beatplasticpollution

ලෝක පරිසර දිනය අදයි

වර්ශ 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූනි 5 වන දා ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන්නේ ලෝක පරිසරයට බලපාන විවිධ වූ කරුණු කාරණා කෙරෙහි ලෝකයේ අවධානය යොමුකිරීමේ එක් පියවරක් ලෙසයි. ඒ අනුව 1974 සිට අද දක්වා සෑම ජූනි 5 දිනකදීම ලෝක පරිසර දිනය සැමරෙන්නේ විවිධ තේමාවන්ගෙන් යුතුවයි.

2018 වසරේ පරිසර දින තේමාව “ප්ලාස්ටික් නිසා වන පරිසර දූෂණය පරදවමු“

මෙවර පරිසර දින තේමාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලොවටම ඉතා දරුණු ප්‍රශ්ණයක්ව පවතින ප්ලාස්ටික් නිසා සිදුවන දැවැන්ත පරිසර ප්‍රශ්ණ පිළිබඳව ලෝකයෙහි අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වනවා. මෙම තේමාව ඔස්සේ අප සැමට අපගේ ප්ලාස්ටික් භාවිතය ගැන අවධානය යොමු කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පොළඹවනවා.

Beatplasticpollution
ප්ලාස්ටික් භාවිතය අදවන විට ඉතා දරුණු පාරිසරික අර්බුධයක් බවට පත්ව අවසන් (Image Shutterstock, http://worldenvironmentday.global)

ප්ලාස්ටික් – ප්‍රයෝජන බොහෙමයි, ඒත්?

එදිනෙදා ජීවිතයේදී අප නොයෙකුත් ආකාරයෙන් ප්ලාස්ටික් ප්‍රයෝජනයට ගන්නවා. මේ නිසාම ප්ලාස්ටික් අපේ ජීවිතවල නැතුවම බැරි කොටසක් බවට පත්ව හමාරයි. මේ නිසාම ලොව පුරා දිනපතා භාවිතා වන ප්ලාස්ටික් ප්‍රමාණය අති මහත්. මේවායින් ඉතා සුළුප්‍රමාණයක් පමණක් නැවත ප්‍රතිචක්‍රීකරණයට ලක්කලද බොහොමයක් කෙලින්ම අප අවට පරිසර වලට එකතු වනවා.

 

එක්වරක් භාවිතා කොට ඉවත දමන දෑ!

අප භාවිතා කරන ප්ලාස්ටික් ආශ්‍රිත නිශ්පාදන දෙහ හැරී බැලුව හොත් ඒවායින් හරි අඩකටත් වඩා ඒකවරක් පමණක් භාවිතාකොට ඉවත දමන දෑ බව ඔබට වැටහෙනවා ඇති. ඒ අතර ප්ලාස්ටික් බෑග්, වතුර බෝතල්, බීම බට, ආහාර අසුරණ ආදිය විශේෂයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිනිත්තුවකදී අප මිලදී ගන්නා ප්ලාස්ටික් ජල බෝතල් පුමාණය මිලියන 1ක් වනවා. ඒ වගේම වසරකදී ලොව පුරා භාවිතා වන ප්ලාස්ටික් බෑග් පුමාණය ට්‍රිලියන 5ක්. මේවා සියල්ල බොහෝවිට එක්වරක් පමණක් භාවිතා කිරීමෙන් අනතුරුව එක්වන්නේ අප අවට පරිසරටයි. ඒ අනුව වසරකදී අපගේ සාගරවලට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 13ක් පමණ වෙතැයි ගනන් බලා තිබෙනවා. මේ නිසාම සාගරවල ජෛව පද්ධතීන් සෘජුවම මෙහි බලපෑමට ලක්වන අතරම මිනිසා ඇතුලු භෞමික ජීවීන්ද වක්‍රාකාරයෙන් මේ නිසා අනතුරට පත්වනවා.

ප්ලාස්ටික් තහනම් කිරීම!

මේ වන විටත් ලොව ප්‍රධාන පෙලේ රටවල් බොහොමයක් එක් වරක් පමණක් භාවිතා කරන, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඒ අතර එංගලන්තය හා යුරෝපියානු සංගමය විශේෂයි. යුරොපියානු සංගමය වර්ෂ 2025 වන විට එහි සාමාජික රටවල් තුල එක්වරක් පමණක් භාවිතාකරන ප්ලාස්ටික් බෝතල් හා බීම බට යනාදිය තහනම් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනවා.

ශ්‍රී ලංකාවද වර්ශ 2017 සැප්තැම්බර් මස සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය, වෙළඳාම හා භාවිතය තහනම් කරමින් නීති සම්පාදනය කලද එම නීති නිසිපරිදි ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැහැ.

 

 

නැවත භාවිතාකිරීමට බැරී දෑ ප්‍රතික්ෂේප කරමු!

මුළු ලොවම ඉතා දැඩි අනතුරක හෙලා ඇති මෙම ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පරිසරයට එක්වීම වැලැක්වීම සඳහා අප හැකි සෑම පයවරක්ම ගත යුතුය, එසේ නැතහොත් මෙම ප්ලාස්ටික් ඉතා දැඩි පරිසර ව්‍යවසනයක් බවට පත්වීම වැලැක්විය හැක්කක් නොවනු ඇති. එහිදී ඔබට පහත ක්‍රියාමාර්ග වලින් එකක් හෝ පිළිපැදිය හැකිනම් එය ඔබේ මතු පරපුර වෙනුවෙන් ඔබ කරන මහඟු යුතුකමක් වනු ඇති.

  • හැකි සෑම අවස්ථාවදීම ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රතික්ශේප කරමින් පරිසර හිතකාමී ආදේශක වෙත යොමුවෙමු.
  • එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට නැවත නැවතත් භාවිතා කල හැකි නිෂ්පාදන භාවිතයට හුරු වෙමු.
  • හැකි සෑම විටම ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණයට හුරුවෙමු.

 

#beatplasticpollution

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.