ක්වෙන්ටම් ඩොට්ස්

අහම්බෙන් සොයාගත් පිළිකා සෛල මරුවා

අහම්බෙන් සොයාගත් පිළිකා සෛල මරුවා

ලොව මේතාක් අප දැක ඇති බොහෝ විද්‍යාත්මක සොයාගැනීම් වලින් රාශියක් සත්‍යවශයෙන්ම සොයාගනු ලැබූයේ අහම්බයන් ලෙසයි. මෙවන් අවත් එක් අහඹු සොයාගැනීමක් මෑතකදී එංගලන්තයෙන් වාර්ථාවුනා. ඒ පිළිකා සෛල විනාශ කරන නැනෝ අංශු වර්ගයක් තේ දලු වලින් ලබාගන්නා සාරය ඇසුරින් නිපදවීමට විද්‍යාඥ කණ්ඩායමක් සමත්වීමත් සමගයි.

ලෝකයේ මෑතකාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්වන එක් ක්ෂේත්‍රයක් ලෙස නැනෝ තාක්ෂණ අංශය දැක්විය හැකියි. මෙම තාක්ෂණයේදී පදාර්ථය පරමාණුක හා අණුක මට්ටමින් හසුරුවමින් නොයෙක් නිෂ්පාදනයන් සිදුකරනු ලබනවා. මෙහිදී මූලික නැනෝ ව්‍යුහයන් කිහිපයක් හඳුනාගත හැකියි. ඒවා අතර, නැනෝ නාල, බකිබෝල, ක්වොන්ටම් ඩොට්ස් වැදගත් තැනක් ගන්නවා.

ක්වොන්ටම් ඩොට්ස් කියල හැඳින්වෙන්නේ නැනෝ මීටර් 10 ට වඩා කුඩා ප්‍රමාණයේ අර්ධ සන්නායක අංශු විශේෂයක්. මේ අංශු වල විශේෂත්වය වෙන්නේ ඒවාට ආලෝකය හෝ විද්‍යුතය ලබාදුන් විට යම් විශේෂිත සංඛ්‍යාතයකින් යුත් ආලෝකයක් නිකුත් කිරීමයි. මේ විශේෂිත හැකියාව නිසා මෙම ක්වොන්ටම් ඩොට්ස් සූර්යකෝෂ, LED බලබ, රූපවාහිනී හා පරිඝණක තිර යනාදියෙහි භාවිතා කිරීම සඳහා පර්යේෂණ කෙරීගෙන යනවා. ලොව වටා විවිධ පර්යේෂණ කණ්ඩායම් විවිධ ආකාර වලින් මේ ක්වොන්ටම් ඩෝට්ස් නම් නැනෝ අංශු වීශේෂය නිපදවීමට පර්යේෂණ වල නිරත වෙද්දී එංගලන්තයේ ස්වාන්සී සරසවියේ කණ්ඩායමක් පර්යේෂණ වල නිරතවී සිටියේ තේ දලුවල සාරය ඇසුරින් මෙම ක්වෙන්ටම් ඩොට්ස් නිපදවීමටයි. එම පර්යේෂණය සාර්ථක කරගත් එම කණ්ඩායම  ඉතා පහසුවෙන් ක්වොන්ටම් ඩොට්ස් තේ සාරය ඇසුරින් නිපදවීමට සමත් වනවා.  පසුව ඔවුන් මෙම ක්වොන්ටම් ඩොට්ස් පිළිකා සෛල සමූහයකට එකතු කර නිරීක්ෂණය කරනවා. එහිදී ඔවනු සොයාගනු ලබන්නේ මෙම ක්වෙන්ටම් ඩොට්ස් පිළිකා සෛල තුලට කාවැදී එම සෛල අක්‍රිය කර දමන බවයි. එහිදී එම පිළිකා සෛල 80% කට ආසන්න ප්‍රමාණයක් විනාශවී තිබූ බව ඔවුන් පවසනවා.

Swansea University
ස්වාන්සී සරසවියේ පර්යේෂණ කණ්ඩායම, ආචාර්ය කැතරීන් සුසෑන් ඩී කැස්ත්‍රෝ, ආචාර්ය මැතිව් ලොයිඩ් සහ ආචාර්ය සුධාගර් පිචායිමුතු.

පර්යේෂණ කණඩායමේ නායක ආචාර්ය සුධාගර් පවසන්නේ මෙම පර්යේෂණය මගින් ශාක සාරයන් ආශ්‍රිතව ක්වොන්ටම් ඩොට්ස් නිපදවීමේ ඇති හැකියාව තහවුරු වූ බවයි. එමෙන්ම මෙම ක්‍රමය ක්වොන්ටම් ඩොට්ස් නිපදවීම සඳහා විශ රහිත, හානිදායක බව අඩු ආදේශක ක්‍රමයන් ලෙසත් හඳුන්වා දිය හැකි බවයි. නමුත් මෙහි ඇති විශේෂිතම සංසිද්ධිය වන්නේ මෙම ක්වොන්ටම් ඩොට්ස් මගින් පිළිකා සෛල වර්ධනය 80% ක ප්‍රමාණයක් දක්වා අඩපන කිරීමයි. මෙය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. අපේ අරමුණ වන්නේ මෙය තවදුරටත් දියුණු කර අපට හැකි සියලු භාවිතයන් ප්‍රචලිත කිරීමයි. එහිදී මෙම ක්වොන්ටම් ඩොට්ස් ජෛව ඡායාරූපකරණය සදහා යොදාගැනීමටත් ශල්‍යාගාර සදහා භාවිතා කල හැකි විශේෂ ආලේපන ආදිය නිපදවීම සඳහාත් මේ ක්වොන්ටම් ඩොට්ස් යොදාගත හැකි බව දැනට පෙනෙන්න තිබෙනවා. ආචාර්ය සුධාගර් පවසනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *