තාක්ෂණ සිහිනයන් යථාර්තයන් කරන ටෙස්ලා!

තාක්ෂණ සිහිනයන් යථාර්තයන් කරන ටෙස්ලා!

ලෝකයේ අද සිටින සුපිරිම චින්තකයෙක් හා නවමු මගක යන ව්‍යවසායකයෙකු ලෙස එලන් මස්ක් හඳුන්වන්න පුළුවන්. ZIP2 නම් මෘදුකාංග සමාගමකින් සිය ව්‍යාපාරික ගමන අරඹන එලන් මස්ක් අනතුරුව පේපෑල් අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රමය ලොවට හඳුන්වා දෙනවා. මේ සමඟම එලන් මස්ක්ගේ චින්තනයන් ලෙස තවත් නව සමාගම් රැසක් ලොවට බිහිවනවා. අභ්‍යවකාශ සේවා සපයන ස්පේස් එක්ස්, අධිවේගී ප්‍රවාහන සේවාවන් සපයන නල පද්ධතියක්වන හයිපර්ලූප්, සූර්ය බලශක්තිය ඇසුරින් විදුලිය නිපදවන කාර්යක්ෂම පද්ධතියක්වන සෝලාසිටි මේ සමාගම් අතරින් කිහිපයක්. 

Tesla


එලන් මස්ක් නම් වූ මේ සුපිරි නව නිපැයුම්කරුවාගේ නව නිපැයුම් ආශ්‍රිත නිශ්පාදන සිදුකරන එක් ප්‍රධාන ආයතනක් ලෙස ටෙස්ලා හඳුන්වා දෙන්න පුළුවන්. ටෙස්ලා ආයතනය මගින් ලෝකයේ දැනට භාවිතාවන දියුණුම තාක්ෂණයන් රැගත් වාහන නිපදවීම සිදුකරනවා. පසුගිය 17 වන දා එලන් මස්ක් ටෙස්ලා ආයතනයේ නවතම නිෂ්පාදනයන් දෙකක් ලොවට හඳුන්වා දුන්නා. ඒ ටෙස්ලා රෝඩ්ස්ටර් මෝටර් රථය හා සෙමි ට්‍රක්රථයයි.
ටෙස්ලා රෝඩ්ස්ටර්
ටෙස්ලා සමාගමේ මෝටර් රථ පෙලෙහි තුන්වැන්න ලෙස රෝඩ්ස්ටාර් මොඩලය හඳකුන්වාදෙන්න පුළුවන්. මීට පෙර මොඩල් S, මොඩල් X හා මොඩල් 3 යන මෝටර් රථ ටෙස්ලා ආයතනය හඳුන්වා දී තිබුනා. මේ සියලුම මෝටර් රථ විදුලියෙන් පමනක් ධාවනය වන ඒවා වන අතර දැනට ලොව ඇති දියුණුම නිෂ්පාදන තාක්ෂණයන්ගෙන් මෙම වාහන බලගැන්වී තිබුනා. මෙම මෝටර් රථ පෙලෙහි සිව්වැන්න ලෙස 17 වන දා එළි දැක්වූ රෝඩ්ස්ටර් රථයේ විශේෂත්වයන් පහත පරිදි දක්වන්න පුළුවන්

roadster


උපරිම වේගය – පැයට සැතපුම් 250 ට වැඩි, ( පැයට කිලෝමීටර් 400 කට ආසන්න අගයක්)
ත්වරණය – පැයට සැතපුම් 1 සිට 60 දක්වා තත්පර 1.9 කදී

මෙම රථය 2020 දී වෙළඳපොලට ඉදිරිපත් කරන බව එලන් මස්ක් පවසනවා. මෙම රථය මිලදී ගන්න ඔබත් අදහස් කරනවානම් ඒ සඳහා ඇමරිකන් ඩොලර් ලක්ෂ දෙකක් වැයවනු ඇති (බදු රහිතව රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක්).

ටෙස්ලා සෙමි 

ටෙස්ලා සමාගම විසින් නිපදවනු ලැබූ පළමු භාණ්ඩ ප්‍රවාහන ට්‍රක්රථය වන්නේ මෙම රථයයි. තන්කරම විදුලි බලයෙන් ධාවනය කරන මෙම රථය 2019 දී වෙළඳපොලට පැමිණිමට නියමිත අතර මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 800 කට ආසන්න දුරක් ගමන් කල හැකි පරිදි නිපදවා තිබෙනවා. මෙම රථයටත් ඉහල ත්වරණ හැකියාවක් ඇති අතර එය පැයට සැතපුම් 1 සිට 60 දක්වා වේගයක් ළඟාකරගැනීමට ගතවෙන්නේ තත්පර 5ක් පමණයි. මෙම ට්‍රක් රථයද ටෙස්ලා මෝටර් රථවල ඇති දියුණු තාක්ෂණයන් බොහොමයක් සහිතව නිපදවා ඇති අතර අධිවේගී මාර්ගයන්හී රියදුරු රහිතව ස්වයංධාවන ඇකියාවෙන්ද යුක්තවනු ඇති. 

Tesla Semi

එලන් මස්ක්ගේ මෙම නව නිෂ්පාදනයන් සියල්ල ලෝකයේ ඛණිජ තෙල් භාවිතය පහත හෙලීම සඳහා මහඟු දායකත්වයක් සපයනු ඇති බව බොහෝ දෙනා අදහස් පල කරනවා. දැනට මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රෙය් විදුලි මෝටර් රථ කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරවන්නට මෙම ටෙස්ලා නිෂ්පාදනයන් සමත්ව ඇති අතර මේ නිසාම වාහන නිෂ්පාදන ක්ෂේත්‍රෙය් ඇතිව තිබෙන තරඟය ඉතා ඉහල යාමට මෙම ටෙස්ලා නිෂ්පාදනයන් ඉහල දායකත්වයක් දකවන බව පෙනෙන්නට තිබෙන කාරණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *