විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම යටතේ ක්‍රියාත්මක තරුණ විද්‍යාඥයින්ගේ සංසදය මගින් සංවිධානය කල විශේෂ නැනෝ තාක්ෂණය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයක් පසුගිය 23 වන දා කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

දේවි බාලිකා විද්‍යාලයේ හා අවට පාසැල් කිහිපයක සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ විශෙෂ දේශණය පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකා වයඹ විෂ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ මහාචාර්ය C A N ප්‍රනාන්දු මහතා විසිනි. මෙම දේශණය තුලදී පැමිණ සිටි සිසුසිසුවියනට නැනෝතාක්ෂණයේ ඉතිහාසය එහි පදනම් සංකල්පයන් හා විවිධ ක්ෂේත්රයන්හි නැනෝ තාක්ෂණය භාවිතා වන ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තරුණ විද්‍යාඥයින්ගේ සංසදයේ සභාපතිතුමිය වන ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ මෙය මුළුදිවයිනම ආවරණය වන පුළුල් වැඩසටහනක ආරම්භය බවත්, දිවයින පුරා පාසැල් පදනම්කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අරමුණු කොටගෙන ඇති බවත්ය.
සිසු දැරියන් 200 කට ආසන්න ප්‍රමාණයක්, පාසැල් ගුරුභවතුන් සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ නියොජිතයන් මෙන්ම තරුණ විද්‍යාඥයින්ගේ සංසදයේ සාමාජිකයින්ද මෙම විශේෂ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ.