ක්‍රමයෙන් ක්ෂීණ වන බ්‍රහස්පතිගේ මහා රතු ලපය

තාරකා විද්‍යාවට ඇළුම් කරන සෑම දෙනෙක්ම පාහේ දන්නා කියන අපේ ෂෞරග්‍රහමණ්ඩලයේ තියෙන ඉතා දැකුම්කළු සහ සුවිශේෂී පිහිටීමක් ලෙස බ්‍රහස්පති ග්‍රහයා මත තියෙන මහා රතු ලපය හඳුන්වන්න පුළුවන්. මුලින්ම වර්ශ 1830 දී නිරීක්ෂණය කරන ලද මෙම අපූරු පිහිටීම එදා සිට මිනිසාගේ කුතුහලය වඩාත් තීව්‍ර කරන ලද අංගයක් බවට පත්වුනා. එමෙන්ම මෙම විශාල කාළගුණික පද්ධතියේ විශාලත්වය ගැන සැලකීමේදී එය පෘථිවියටත් වඩා වැඩි විශ්කම්භයකින් යුතු වනවා.

Jiant red spot and Europa
වර්ශ 1979 දී බ්‍රහස්පති අසලින් ගමන් කල වොයේජර් 1 යානය මගින් ලබා ගත් මෙම ඡායාරූපයේ බ්‍රහස්පතිගේ මහා රතු ලපයත්, ඒ ඉදිරියෙන් ගමන් කරන යුරෝපා චන්ද්‍රයාත් දැකගන්න පුළුවන්. නමුත් මෙම රතු ලපයට ඉහලින් ඇති සෙවනැල්ල යුරෝපාගේ නොව තවත් විශාල චන්ද්‍රෙයක් වන අයෝ ගේ බවයි නාසා වෙබ් අඩවිය පවසන්නේ. (Image – NASA website)

ඉතා සංකීර්ණ වායුගෝලයකින් හෙබි අප සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලයේ දක්ණට ලැබෙන සුවිසල් කුණාටුවක් ලෙස පසුව විද්‍යාඥයින් විසින් මෙය හඳුනා ගන්නවා. මෙම සුවුසලි වාසුලියේ සුළං වේගය පැයට සැතපුම් 300ත් 400ති අතර විය හැකි බව විද්‍යාඥයින් ගේ පර්යේෂණ හරහා නිගමනය කර තිබෙනවා.

Jupitor
මේ වසරේදී (2018) බ්‍රහස්පති වෙත යැවුනු ජූනෝ නම් අභ්‍යවකාශ යානය මඟින් බ්‍රහස්පති ග්‍රහයා මත ඇති වායුගෝලයේ සංකීර්ණ බව නිරූපණය කෙරෙනවා. (Image – NASA Website)

වසර 400 ක පමණ කාලයක් මිනිසාගේ නිරීක්ෂනයට ලක්වන මෙම වායුගෝලීය සැකැස්ම ක්‍රමයෙන් ක්ෂීණ වෙමින් යන බව දැන් විද්‍යාඥයින් පවසනවා. ඒ අනුව ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ තවත් අවුරුදු 20 ක් පමණ ඇතුලත සමහර විටෙක මෙම මහා රතු ලපය නැත්තටම නැතිවී යා හැකි බවයි.

මුලින්ම සොයා ගත් අවදියේ සැතපුම් 35000 ක පමණ විශ්කම්භයකින් යුතුව තිබූ මෙම මහා වාසුළිය 2017 වසරේ නිරීක්ෂණයනට අනුව සැතපුම් 10159 ක් තරම් කුඩා වී තිබුණා.

(Featured image – NASA webiste)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.