කොළඹදී පවැත්වෙන විසිතුන් වන ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය

කොළඹදී පවැත්වෙන විසිතුන් වන ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම කේන්ද්‍රකර ගනිමින් මෙම වසරේ ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය අප රටේ ප්‍රථම වරට පැවත් වීමට කටයුතු යොදා ඇත. සාමාන්‍යයෙන් ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය වාර්ෂිකව එක් එක් රටවල පවත්වනු ලබන අතර මෙවර සත්කාරක රට ලෙස ලංකාව තෝරාගැනීම විශේෂත්වයක්. විසිතුන් වන ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 2018 ඔක්තෝබර් මස හය (06) සිට දාහතර (14) දක්වා ජාත්‍යාන්තර ප්‍රමිතියට අනුව දින දහයක කාලයකට යටත්වන පරිදි පැවැත්වීමට තීරණය වී තිබේ.
මේ පිලිබඳ මුලික කටයුතු නිරීක්ෂණය කිරීමට ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් සම්බන්ධීකරන කවුන්සිලයේ ප්‍රධානි ආචාර්ය මයිකල් ගව්රිලොව් මහතා පසුගිය අප්‍රියෙල් මාසයේ ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී සංවිධායක කමිටුවව සමග එක්වී අන්තර්ජාතික ප්‍රමිති වලට අනුකුලව තරඟ පැවැත්වීමට සුදුසු ස්ථාන නිරීක්ෂණයට ලක්කළ අතරම විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .පැවතී විශේෂ සාකච්චාවකින් අනතුරුව මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ කටයුතු සංවිධානය වූ අතර මෙහි සභාපතිත්වය මහාචාර්ය චන්දන ජයරත්න විසින් දරනු ලබයි.

රටවල් තිහක් පමණ මෙම තරගයට සහභාගී වීමට නියමිත වන අතර මේ එක් එක් කන්ඩායම් අට දෙනෙකුට නොවැඩි කණිෂ්ඨ සිසුන්, ජෙෂ්ඨ සිසුන් මෙන්ම කණ්ඩායම් නායක වරුන්ගෙන්ද සමන්විත වේ. ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නිරීක්ෂණ මෙන්ම න්‍යායාත්මක දැනුම උරගාබලන තරගයක්. සෑමරටකින්ම දේශීය වශයෙන් යම් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන දක්ෂ සිසුන් ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට තරඟ කරති. අප රටේ තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය ට තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයෙන් පාඨශාලා මට්ටමින් පවත්වනු ලබන තාරකා විද්‍යා ඔලිම්පියාඩ් විභාගවලින් සමත්ව පසුව පුහුණු සැසි වලට සහභාගීවී එම දැනුම්ප රීක්ෂණ වලින් සමත් වන්නන්ය.එමනිසා ඔලිම්පියාඩ් තරගයක ඉතා ඉහල තරගකාරී ස්වභාවයක් ගනි.

ගෝලීයව ඔලිම්පියාඩ් සත්කාරක රටක්වීම පැති කීපයකින් වැදගත් සේම රටක විද්‍යා ප්‍රවර්ධනයට ඇති උවමනාව මේ හරහා පිළිබිඹු වේ.මෙමගින් ජාත්‍යාන්තර සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමටත් ශ්‍රීලංකාව පිලිබඳ තොරතුරු ජාත්‍යන්තරයට විකාශනය වීම තුළින් අනාගතයේ සංචාරක කර්මාන්තයට පිටිවවහලක් වීම ද ආයෝජන තාක්ෂණය ප්‍රවර්ධනයටයත් මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම 23 වන ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තාරකා විද්‍යා තරඟකාවලියේ අහස නිරීක්ෂණය පිලිබඳ පර්යේෂණ ආතර් සි ක්ලාක් ආයතනය විසින් පවත්වන අතර මෙම තරඟ මොරටුව විශ්ව විද්‍යාලිය ක්‍රීඩාංගනයේ දී ඔක්තෝම්බර් 09 පැවැත්වීමට බලාපොරොත්තු වේ.

ජනක අඩස්සුරිය (0714415244)
තාරක විද්‍යා අංශය
ආතර් සි ක්ලාක් ආයතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *