ඊජිප්තු පුරාවිද්‍යා අමාත්‍යාංශය මේ මස පළවනදා ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ සිදු කරමින් පවතින පුරාවිද්‍යා කැණිම් වලදී සොයා ගනු ලැබූ සුවිශේෂී සොහොන් ගැබක් ගැන වාර්ථා කර තිබුණා. මෙම සොහොන් ගැබේ කැණීම් කටයුත් වලදී මෙම කැණීම් කණ්ඩායමට තනි කළු ගලෙන් නිමවන ලද මිනී පෙට්ටියක් සහ මිනිසකුගේ හිසක මූර්ථියක් හමුවී තිබුනා.
මෙම සොයා ගැනීම පිළිබඳ අදහස් දක්වන ඊජිප්තු පුරාවිද්‍යා කටයුතු පිළිබඳ සුප්‍රීම් කවුන්සිලයේ ලේකම් ආචාර්ය මුස්තාෆා අල් වසිරි සදහන් කලේ මෙම මිනී පෙට්ටිය දැනට එම ප්‍රෙද්ශයෙන් සොයාගෙන තිබෙන විශාලතම මිනී පෙට්ටිය බවයි. මෙහි උස සෙන්ටි මීටර 185 ක්ද, දිග සෙන්ටි මීටර 265 ක් සහ සහ පළළ සෙන්ටිමීටර 165 ක්ද වනවා.

මෙම හොහොන් ගැබ අහම්බෙන් සොයා ගනු ලැබූවේ පදිංච්කරුවකුගේ නිවසක් තැනීම සදහා අවසර ලබාගැනීම සඳහා අදාල පොළව නිරීක්ෂණයට ලක්කරන අතර තුරයි. පොළවට මතුපිට සිට මීටර 5ක් යටින් මතුවුන මෙම සොහොන් ගැබෙහි තිබූ මිනී පෙට්ටිය මිහිදන් කළ දින සිට විවෘත කර නොමැති බව පෙනෙන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම මෙය ක්‍රිස්තු පූර්ව 300 පමණ කාලයට අයත් විය හැකි බව පර්යේෂණ කණ්ඩායම් අනුමාන කරනවා.

මෙම සොයාගැනීම පිළීබඳ නොයෙක් කණ්ඩායම් නොයෙක් අදහස් පළ කරනවා. ඇතැම් කණ්ඩායම් සැක පළකරන්නේ මෙම හොහොන් ගැබ මහා ඇලැක්සැන්ඩර් රජතුමන්ගේ බවයි. එසේ වුවහොත් මෙම සොයාගැනීම තූතන්කාමන් සොහොන් ගැබ සොයාගැනීමෙන් පසු වාර්ථාවන වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම වනු ඇති.
ඊජිප්තු පුරාවිද්‍යා අමාත්‍යාංශය හෝ වෙනත් අනුබද්ධ ආයතනයක් මෙම මිනීපෙට්ටිය විවෘත කල බවක් වාර්ථා කර නැහැ. මුළු ලෝකයම මේ වන විට මේ පිළිබඳ අවධානයෙන් පසුවනවා. මේ පිළිබඳව තොරතුරක් ලද සැනින් ඔබ වෙතට වාර්තා කරන්න අප සූදානම්.