අහම්බයකින් සොයාගත් ප්ලාස්ටික් ජීරක එන්සයිමය

අප එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය අතරින් බොහෙමයක් ප්ලාස්ටික් වලින්සෑදූ එවායි. මෙම ප්ලාස්ටික් භාවිතය මුළු ලොවටම බලපාන බරපතල පාරිසරික ප්‍රශ්ණයක්ව ඇත්තේ ඒවා ජීර්ණය වීම සාමාන්‍ය පරිසරය්දී සිදු නොවන නිසායි. මේ හේතුව නිසාම ලොව ඇතැම් රටවල් පලාස්ටික් භාවිතය සීමාකිරීමට පවා පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ලොව පුරා විද්‍යාඥයින් ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ප්‍රායෝගික ක්‍රමයක් සොයා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් පර්යේෂණ වල නිරත වෙමින් සිටිනවා.

මෙවන් එක් පර්යේෂණ කණ්ඩායමක් මීට කලකට පෙර සොයා ගත් පෙට්-ඒස් නැමති ප්ලාස්ටික් ජීර්නණය කිරීමේ හැකියාව ඇති එන්සයිමයක අණුක ස්වභාවය පිළිබඳව පර්යේෂණවල නිරතව සිටියා. මෙහිදී ඔවුන් අතින් සිදු වූ අත්වැරදීමක් නිසා එන්සයිමයේ අණුක සැකැස්මේ යම් වෙනසක් ඇතිවී තිබුණා, පසුව ඔවුන් සොයා ගත්තේ මෙසේ අණුක ස්වභාවය වෙනස් වූ මෙම එන්සයිමය පෙර තිබූ මූලික එන්සයිමයට වඩා ක්‍රියාකාරී බවයි. ඒ අනුව මෙම එන්සයිමය මුල් එන්සයිමයට වඩා 20% ක ක්‍රියාකාරීත්වයේ වැඩි බවයි මෙම පරියේෂණ කණ්ඩායම පවසන්නේ. 

Pet Ase
පෙට් ඒස් එන්සයිමය මගින් ප්ලාස්ටික් බෝතල් සාදා ඇති පෙට් (PET) ප්ලාස්ටික් වර්ගය එහි මූලික සංයෝගයන් බවට බිඳ හෙලන අයුරු(image – pnas.org)


සිසිල් බීම බෝත්ල් නිපදවීමට හොදාගන්නා පොලි එතිලීන් ටෙරප්තලේට් (PET) නම් වූ ප්ලාස්ටික් වර්ගය ජීර්ණය කරන එන්සයිමයකුයි මෙලෙස වැඩිදියුණු කිරීමට මෙම පර්යේෂණ කණ්ඩායම සමත් වුනේ. මේ පිළිබඳව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ මෙම තීරණාත්මක සොයා ගැනීම මෙවන් එන්සයිම තවදුරටත් වැඩිදියුණු කිරීමේ පර්යේෂණ සඳහා ඉවහල් වන බවයි.
මෙම පර්යේෂණයට අඳාල පර්යේෂණ පත්‍රිකාව පහත දිගුව හරහා ඔබට නියවිය හැකියි,
http://www.pnas.org/content/early/2018/04/16/1718804115

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.