World Population Day

ලෝක ජනගහන දිනය අදයි!

වර්ශ 1989 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලක කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි සෑම වසරකම ජූලි 11 වන දා ලෝක ජනගහන දිනය ලෙස සැමරෙනවා. සෑම වසරකම විශේෂිත තේමාවක් යටතේ සැමරෙන මෙම දිනය මේ වසරේදී සැමරෙන්නේ “පවුල් සංවිධානය මානව අයිතිවාසිකමකි“ යන තේමාව යටතේයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම තේමාව තෝරා ගැනීමට විශේෂ  හේතුවක් වූයේ 1968 පවත්වන ලද අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පිළිබඳ සම්මේලනයේ 50 වන සැමරුමට සමගාමීවයි. පවුල් සංවිධානය මූලික මානව අයිතිවාසිකමක් ලෙස මුල් වරට පිළිගනු ලැබූයේ මෙම සම්මේලනයේදීය. ඒ අනුව මෙම සම්මේලනය අවසානයේ ඉදිරිපත් කල ටෙහෙරාන් ප්‍රකාශණයට අනුව දරුවන් සංඛාවත් දරුවන් අතර වයස පරතරයත් නිදහස් හා වගකීම් සහගත ලෙස තීරණය කිරීමේ මානව අයිතිවාසිකම දෙමවුපියන් සතුව ඇති බව ප්‍රකාශයට පත්විණ.

නමුත් ලෝක ජනගහන අරමුදල අද නිකුත් කල ප්‍රකාශයකින් කියවුනේ ලොව පුරා අති බහුතරයක් ජනතාව ක්‍රමවත් හා ආරක්ෂාකාරී පවුල් සංවිධාන ක්‍රම පිළීබඳ දැනුවත් නොමැති බවයි. එහිදී බොහෝදෙනා අනාරක්ෂිත හා අවිද්‍යාත්මක උපත් පාලන ක්‍රම සඳහා යොමුව ඇති බව කියවුනා. මෙම උපත් පාලන ක්‍රම බොහොමයක් ඉතා භයානක ඒවා බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබුණා. මෙහි විශේෂත්වය වනුයේ මෙහිදී ඉදිරිපත් කර තිබූ අනාරක්ෂිත හා භයානක නොදියුණු උපත් පාලන ක්‍රම කිහිපයක් ශ්‍රී ලංකාවේද භාවිතා වන ඒවා වීමයි.

මෙවන් අනාරක්ශිත ගැබ්ගැනීම වැලැක්වීමේ ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා,

  1. ලිංගික එක්වීමට පෙර හා පසු යෝනි මාර්ගයට විනාකිරි වැනි හානි කර රසායනිකයන් ඇතුළු කිරීම
  2. ලිංගික එක්වීමකට පසු සබන් හා වතුර දමා යෝනි මාර්ගය සේදීම
  3. ලිංගික එක්වීමකට පෙර රෙදි සෝදන සබන් කැබැල්ලක් ඇතුළු කිරීම
  4. ඩෙටෝල් වැනි විශබීජ නාශක යෝනි මාර්ගයට ඇතුළු කිරීම
  5. ලිංගික එක්වීමකින් පසු අයඩීන් මිශ්‍ර කිරි පානය කිරීම
  6. ලිංගික එක්වීමකින් පසු ඇස්ප්‍රීන් මිශ්‍ර කරන ලද කොකා කෝලා පානය කිරීම
  7. මධ්‍යසාර භාවිතා කර යෝනි මාර්ගය සෝදා හැරීම
  8. යෝනි මාර්ගයට ඇලම් (ඇලුමිනියම් සල්ෆේට්) කැබැල්ලක් ඇතුළු කිරීම
  9. යොනිමාර්ගයට දෙහි හෝ ලෙමන් පෙති දැමීම හෝ දෙහි/ලෙමන් යුෂයෙන් සෝදාක්වීමකින් පසු උඩපැනීම හැරීම
  10. කහ දියර භාවිතා කිරීම
  11. තේ සමඟ ඉඟුරු පානය කිරීම
  12. අඹ ඇට යුෂය පානය කිරීම
  13. පොලිතීන් කවර කොන්ඩමයක් ලෙස භාවිතා කිරීම
  14. අයිස් පැකට් කොන්ඩම ලෙස භාවිතා කිරීම
  15. කොන්ඩම් ලෙස රබර් බැලූන භාවිතය
  16. කොන්ඩම් දෙකක් එක්වර භාවිතා කිරීම – මෙහිදී ඝර්ෂණය නිසා කොණ්ඩම පහසුවෙන් කැඩීයයි.
  17. යොනිමාර්ගය තුලට ස්පොන්ජ් කැබලි ඇතුළු කිරීම
  18. දිගු කලක් මවුකිරී දීම මගින් ගැබ් ගැනීම වැලකේ යැයි සිතීම
  19. ලිංගික එක්වීමකින් පසු උඩ පැනීම
  20. යටි බඩ තෙරපීමකට ලක් කිරීම
  21. යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් භාවිතය.

This slideshow requires JavaScript.

එකසත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන්නේ ඉහත දැක්වූ ක්‍රම සියල්ලම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර අනාරක්ෂිත උපත් පාලන උපක්‍රම බවයි. ඒ අනුව එම අරමුදල පෙන්වාදෙන්නේ ලෝකය පුරා මෙම අනාරක්ෂිත භාවිතයන් වැලැක්වීමට නම් දියුණු හා නවීන උපත් පාලන ක්‍රම පිළිබදව ජනතාව නිසි පරිදි දැනුවත් කල යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.