May night Sky

දීප්තිමත් බ්‍රහස්පති සමඟින් ලස්සනවන මැයි මස රාත්‍රී අහස

දීප්තිමත් බ්‍රහස්පති සමඟින් ලස්සනවන මැයි මස රාත්‍රී අහස

අද මැයි පළ වන දා, තවත් ඒක් මාසයක ආරම්භය, තාරකා විද්‍යාවට ආශා කරන ඔබට මේ මාසයේදී අත්දැකිය හැකි විශේෂිත සංසිද්ධි කිහිපයක් මේ මාසයේදීත් අපේ රාත්‍රී අහසේ සිදුවනවා. ඔබේ දෙනෙති හෝ දුරේක්ෂ ඇත්නම් ඒවායින් උපරිම ප්‍රයෝජන ගත හැකි මාසයක් ලෙස මේ මාසය හැඳින්විය හැකියි.

මැයි 2 වන දා- හරකාගේ ඇස සහ සිකුරු

Sky map
ILLUSTRATION BY A.FAZEKAS, SKYSAFARI (Nationalgegraphic.com)

පසුගිය කාලයේ උදෑසන අහසේ නිරීක්ෂණය කල හැකිව තිබූ සිකුරු ග්‍රහලෝකය මේ මාසයේදී බටහිර අහස ආශ්‍රිතව නිරීක්ෂණය කල හැකියි. ඉදිරි දිනවලදී මෙම ලස්සන ග්‍රහලෝකය අපේ බටහිර අහසේ ක්‍රමයෙන් ඉහලට ගමන් කරන අයුරු ඉර බැස යාමත් සමඟ නිරීක්ෂණය කරන්න පුළුවන්. මැයි දෙවන දා ඉර බැසයාමත් සමග සිකුරු ග්‍රහලොව වෘෂභ තාරකා රටාවේ හරකාගේ ඇස නියෝජනය කරන ඇල්ඩෙබ්රන් නමින් හැඳින්වෙන දීප්තිමත් තරුව ආසන්නයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.

 

මැයි 4 වන දා – දුනුවායා, සෙනසුරු සහ සඳ

Sky map
ILLUSTRATION BY A.FAZEKAS, SKYSAFARI (Nationalgegraphic.com)

මැයි 4 වන දා පාන්දර අවදිවන ඔබට මේ තුන් ඈඳුතු එකමුතුව නැගෙන හිර අහසේ  මදක් ඉහලින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහිදී ධනු රාශිය නියෝජනය කරන තරු රටාව ආසන්නයේම සඳ සහ සෙනසුරු ග්‍රහලොව නිරීක්ෂණය කරන්න පුළුවන්.

මැයි 5 දා – ඊටා ඇක්වරිඩ් උල්කාපාත වර්ශාව

meteor shower
Nasa Jet Propulsion Lab

මැයි 5 දා මධ්‍යම රාත්‍රිය ආසන්නයේ සිට පසුවදා උදෑසන දක්වාම මේ උල්කාපාත වර්ශාව නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ උල්කාවන් අහසේ ඇක්වරිඩ් තාරකාරටාව කේන්ද්‍ර කරගනිමින් හටගන්නා නිසා ඊට මේ නම ලැබී තිබෙනවා. මේ උල්කාපාත වර්ශාව වඩාත් ප්‍රචලිතව ඇත්තේ වසර 76කට වතාවක් පොළොව වටා ගමන් කරන හේලිගේ ධුම කේතුව මගින් නිකුත් කරන ලද කුඩා අංශූන් උල්කාපාත ලෙස පොළොව හා ගැටෙන නිසයි. මෙම උල්කාපාත වර්ශාවේදී පැයකට උල්කාපාත 30 ක් පමණ දැකගත හැකි වේයැයි විද්‍යාඥයින් අනුමාන කරනවා.

 

 මැයි 8 දා – හිරු පවුලේ යෝධයා හිරු, පෘථිවිය හා එක පෙලට

Jupitor

මෙදින බ්‍රහස්පති හිරු බැසයාමත් සමඟම නැගෙනහිරින් පායා මධ්‍යම රාත්‍රිය වන විට අහසේ මුදුන් වේ. මෙදින බ්‍රහස්පති පෘථිවියට සැතපුම් මිලියන 409 ක් දුරින් පිහිටයි. පසුගිය වසරට සාපේක්ෂව මෙය සැතපුම් මිලියන 5 කින් පෘථිවියට ආසන්න වීමකි. එම නිසා මෙදින බ්‍රහස්පති ග්‍රහයා ඉතා විශාලවත් දීප්තිමත්වත් නිරීක්ෂණය කරන්න පුළුවන්. දුරේක්ෂ ඔස්සේ බ්‍රහස්පති නිරීක්ෂණය කරන්නන් හට ඉතා පැහැදිලිව බ්‍රහස්පති නිරීක්ෂනය කරන්න අවස්ථාව මෙදින ලැබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ දෙනෙතියක් හරහා වුවත් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් සිව් දෙනෙක් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කරන්න ඔබට පුළුවන්.

 

මැයි 17 දා – සිකුරු සහ සඳ එක ළඟ

Venus and Moon
ILLUSTRATION BY A.FAZEKAS, SKYSAFARI (Nationalgeographic.com)

මැයි 17 වන දා හිරු බැස ගිය පසු බට හිර අහසේ මේ ලස්සන එක්වීම ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.

 

මැයි 27 දා – සිංහයාගේ කන ගාවින් ගමන් කරන හඳ

Regulas-moon
ILLUSTRATION BY A.FAZEKAS, SKYSAFARI (Nationalgeographic.com)

මෙදින හිරු බැසගිය පසු බටහිර අහසේ ඉහලින් මේ අපූරු සංසිද්ධිය දැක බලා ගන්න ඔබට පුළුවන්. මෙහිදී සිංහ තාරකා රටාවේ දීප්තිමත්ම තාරකාව වන රෙගියුලස් තාරකාව අසලින්ම සඳ ගමන් කරන ආකාරය නිරීක්ෂණය කරන්න අපට අවස්තාව සැලසෙනවා.

 

මැයි 26 දා – සඳ සමගින් එක්වන බ්‍රහස්පති

Jupitor
ILLUSTRATION BY A.FAZEKAS, SKYSAFARI (nationalgeographic.com)

අහසේ තරු අතරින් නැගෙන හිර දෙසට ගමන් කරන සඳ මීළඟට හමුවන්නේ බ්‍රහස්පති ග්‍රහයායි. මෙදින බ්‍රහස්පති, සඳ හා කන්‍යා තාරකා රටාවේ ධීප්තිමත්ම තරුව ස්පයිකා එක්ව ලස්සන ත්‍රිකෝණයක් අහසේ නිර්මාණය කරන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්.

 

මැයි 31 දා – සෙනසුරු සමඟින් දෙවන වරටත් එක්වන සඳ

Saturn
Image – wikimedia.com

26 වනදා බ්‍රහස්පති අසලින් ගමන් කල සඳ  අහසේ තවදුරටත් නැගෙනහිර දෙසට ගමන් කරමින් සෙනසුරු ග්‍රහලොව හමුවන්නේ 31 වනදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *