ප්ලාස්ටික් පරිසර දූෂණය

ප්ලාස්ටික් නිසා වැනසෙන ලෝකය බේරා ගනිමු- මිහිකත දිනය 2018

වර්ශ 1969 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍ර්‍රාන්තයේ සැන්ටා බාබරා ප්‍රදේශයෙන් දැවැන්ත තෙල් කාන්දුවක් වාර්ථා විය. මෙහිදී තෙල් එකතු වීම නිසා එම කලාපයේ අති දැවැන්ත පරිසර හානියක් සිදු විය. මේ දැවැන්ත විනාශය දුටු විස්කොන්සින් ප්‍රාන්ත සෙනෙට් සභික ගේලා්ර්ඩ් නෙල්සන් ජනතාව ඊට එරෙහිව පෙළ ගස්වන්නට සමත් වූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස 1970 අප්‍රිෙයල් 22 වන දා ඇමරිකාව පුරා මිලියන 20 කට අධික ජනතාවක් වීදී බැස පරිසර දූෂණයන්ට එරෙහි උද්ගෝෂණ හා විරෝධතා ව්‍යාපාර වල යෙදෙමින් පරිසර දූෂණයට එරෙහිව විශාල හඬක් නංවන්නට සමත් විය. එදා සිට අද දක්වා සෑම වසරකම අප්‍රිෙයල් 22 වන දා ලොව සෑම රටක්ම පාහේ අප්‍රියල් 22 මිහිකත දිනය ලෙස සමරන්නට කටයුතු යෝදා තිබේ. ඒ අනුව මිහිකත දිනයේදී පරිසරය රැක ගැනීම හා සම්බන්ධ නොයෙක් ක්‍රියාකාරකම්, දැනුවත් කිරීම්, රුක් රෝපන ව්‍යාපෘති ආදී වැඩසටහන් ගණනාවක් ලොව පුරා සංවිධානය වේ.

Earth day network

මේ වසරේ මිහිතල දින තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ “ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවසන් කරමු“ යන්නයි. ඒ අනුව මේ වසරේදී මිහිකත දින තේමාව යටතේදී ප්ලාස්ටික් නිසා පරිසරයට හා මිනිසාට සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් එම හානි අවම කරගැනීම සඳහා ජනතාව හා පාලකයන් යොමු කරවීමට අදාළ වැඩසටහන් රැසක් ලොව පුරා සංවිධානය වී අවසන්.

මේ වන විට අප එදිනෙදා භාවිතා කරන භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල, ප්ලාස්ටික් මළු, ආදී නොයෙක් දෑ පරිසරයට එක්වෙමින් මිහිමත වෙසෙන මිනිසා ඇතුළු සියළු ජීවීන් හට තර්ජනයක් වෙමින් පවතියි. විහේෂයෙන්ම අප බැහැරකරන ටොන් ගනන් ප්ලාස්ටික් අප අවට ජල ප්‍රභව වලට එක් වෙමින් අවසානයේ මුහුද කරා ළඟා වන අතර, එහිදී  මෙම ප්ලාස්ටික් ඉතා සෙමෙන් ජීර්ණය වෙමින් කුඩා ප්ලාස්ටික් අංශු ජලයට මුසු වේ. මේවා ආහාර දාම හා ජාල ඔස්සේ පැතිරෙමින් අවසානයේ අප සිරුරු තුලම අවසානයේ තැන්පත් වීමේ අවදානමක් පවතියි. මෙසේ ප්ලාස්ටික් වල අඩංගු රසායනිකයන් සිරුරේ තැන්පත් වීම නිසා නොයෙක් සෞඛ්‍යමය ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව විද්‍යාඥයින් මේවනවිටත් සොයාගෙන තිබේ. ඒ අතර පිළිකා වැනි භයානක රෝගාබාධ මෙන්ම සිරුරේ හෝමෝන මට්ටම වෙනස්වීම නිසා සිදුවන රෝගී තත්ත්වයන්, අඩුවයසින් ලිංගික පරිණතියට පත්වීම වැනි ගැටළු දැක්විය හැක.

මෙවර මිහිකත දින තේමාව යටතේ ප්‍රධාන අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන බව මිහිකත දින සංවිධායක ජාලය සඳහන් කරයි. ඒවා නම්,

  • ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂනය මැඩලීම සඳහා ගෝලීය මට්ටමේ නීති රාමුවක් සැකසීම සඳහා බිම් මට්ටමේ ජනතා ව්‍යාපාරයක් ඇරඹිම හා නායකත්වය ලබා දීම
  • ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය පාලනයටත් දැනට එක්ව ඇති ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීමටත් රජයයන් යොමු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා ඒ සඳහා ඔවුන් පෙළ ගැස්සවීම
  • 4R සංකල්පය (Reject – ප්‍රතික්ෂේප කිරීම, reduce – භාවිතය අවම කිරීම, Reuse – නැවත භාවිතා කිරීම, Recycle – ප්‍රතිචක්‍රී කරණය) ජනතාව අතර ප්‍රචලිත කරමින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම ජනතාවගේද වගකීමක් බවට දැනුවත් කිරීම.
  • ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූශණය අවම කිරීම සඳහා ප්‍රාදේශීය පාලන තන්ත්‍රයන් සහ නීති සම්පාදකයින් උනන්දු කරවීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.