Milky way

ක්ෂීරපථයේ විශාලත්වය ගැන අළුත් මතයක්?

විද්‍යාතමකව හරිහැටි විශාලත්වයක් තවමත් සොයාගත නොහැකිව ඇති විශ්වයේ අපේ නවාතැන්පල වන්නේ ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණියයි. පැතලි සර්පිල හැඩැති අපගේ මන්දාකිණිය තාරකා බිලියන 400 කින් පමණ සමන්විතවන බව පර්යේෂකයන් පවසනවා. අප බොහෝ දෙනෙක් දැන නොතිබුනත් අපගේ ක්ෂීරපථය අපට රාත්‍රී අහසේ පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් දැනට නගර ආශ්‍රිතව ඇති ආලෝක දූශණය නිසා මෙය තරමක් අපහසුයි. නමුත් ඔබට ආලෝක දූෂණයෙන් තොර ග්‍රාමීය ප්‍රදේශයකට ගියොත් ඉතා පහසුවෙන් අපේ ක්ෂීරපථයේ කොටස් නැරඹීමට පුළුවන්. මෙ දිනවල රාත්‍රී 8 ට පමණ අහසේ ගිණිකොණ දිගට වන්නට පෙනෙන වෘෂ්චික තරු රටාවේ ගෝණුස්සාගේ නැට්ට ප්‍රදේශයේ සිට අහසේ උතුරු දෙසට පටියක් ලෙසට දිවෙන ඉතා සියුම් වළාකුලු පද්ධතියක් වැනි දෙයක් ලෙසයි අපේ ක්ෂීරපථය අපට දැකගත හැකි වන්නේ.

milkyway
ආලෝක දූෂණයෙන් තොර ප්‍රදේශයකදී ක්ෂීරපථය දිසවන අයුරු.

 

ක්ෂීර පථයේ විශාලත්වය

milyway new size
මෙම පරිඝණක ආශ්‍රතව නිර්මාණය කල රූප සටහනට අනුව මැද ඇති ප්‍රෙද්ශයෙන් දැනට අප දන්නා ක්ෂීරපථයේ ප්‍රමාණය දැක්වෙන අතර, පිටතින් ඇති කඩ ඉරි සීමා මගින් මෙම පර්යේෂණයේදී සොයා ගත් නව මායිම් පෙන්නුම කෙරෙනවා. ඒ අනුව ඇතුලත ඇති කඩඉරි සීමාව තුල තරු පිහිටීමේ සම්භාවිතාව 99.7 % ක් වන අතර පිටත සීමාව තුල තාරකාවන් පිහිටීමේ ප්‍රතිශතය 95.4% වනවා. (Image – Instituto de Astrofísica de Canarias (IAC) website)

අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථයේ විශාලත්වය පිළිබඳව මුලින් අනුමාන කර තිබූ මිනුම් අනුව අප දැනගෙන සිටියේ එය ආලෝක වර්ෂ ලක්ෂයක පමණ විශ්කම්භයකින් යුත් බවකි. නමුත් ස්පාඥ්ඥ හා චීන විද්‍යාඥ පිරිසකගේ පරීක්ෂණයකට වලට අනුව මෙම අගය මීට වඩා බෙහෙවින් විශාල අගයක් ගත හැකි බව පෙනී ගොස් තිබෙනවා. එම පර්යේෂණයට අනුව අප ක්ෂීරපථයේ විශ්කම්භය ආලෝක වර්ශ දෙලක්ෂයක් පමණ වන බවයි ඔවුන් පවසන්නේ. ඔවුන් පවසන ආකාරයට අපගේ ක්ෂීරපථයේ පැතලි ස්වභාවය නිසා එහි කෙලවරවල් ඉතා තුනී ස්වභාවයක් ගන්නවා. මේ නිසා මෙම ප්‍රදේශ හරියාකාරව නිරීක්ෂණය කිරීම හා ගණනය කිරීම් වලට යොදා ගැණීම ඉතා අපහසුයි.

මෙම පර්යේෂණයේදී මෙම විද්‍යාඥ පිරිස තාරකා වල ඉහල ගුණාත්මක බවකින් යුත් වර්ණාවලි අධ්‍යනයකින් පසුව එම තාරකා වල අඩංගු ලෝහ සංයුතිය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් මෙම නිගමනයට එළඹ තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.