Air Polution

වායු දූශණය නිසා ලොව පුරා මිලියන 7ක් අවුරුද්දකදී මරුට – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලොව පුරා සිදුවන සීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයන් හී අතුරුඵලයක් වන වායු දූශණය මේවන විට ඉතා දරුණු සෞඛ්‍ය ප්‍රශ්ණයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පසුගියදා එම ආයතනය නිකුත්කල පුවත් වාර්ථාවක කියවුනේ ලෝකයේ සෑම පුද්ගලයන් 10 දෙනෙකු ගෙන් නව දෙනෙක්ම හුස්මගන්නේ දූශිත වාතය බවයි. එම වාර්ථාවට අනුව ලෝකයේ වායු දූශණය හා සම්බන්ධ රෝග නිසා මියයන සංඛ්‍යාව මිලියන 7 කට ආසන්න බව පැවසෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් අධානොම් පවසන්නේ, “වායු දූෂණය අප සැමටම තර්ජනයක්, නමුත් මෙහි වැඩි බලපෑම එල්ලවී ඇත්තේ දුප්පත් සහ ඌන සංවර්ධිත රටවල ජනතාවයි. වඩාත් අභාග්‍යසම්පන්න තත්ත්වයක් ලෙස මම දකින්නේ ලොව පුරා බිලියන 3කට ආසන්න ජනතාවක්, විශේෂයෙන්ම කාන්තාවන් හා ලමුන් සිය නිවෙස් තුලදීම මෙම මාරක දූශිත වාතයට නිරාවරණය වීමයි. අප හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කර නොගතහොත් අපිට තිරසර සංවර්ධන ඉලක්කයන් සැමදාමත් සිහිනයක්ම වනු ඇති”

Air Polution
දරුණු වායු දූශණ තත්ත්වයකට මුහුණ දී ඇති චීන නගරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දූශිත වාතයත් සමඟ සිරුරට ඇතුල්වන විවිධ අහිතකර අංශුන් නිසා ඇතිවන ආඝාත තත්ත්වයන්, හදවත් රෝග, පෙනහළු පිලිකා, නියුමෝනියාව වැනි ශ්වසන රෝගී තත්ත්වයන් ආදී විවිධ රෝගී තත්ත්වයන් නිසා ලොව පුරා වසරකදී මියයන සංඛ්‍යාව මිලියන 7 කට ආසන්නයි. මින් මිලියන 4.2 කය ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්ථාවන්නේ බාහිර වායු දූශණය නිසා වන අතර, තවත් මිලියන 3.8 ක ජනතාවක් මියයන්නේ ගෘහස්ථ වායු දූශණය නිසාවෙනි. මෙම මරණ අතරින් 90% කටත් වඩා වාර්ථා වන්නේ ඌන සංවර්ධිත දුප්පත් රටවලිනි. ඊට හේතු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන හැරදක්වන්නේ එම රටවල පිරිසිදු ඉන්ධන ලබා ගැනීමේ ඇති නොහැකියාව හා වායු දූශණය අඩු තාක්ෂණයන් නොමැති වීමයි.

කළු වළාවන්ගේ රිදී ඉරි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවන්ට අනුව දැන් ලෝකයේ බොහෝ රටවල් සිය වාතයේ පිරිසිදු බව ගැන අවධානය යොමුකිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව රටවල් බොහොමයක් සිය නගර වල වායු ප්‍රමිතිය මැන බැලීමටත්, වායු දූෂණය අවම කිරීමටත් පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ඔවුන් සතුව වසර 2016 දී ලබා ගත් ලොවපුරා නගර 4300 කට ආසන්න ප්‍රමාණයක වායු දූශණය හා සම්බන්ධ දත්ත තිබෙනවා. මේ දත්ත වල අනුව මෙම නගර සියල්ලේම වාතයේ අඩංගු අංශුමය පදාර්ථයන්ගේ වාර්ශික මධ්‍යන්‍යයන්  එක් කොට තිබෙන අතර මෙම දත්තයන් ඇසුරින් මේ එක් එක් නගරයන් හී වායු දූශණයන් පිළිබඳව අදහසක් ලබා ගත හැකියි.

උදාහරණයක් ලෙස කොළඹ නගරයේ මෙම දත්ත පහත පරිදි වනවා –

  • PM10  – 64 μg/m(ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සිරුරට හිතකර උපරිම අගය – 20 μg/m3)
  • PM25   – 36 μg/m(ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සිරුරට හිතකර උපරිම අගය – 10 μg/m3)

ඉහත දත්ත දෙස බැලීමේදී කොළඹ නගරයේ වාතය හිතකර මට්ටම මෙන් තුන් ගුණයක් පමණ දූශිතවී ඇති බව පෙනී යනවා. මෙම කලාපයේ සහ චීනය, අප්‍රිකාව වැනි කලාපයන්හී බහුතර නගර සංඛ්‍යාවක වායු දූශණ මට්ටම් මේ ආකාරයෙන් ඉතා ඉහල අගයයන්ගෙන් යුක්තය.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමටම මේ වන විටත් ලොව රටවල් රැසක් සිය වාය් ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා දැඩි වෙහසක් ගනිමින් සිටිති. ඒ අනුව එම රටවල් වඩාත් පරිසර හිතකාමී ඉන්ධන වෙත යොමුවීම, ඉන්ධනමගින් ක්‍රියා කරන වාහන වෙනුවට විදුලියෙන් ත්‍රියා කරන වාහන ප්‍රචලිත කිරීම, පොදු ප්‍රවාහන සේවාවල් වැඩි දියුණු කිරීම මගින් වැඩි වාහන සංඛ්‍යාවක් මාර්ග වලින් ඉවත් කිරීම අාදී පියවරයන් ඔස්සේ මේ රටවල් සිය වාතය පිරිසිදුව තබා ගැනීමට උත්සුක වනවා. උදාහරණයක් ලෙස මෙක්සිකෝසිටි නගරය වර්ශ 2025 වන විට ඩීසල් කාර් රථ භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ වායු දූශණය අවම කිරීමේ පියවරක් ලෙසයි.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වායු දූෂණය හා සෞඛ්‍ය යන තේමාව යටතේ ලෝක සමුළුවක් මේ වසරේ ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 1 යන දින වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මෙම සමුළුවේදී වායු දූශණය සම්බන්ධයෙන් ලෝක නායකයන් දැනුවත් කිරීමටත්, වායු දූශණයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට එම රටවල් පෙළඹවීමටත් බලාපොරොත්තු වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.