකයයි. (ඡායාරූපය – බ්‍රසීල ජාතික කෞතුකාගාර වෙබ් අඩවිය – http://www.museunacional.ufrj.br)

ඇමරිකානු හා බ්‍රසීල ඉතිහාසයට අදාල ප්‍රදර්ශණ භාණ්ඩ මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් මෙම කෞතුකාගාරය තුල ප්‍රදර්ශණයට තබා තිබී ඇති අතර මේවා අතර ලෝකයේ ස්වභාවික ඉතිහාසයටත් මානව ඉතිහාසයටත් අදාළ ඉතා වටිනා ඉපැරණි භාණ්ඩ හා නිදර්ශක රැසක් තිබූ බවයි පැවසෙන්නේ. මෙම ප්‍රදර්ශණ භාණ්ඩ අතර ඇමරිකානු මහද්වීපයෙන් සොයාගත් පැරණිතම මානව පොසිලය ලෙස හැඳින්වෙන වසර 12000 ක් පැරණි ලුසියා නම් අස්ථි සැකිල්ල, 1784 දී සොයාගත් උල්කාශ්මයක්, ඊජිප්තු ඉතිහාසයට අයත් පාරාවෝ මමී, ඩයිනෝසර පොසිල යනාදිය වනවා.

COFFIN OF SHA-AMUN-IN-SU
ඊජිප්තු පුරාවස්තුවක් වන ශා අමුන් ඉන් සූ මමිය රැගත් විශේෂ බහලුම (ඡායාරූපය – බ්‍රසීල ජාතික කෞතුකාගාර වෙබ් අඩවිය – http://www.museunacional.ufrj.br)

මෙම පුරාවිද්‍යාත්මක ප්‍රදර්ශණ භාණ්ඩ වලට අමතරව ඇමරිකානු මහද්වීපය තුල තිබූ විශාලතම පොත් එකතුවක් සහිත පුස්ථාකාලයකුත් මෙම කෞතුකාගාරය තුල පිහිටා තිබුනා. මෙම පොත් එකතුව අතර ඉතා දුර්ලභ හා පැරණි පොත් පත් රැසක් තිබූ බවයි පැවසෙන්නේ.

කුඩම්මාගේ සැලකිලි

වර්ශ 2014 සිට බ්‍රසීල රජය මෙම කෞතුකාගාරයට සපයන මූල්‍යමය ආධාරවල කප්පාදුවක් සිදුකරන අතර මේ සමගම එය පවත්වාගෙන යාම මෙන්ම එහි එදිනෙදා සිදුවිය යුතු අළුත් වැඩියාවන් පවා සිදුකල නොහැකි තත්ත්වයකට පත්ව තිබුනා.

 

පැයක් තුල අළු බවට පත්වුන වසර දහස් ගනනක ඉතිහාසය

මීට දින දෙකකකට ඉහත එනම් සැපිතැම්බර් 2 වන දා සවස් යාමයේ හටගත් ගින්නක් පැයක් වැනි සුළු කාලයකදී මුළු ගොඩනැගිල්ල පුරා පැතිරුන ඉතා විනාශකාරී ගින්නක් බවට පත්වුනා. ඉතා සුළු කාලයක් තුල පැතිරුන මේ ගින්න පාලනය කිරීම ඒ අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගිනි නිවන කණ්ඩායම් වලට අපහසු වුනේ අවශ්‍ය ගිනි නිවන රසායන ද්‍රව්‍ය හෝ ජලය එම ස්ථානයේ හෝ ආසනනව නොතිබීම හේතුවෙන්. අවසානයේ ගිනි නිවන කණ්ඩායම් වලට ආසන්නයේ තිබූ ජලාශයකින් ජලය පොම්ප කිරීමට සිදු වුනා. නමුත් ඒ වන විටත් කෞතුකාගාරය තුල තිබූ පුදර්ශණ භාණ්ඩ මිලියන 20 ක පමණ ප්‍රමාණයකින් 90% ක්ම විනාශ වී තිබූ බවයි අන්තර්ජාතික ප්‍රවෘති වාර්ථා පවසන්නේ.

 

මෙම සිද්දියෙන් ශෝකයටත් කෝපයටත් පත් බ්‍රසීල ජනතාව මේ පිළිබඳ සිය අප්‍රසාදය රජයට පල කරනු මාධ්‍යයන් ඔස්සේ දක්නට ලැබුනා. විශේෂයෙන්ම කෞතුකාගාරයේ අරමුදල් කප්පාදුව මෙම විනාශයට ප්‍රධානතම හේතුව බවයි ඔවුන් පවසන්නේ.

(Featured Image Wikipedia – By Felipe Milanez – Sent by the photographer — OTRS-sent, CC BY-SA 4.0, https://commons.wikimedia.org/w/index.php?curid=72299257)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.