MARS

දුහුවිලි වලාවක ප්‍රචන්ඩත්වයට ගොදුරු වුන රතු ග්‍රහයා!

දුහුවිලි වලාවක ප්‍රචන්ඩත්වයට ගොදුරු වුන රතු ග්‍රහයා!

රතු ග්‍රහයා කියපුවාම අපි කවුරුත් දන්නවා මේ කතා කරන්නේ අඟහරු ග්‍රහයා ගැන කියලා. තාරකා විද්‍යාවට කැමති ගොඩාක් දෙනෙක් මේ අඟහරු ලෝකය දිහා වඩාත් විමසිල්ලෙන් ඉන්නෙ මේ ග්‍රහලෝකය ජීවය ස්ථාපනය කිරීම සඳහා ගැලපෙන එකම ග්‍රහලොව වීම නිසායි. මේ වනවිටත් අභ්‍යවකාශ ගවේශණයන්හි යෙදෙන ආයතන කිහිපයක්ම අඟහරු මතට මිනිසුන් යැවීමේ හැකියාව පිළිබඳව අධ්‍යනය කරමින් සිටිනවා. මේ අතරින් එලන් මස්ක් ප්‍රධානීත්වය දරන ස්පේස් එක්ස් ආයතනය මූලික වෙනවා.

ඒ අතරම මේ වනවිටත් අඟහරු මත ඇති රෝවර් දෙකක් හා අඟහරු වටා කක්ෂ ගත කර ඇති විශේෂ යානා 6 ක් අඟහරු හා සම්බන්ධ අධ්‍යනයන්හී නිරතව සිටිනවා.

හදිසි කාළගුණික වෙනස

Mars - Dust Strom
මේ වසරේ මැයි 31 සිට ජූනි 11 දක්වා කාලය තුල අඟහරු ග්‍රහයා මතුපිට දුහුවිලි කුණාටුව පැතිරුණ ආකාරය ග්‍රහයා වටා කක්ෂ ගත කර ඇති යානයක් මගින් නිරීක්ෂණය කළ අයුරු. ඔපොචුනිටි සහ කියුරියෝසිටි රෝවරය පිහිටා ඇති ස්ථානයන්ද මේ සටහනේ දැක්වෙනවා. (Image – NASA website)

පසුගිය මැයි මාසයේ අඟහරු මත සිදුවූ යම් වෙනසක් අඟහරු වටා කක්ෂ ගත කර ඇති එක් යානාවක් මගින් නිරීක්ෂණය කරනු ලබනවා. මේ අඟහරු මතුපිට ඇතිවන දුහුවිලි කුණාටුවක් බවයි පසුව විද්‍යා්ඥයින් නිගමනය කලේ. දිනෙන් දින මෙම දුහුවිලි කුණාටුවේ ප්‍රභලත්වය වැඩි වූ ජූනි මස 20 පමණ වන විට මෙම දුහුවිලි කුණාටුව මුළු අඟහරු ග්‍රහයාම වසා පැතිරුණ සුවිසල් කුණාටුවක් බවට පත්ව තිබුනා. මෙම කුණාටුව 2007 දි හටගත් කුණාටුවෙන් පසුව හටගත් විශාලතම කුණාටුව වනවා. මේ කුණාටුවත් සමගම අඟහරු ගේ වායුගෝලය ඝණ දුහුවිලි තට්ටුවකින් වැසී ගිය අතර අඟහරු මතට වැටෙන හිරු එළිය ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බව නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසනවා.

Mars Dust Storm
දුහුවිලි කුණාටුවේ ප්‍රභලත්වය වැඩිවීමත් සමඟම අඟහරු මතට සූර්යයා දිස්වන ආකාරය වෙනස්වන අයුරු, ඒ අනුව කුණාටුවේ ප්‍රභලත්වය වැඩිවීමත් සමඟම ක්‍රමයෙන් අඳුරුවන අඟහරු අහස අවසානයේ දැඩි අන්ධකාරයකට ගොදුරුවන්නේ දුහුවිලි වලින් වායුගෝලය පිරී යාමත් සමඟයි. (Iamge – NASA website)

 

රෝවර් යානා වල ඉරණම

Curiosity Rover
අඟහරු මත ගේල් ආවාටය ආශ්‍රිතව ගවේෂණ කටයුතු වල යෙදෙන කියුරියෝසිටි රෝවරය එය සිටින ස්ථානය දුහුවිලි කුණාටුවෙන් වැසී යාමට මොහොතකට පෙර ගත් ඡායාරූපයක්. (Image – NASA website)

අඟහරුමත මේ වනවිටත් ස්ථානගත කර තිබෙන රෝවර් යානා දෙකෙන් කියුරියෝසිටි රෝවරය න්‍යෂ්ඨික බලැති බැටරියකින් ක්‍රියා කරන නිසා එය දුහුවිලි කුණාටුව මද්‍යයේ වුවද ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. නමුත් ග්‍රහලොවේ තවත් ඈත කොනක රඳවා ඇති ඔපොචුනිටි රෝවරය සූර්ය පැනල මඟින් බලය ලබා ගන්නා නිසා එහි විදුලි බල අවශ්‍යතාව සපුරාගත නොහැකි වීමෙන් තාවකාලික ස්වයංක්‍රීය අක්‍රිය තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්ථා වන්නේ. දුහුවිලි කුණාටුවේ බලපෑම පහව ගිය පසු මෙම රෝවරය නැවතත් යථා තත්ත්වයට පතිවනු ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *