Marine conservation

අපේ සමුදුරු දියණිය එක්ක අපේ මුහුද ගැන සංවාදයට එක්වන්න ඔබටත් අවස්ථාව!

අපේ සමුදුරු දියණිය එක්ක අපේ මුහුද ගැන සංවාදයට එක්වන්න ඔබටත් අවස්ථාව!

ආචාර්ය ආශා ඩි වොස්(Asha de Vos) කියන්නේ ලංකාවෙන් මෙතෙක් බිහිවූ එකම සමුද්‍ර ජීව විද්‍යා වේදිනිය වනවා. විශේෂයෙන්ම ලංකාව අවට මුහුදේ වෙසෙන තල්මසුන් පිළිබඳව පර්යේෂණයන් හී නිරතවෙමින් ඇය මුලු ලෝකයේම අවධානය ශ්‍රී ලංකා මුහුදු තීරයත් එහි වෙසෙන තල්මස් ප්‍රජාවත් පිළිබඳව ලබා ගැනීමට ඇය සමත්ව තිබෙනවා.

ලංකාවේ සමුද්‍රීය පර්යේෂණයන් සහ සමුද්‍රීය අධ්‍යාපනය වෙනුවෙන්ම වූ සංවිධානයක් වන ඕෂන්ස්වෙල් (Oceanswell) සංවිධානය විසින් මෙහෙයවන අපේම සමුදුරු දියණිය ආශා ඩි වොස් මෙහෙයවන සමුදුරු සංරක්ෂණ කතිතාවත මාසිකව පැවැත්වෙන සංවාදාත්මක වැඩසටහනක්. මේ වැඩසටහනේදී අප රටට වැදගත් වන සමුද්‍රීය පාරිසරික වැදගත්කමක් සහිත මාතෘකාවක් යටතේ හරවත් සාකච්චාවක නිරත වීමට සහභාගී වන ඔබට අවස්ථාව හිමි වනවා.

ආචාර්ය ආශා පසුගිය සමුද්‍රීය ආරක්ෂණ කතිකාවතක් අතරතුර සංවාදයෙහි නිරතවෙමින්


ඕෂන්ස්වෙල් සමුද්‍රීය ආරක්ෂණ කතිකාවතෙහි මාර්තු මාසයට අදාළ වැඩසටහන අද (මැයි මස 25 ) දින සවස 6.30 ට කොළඹ යූනියන් පෙදෙසෙහි ෆොස්ටර් පටුමගෙහි මාස් නවෝත්පාදන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේදී පැවැත්වෙනවා. (Mas Innovation Center, Foster Lane, Union Place, Colombo)

සමුද්‍රීය ජීව විද්‍යාව පිළිබඳ ඇල්මක් ඇති ඔබ සැමට මේ සංවාදයත් සමග එක්වන්න පුළුවන්. ඒ සඳහා සහභාගීවීමට ඔබත් අදහස් කරන්නේ නම් info+mcc@oceanswell.org ඊ මේල් ලිපිනයට ලිපියක් යවා මෙවර සංවාදයට අදාළ පර්යේෂණ පත්‍රිකා, ලිපි ආදිය ලබා ගත හැකියි. එමෙන්ම මෙම සංවාදය සඳහා ලියාපදිංචි වීම සඳහා රුපියල් 200ක මුදලක් අය කෙරෙන අතර එය මෙම සංවාදය පැවැත්වෙන අවස්ථාවේම සිදු කල හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *